The Leader News
BREAKING
Top Ad
Opinion

'වැල් පාලමේ යනවාටත් වඩා දුෂ්කර වැඩක්' - (අශෝක හඳගම)

T

The Leader Desk

December 12, 2024 • 5:27 AM

'වැල් පාලමේ යනවාටත් වඩා දුෂ්කර වැඩක්' - (අශෝක හඳගම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • NPP යත් ඒ අතින් වෙනස් නොවෙයි.
  • ඉන්දියාව 1992 න් පසු එසේ කළේය.
  • ඒ නිසා, ඒ බව දන්නා කියන අයගෙන් දැනගෙන ආණ්ඩුව කරබාගෙන හිටියේය. ඉන්දියාවෙන් හාල් රුපියල් 135 ට ගෙනත් දිය හැකි බව පැවසීම තව එකකි.
  • ඉන්දියාවේ ගොවියන් නිකං හාල් දුන්නත් රුපියල් 135 ට දෙන්නට බැරිය.
අකුරු ප්‍රමාණය (Font Size):

NPP යත් ඒ අතින් වෙනස් නොවෙයි. ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරත් දුන්නේය. ඒවා අසා පුරුදු පරණ ඒවාම නිසා ඒවා ඉටුකරතැයි ජනතාව බලාපොරොත්තු වූයේ නැත. 

 

IMF: 'ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ නොවෙනස්ව පවත්වාගෙන යාම වැදගත්'
IMF එකෙන් අයින් වෙනවා යැයි පැවසීම එකකි. එසේ අයින් වුනා නම් හොම්බෙන් යනවාය. IMF එකෙන් අයින් විය යුතුය. ඉන්දියාව 1992 න් පසු එසේ කළේය. ඒත් අපට මේ ඊට වෙලාව නොවෙයි. අපේ ආර්ථිකය තවමත් දුර්වලය. ඒ නිසා, ඒ බව දන්නා කියන අයගෙන් දැනගෙන  ආණ්ඩුව කරබාගෙන හිටියේය. 

ඉන්දියාවෙන් හාල් රුපියල් 135 ට ගෙනත් දිය හැකි බව පැවසීම තව එකකි. ඉන්දියාවේ ගොවියන් නිකං හාල් දුන්නත් රුපියල් 135 ට දෙන්නට බැරිය. ආණ්ඩුව වගබලා ගත යුත්තේ හිඟයක් ඇති නොවන පරිදි සහල් වෙළඳපොළ පවත්වාගෙන යෑමය. ලංකාවේ වෙළඳ පොළට වඩා අඩු මිලට පාරිභෝගිකයාට සහල් ලබා දිය හැකි නම්, ආනයනය කර හෝ  හාල් ලබා දීමට කටයුතු සැලැස්විය යුතුය. වෙළඳ පොළ මිලට වඩා අඩු මිලකට පාලන  මිලක් නියම කිරීමෙන් වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. ආණ්ඩුව අමාරුවේ වැටුනේ මේ පාලන මිල නිසාය. 

බලය ලබා ගැනීම සඳහා බොරු කීම එකකි. ඒහෙත් බොරුවෙන්ම ආණ්ඩුවක් කරගෙන යා නොහැකිය. 

 

ජයග්‍රහණය අබියස අභියෝගය - (කුසල් පෙරේරා)

ඒ කොහොම වුණත් මේ ආණ්ඩුව රැකගත යුතුය. මේ පරණ පුරුදු ආණ්ඩු පක්ෂයක් නොවේ. ආණ්ඩුවේ සාධනීය ලක්ෂණ බොහෝමයක් තිබේ. ජනාධිපතිවරණය ජයගත් අනුර කුමාර පෙන්වූ පශ්චාත් මැතිවරණ හැසිරීම මිනිසුන් තුළ අලුත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ බලාපොරොත්තු දැල්වීය. ඒ නිසාම මහ මැතිවරණයෙන් NPP එක බලාපොරොත්තු වූවාටත් වඩා ශක්ති සම්පන්න ආණ්ඩුවක් පිහිටුවීමට හැකි විය. දැන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය රැකගෙන ඉදිරියට යෑම කළ යුතුය.

 

රංවල ප්‍රශ්නය  වහා විසඳා ගත යුතු වන්නේ  එබැවිනි. ඒ සඳහා ජනාධිපතිවරයාට කොන්දක් තිබිය යුතුය. කථානායක රංවලට හෘද සාක්ෂියක් තිබිය යුතුය. 

ජන අරගලය සහ පාර්ලිමේන්තුව අතර සංවාදයකට මැදිහත්වන්න - 43 සේනාංක


ආණ්ඩුව යනු ගොවියන් ගේ පමණක් ආණ්ඩුවක් නොවේ. ගෝඨාභය එළවන්නට Galle Face එකේ අරගල කළේ ගොවියන් නෙවෙයි. ලයිට් නැතිව, gas නැතිව, පෙට්‍රල් ඩීසල් නැතිව පෝලිං වල හිටපු මිනිසුන් ය. 

ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන අංශයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. සංචාරකයින් මෙහාට එන්නේ වන සතුන් ද ඇතුළත් ස්වභාවික සෞන්දර්යය විඳීමටය. ඝර්ම කලාපීය (Tropical) වන සතුන් අපට සම්පතකි. උන්ගේ ප්‍රචාරණය කළමනාකරණය කිරීම රජයේ වගකීමකි. ලාල් ගේ රිලා විසඳුම, විසඳුමක් නොවන්නේ එබැවිනි.    

ආණ්ඩුවක ජනප්‍රියතාවය කාලයක් යනකොට හීන වීම ස්වභාවිකය. ඒ හැම ජන කොටසක්ම එක විට සතුටු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බැවිනි. මේ ගමන පරිස්සමෙන් යා යුතුය. මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම - (කේ.ඩී. දර්ශන)(අශෝක හඳගම)
සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ 
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිවරයෙකි. එහි මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද ද කටයුතු කළේය

ahandagama@yahoo.com
ahandagama@gmail.com

(උපුටා ගැනීම - Asoka Handagama ගේ ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'වැල් පාලමේ යනවාටත් වඩා දුෂ්කර වැඩක්' - (අශෝක හඳගම) | The Leader