The Leader News
BREAKING
Top Ad
Opinion

රන්වල ප්‍රශ්ණය ගැන තවදුරටත් - (උවිඳු කුරුකුලසුරිය)

T

The Leader Desk

December 10, 2024 • 4:23 PM

රන්වල ප්‍රශ්ණය ගැන තවදුරටත් - (උවිඳු කුරුකුලසුරිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැත්තං සමාජය බලකරන්න ඕන ඉල්ලා අස්වීමට කියල.
  • පලවෙනි පාර 1998දි වෙළඳ ඇමති වෙලා ඉන්න ගමන්, එයා ගත්ත නිවාස ණයක් ගැන එලිදරව් නොකිරීම නිසා.
  • පස්සෙ ආයෙ 2001දි හෝම් සෙකට්‍රි වෙලා ඉන්න ගමන් පාස්පෝට් ඇප්ලිකේශන් එකක් ගැන තමන් ගේ බලය පාවිච්චි කරල හෝම් ඔෆිස් එකට බලපෑම් කිරීම නිසා.
  • බ්ලෙයා බලයට ගෙනාපු ෆෝසස් ගැන මට තිබ්බ අවබෝධය නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):
නැත්තං සමාජය බලකරන්න ඕන ඉල්ලා අස්වීමට කියල.

ඒත් මම දන්න කතාවක් ගැන කියන්නම්; මොකද මම බ්ලෙයාර් පාලනය ගැන සෑහෙන්න අධ්‍යයනය කරල තියෙන නිසා මේ ගැන කියන්නම්:

පීටර් මැන්ඩෙල්සන් කියන්නෙ තදම තද බ්ලෙයාර්වාදියෙක්. ටෝනි බ්ලෙයාර්ගෙ හොඳම යාලුවෙක්. ඔක්ස්ෆර්ඩ් උපාධිදාරියක්. බ්ලෙයාර් බලයට පත්වෙන්න ඉස්සෙල ලේබර් පක්‍ෂයේ කමියුන්කේෂන් ඩිරෙක්ටර්. පීටර්ට තමා පලවෙනි වතාවට Spin Doctor කියන නම වැටුනෙත්.

ඒත් බලයට පත්වෙලා ප්‍රාධන ලේකම්කම් (ලංකාවෙ විදියට නම් ඇමතිකම්) දැරුව. ඒත් මිනිහට කැබිනට් එකෙන් දෙපාරක්ම ඉල්ලා අස්වෙන්න උනා බ්ලෙයාර්ගෙ කොච්චර යාලුව උනත්. රටේ මාධ්‍ය සහ ජනතාවගෙන් ආව පීඩනය නිසා.

පලවෙනි පාර 1998දි වෙළඳ ඇමති වෙලා ඉන්න ගමන්, එයා ගත්ත නිවාස ණයක් ගැන එලිදරව් නොකිරීම නිසා. ඒ මැන්ඩෙල්සන් ලැදියාවන්ගේ ගැටුම එලිදරව් නොකිරීම නිසා. ඉස්සෙලම එයා කිසිම වරදක් කළේ නැහැ කිය කිය හිටියෙ. නමුත් දවස් කීපයකින්ම ඉල්ලා අස්වෙන්න උනා.

පස්සෙ ආයෙ 2001දි හෝම් සෙකට්‍රි වෙලා ඉන්න ගමන් පාස්පෝට් ඇප්ලිකේශන් එකක් ගැන තමන් ගේ බලය පාවිච්චි කරල හෝම් ඔෆිස් එකට බලපෑම් කිරීම නිසා. එයා යටතේ තියෙන හෝම් ඔෆිස් එකට එක කෝල් එකක් දීම නිසා.

මේ දෙකම නිතී විරෝධී වැඩ නෙමෙයි සදාචාරමය වැරදි.

අනුර වෙනුවෙන් මම වැඩ කළෙත් යාලුකමට නෙමෙයි. බ්ලෙයා බලයට ගෙනාපු ෆෝසස් ගැන මට තිබ්බ අවබෝධය නිසා. එයා වගවීමට බැඳල තියෙන්නෙ. එයාට නිකන් ගැලවීමක් නැහැ දැන්.

2001දි පීටර්ට ඉල්ලා අස්වෙන්න බලකරනකොට මම පබ් එකක තනියම බිබී හිටියෙ. මිනිස්සු ඌට බනිනව මේ බැල්ලිගෙ පුතා ආණ්ඩුව කනව කියල. මාර කතා කිව්වෙ. තිත්ත කුණුහරපෙන් සාකච්ඡා.

අනුරතන්ත්‍රයෙන් මහජනයා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ සදාචාරමය පාලනය. බ්ලේයාර් කියන්නෙත් දශක ගානකින් ලේබර් පක්‍ෂය බලයට ගෙනාපු කෙනා.
අනුර කියන්නෙ ලංකාවෙ ඊටත් වඩා සුවිෂේශ නායකය. ලංකාවේ බලය සම්පුර්ණයෙන් වෙනස් කරපු කෙනා.

දැන් මේ කතානායක ප්‍රශ්ණෙත් එහෙමයි. ඒක තේරුම් ගන්න අනුරටවත්, ඒ කතානායකටවත් බැරි නම් දෙයියන්ගෙ පිහිටයි!

එක්කො රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන, නැත්තම් අනුර කියන්න ඕන එයාට ඉල්ලා අස්වෙන්න කියල.

Uvindu Kuru(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

ආචාර්ය උපාධිය ගැන කථානායකවරයා ප්‍රතිචාර දක්වයි
 
sdrte4543
 
කථානායක අසෝක රංවල ට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජය තුළ මතභේදාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ.

විපක්ෂයේ පාර්ශ්ව පෙන්වා දෙන්නේ කථානායකවරයා තමාට සැබෑ ලෙසම ආචාර්ය උපාධියක් ඇත්දැයි තහවුරු කර පෙන්විය යුතු අතර රජය මෙම සමාජ සැකය දුරු කළ යුතු බවය.

කථානායක අසෝක රංවල මහ මැතිවරණයට තරග කිරීමටත් පෙර ඔහු පිළිබඳ කෙරෙන හැඳින්වීම්වලදී ආචාර්ය යන පදවිය භාවිත කෙරුණු අතර ඔහු කථානායක ධුරයට පත්වීමෙන් පසුවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහුගේ නම ආචාර්ය අසෝක රංවල ලෙස සටහන් කර තිබුණි.

කෙසේවෙතත් ඔහු ට නීත්‍යනුකූලව ලැබුණු පිළිගත් ආචාර්ය පදවියක් නොමැති බවට විශ්වාවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ කිරීමත් සමග සමාජයේ විවාදයක් නිර්මාණය විය.

ඒ සමග මේ වනවිට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්ද ඔහුගේ නමට ඉදිරියෙන් තිබූ ආචාර්ය කොටස ඉවත් කර තිබීම නිසා ඒ පිළිබඳ විවිධ පාර්ශ්ව සැක පළ කරයි.

මේ පිළිබඳව කථානායක අසෝක රංවල ගෙන් අද දෙරණ විමසූ විට ඔහු පවසා සිටියේ, තමා නිසි අවස්ථාවේ මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වන බවය.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...