ඔහු මෙම අදහස ප්‍රකාශ කළේ මීට වසර හයකට පමණ පෙර සිරස නාලිකාවෙහි පැවති ‘සටන’ වැඩසටහනට සහභාගි වෙමිනි.
එමෙන් ම මීට වසර තිහකට පමණ පෙර දීප්ති, වී වෙනුවට රෝස සංකල්පය මෙරටට හඳුන්වා දුන් අතර බොහෝ දෙනකු එය සමච්චලයට ලක් කළහ. නමුත් අද දක්වාම දීප්ති ප්‍රමුඛ සමබිම පක්ෂය එම ස්ථාවරයේම සිටී.
එදා දීප්ති කුමාර ගුණරත්නට සිනාසුණු බොහෝ දෙනෙකුට වසර හයකට පමණ පසුත් අද වන විට ඔහු සමග එකඟ වීමට සිදුවී ඇත.
එදා සටන වැඩසටහනේ දී දීප්ති කුමාර ගුණරත්න පළකළ අදහස් සහ එම අදහස් හමුවේ ජ.වි.පෙ. ඇතුළු සියල්ලන් නිරුත්තර වූ ආකාරයට ම වර්තමානයේ පවතින සහල් ගැටලුව හමුවේ ද සියල්ලන්ම නිරුත්තර වී සිටී. විශේෂයෙන්ම මෙම වැඩසටහන සහභාගී වූ වර්තමාන පාලක පන්තිය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න ට ද කෘෂිකාර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වී වෙනුවට රෝස වෙතට යෑම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නැත.
මතු පළවන්නේ මීට වසර හයකට (2018 දි පමණ) පමණ පෙර දීප්ති කුමාර ගුණරත්න සිරස මාධ්‍ය නාලිකාවේ සටන වැඩසටහනට සහභාගි වූ අවස්ථාවේ දී අනාගතයේ කෘෂිකාර්මය වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් පළ කළ අදහස් ය.



