The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ගේ හොඳම පුතා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

December 11, 2024 • 5:03 AM

රනිල්ගේ හොඳම පුතා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාංචන වැන්නවුන් රනිල් වෙනුවෙන් වැඩ කළේ 2022 න් පසුවය.
  • රනිල් අනුප්‍රාප්තික ජනාධිපති කිරීම සඳහා සැබැවින්ම ඔවුන් පළමුව දැඩි ලෙස විරුද්ධ විය.
  • ඔහු මුල සිටම රනිල්ගේ සුජාත පුතෙකි. 2015 ඊනියා යහපාලනය හරහා රනිල්ට රාජ්‍ය බලය අල්ලා දීමට නිර්මාල් දේවසිරි FUTA එක පවා කඩේ යැව්වේය.
  • එමෙන්ම 2022 නැවතත් රනිල්ට රාජ්‍ය බලය අල්ලා දීම වෙනුවෙන් නිර්මාල් ගෝල්ෆේස් එකේ කූඩාරම් ඇතුළේ නොකළ දෙයක් නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):

කාංචන වැන්නවුන් රනිල් වෙනුවෙන් වැඩ කළේ 2022 න් පසුවය. රනිල් අනුප්‍රාප්තික ජනාධිපති කිරීම සඳහා සැබැවින්ම ඔවුන් පළමුව දැඩි ලෙස විරුද්ධ විය. රනිල් වෙනුවෙන් ඡන්දය දීමට ඔවුන් කැමති කරවා ගත්තේ මහත් අමාරුවෙන්ය. එබැවින් ඔවුන් රනිල්ගේ පුත්තු වුණේ මෑතකදීය. නමුත් නිර්මාල් දේවසිරි එසේ නොවේ. ඔහු මුල සිටම රනිල්ගේ සුජාත පුතෙකි. 

2015 ඊනියා යහපාලනය හරහා රනිල්ට රාජ්‍ය බලය අල්ලා දීමට නිර්මාල් දේවසිරි FUTA එක පවා කඩේ යැව්වේය. එමෙන්ම 2022 නැවතත් රනිල්ට රාජ්‍ය බලය අල්ලා දීම වෙනුවෙන් නිර්මාල් ගෝල්ෆේස් එකේ කූඩාරම් ඇතුළේ නොකළ දෙයක් නොමැත. නැවතත් 2024 ජනපතිවරණයෙන් රනිල් දිනවීම සඳහා නිර්මාල් මාලිමාව වෙනුවෙන් කඩේ ගියේය. වෙනකක් තබා පෙසපට හේත්තු වී සිටි දර්ශනයක් නැති විදර්ශන කන්නන්ගර වැන්නවුන් උදේ හවහා බ්‍රේන්වොෂ් කර ගැලෙව්වේය.

 

රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක් වේද? -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

නමුත් 2024 දිනුවේ අනුර නේද? කියා ඔබ අසනු ඇත. ඒ ඔබේ දේශපාලන කියවීමේ සීමාවයි. ලංකාවේ ජනතාවට මෙම ව්‍යුහාත්මක දේශපාලන දැනුම නැත. 2024 දිනුවේත් රනිල්මය. අද ක්‍රියාත්මක වෙන්නේ කාගෙ IMF වැඩසටහනද? කාගෙ ආර්ථික වැඩපිළිවෙළද? කාගෙ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියද? පුටුවේ ඉන්නේ අනුර වුණාට ඔහු ක්‍රියාත්මක කරන්නේ රනිල්ගේ ප්‍රතිපත්තියයි. ඔය “රනිල්ගේ පුත්තු” යනුවෙන් මා සරදමට ලියන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති හෙවත් බටහිර ගැති, නව ලිබරල්, ප්‍රභූත්ව, වෝක් සංකෘතික, බෙදුම්වාදී, ෆැසිස්ට් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ය. “රනිල් ගිහිල්ලා රනිල් ඇවිල්ලා” කියන්නේ ඒකය.

එබැවින් රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නොවෙනස්ව අඛණ්ඩව නිශ්චිතව කටයුතු කළ අය අතරින් අග්‍ර ස්ථානය ලැබිය යුත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් දේවසිරිටය. X කණ්ඩායමේ දීප්ති කුමාර, රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ෆේක් නාමල් කෙනෙකුව සිය සමබිම පක්ෂයේ අපේක්ෂක කිරීම වැනි ගොන් ආතල් සිඟිති වැඩ කරන විට නිර්මාල් දේවසිරි ඉතාම බුද්ධිමත්ව රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත ව්‍යාපාරයක් මෙහෙයවුයේය. චින්තන ධර්මදාසලා අජිත් පැරකුම්ලා බොළඳ ෆේස්බුක් කැම්පේන් කරන විට රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාල් ඉතාම උපාය මාර්ගිකව කටයුතු කළේය. එබැවින් ඔහුගේ සියලු පුතුන් අතරින් රනිල්ගේ හොඳම පුතා වන්නේ නිර්මාල් දේවසිරිය. දිස් ඉස් පොලිටික්ස්.

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

eranda.ginige@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...