ඔහු විශේෂඥ වෛද්‍යවරයකු නොවන බව ජාතික ජන බලවේගයේ ආධාරකරුවකු වූ උවිඳු කුරුකුලසූරිය පවසනවා.
මොකක්ද ඇත්තටම මේ අයට වෙලා තියෙන්නෙ?

ජවිපෙ හොර උපාධිකාරයන්ටත් රැවටුණේ ඇයි?
ඔය හොර උපාධිකාරයන්ගෙ සීන්කෝන් එළියට එනකොට මට මෙහෙම හිතෙනවා. උන් ජවිපෙ නායකත්වය සුපිරියට අන්දලා නේද? උන් නිසා දැන් ජවිපෙත් නානවා නේද?
හොර සහතිකකාරියක් නොවුණට ජවිපෙ සුපිරියටම ඇන්දුවෙ හරිනි නෝනා. පෞද්ගලික පාසලක ඉගෙනගෙන, පිටරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි අරගෙන ආපු මේ නෝනා ජවිපෙ කරට ගොඩ වුණේ සයිටම් විශ්වවිද්‍යාලෙට විරුද්ධ උද්ඝෝෂණ හරහා. එතන සිට එයා නැග්ග නැගිල්ල ලේසි පාසු එකක් නෙමෙයි. සෙස්ස පස්සට හොඳේ!. පස්සෙ ඉන්නෙ කවුරුද කියල එතකොට පෙනෙයි.
ඔය මාලිමාව හරහා බලයට සෙට් වුණ, සෙට් වෙන්න ගිහින් අසමත් වුණ, තවදුරටත් බලාපොරොත්තු සහිත බොහෝ දෙනෙකු මං දන්නවා, මේ මට වඩා ගොඩක් තක්කඩි අවස්ථාවාදියෝ. එක එකාගෙ අතීත පැටිකිරි ඇවිස්සුවොත් බල්ලො බත් කන්නෙ නැහැ. අපේ වගේ නෙමෙයි. ඒ වුණාට උන් හරි අපූරුවට මාලිමාවට සෙට් වෙලා ජවිපෙ නායකයන් අන්දගෙන උන්ගෙ ගමන යනවා.
වැඩේ කියන්නෙ ජවිපෙ නායකත්වය ඉතා පහසුවෙන් උන්ට රැවටෙනවා. ඒ ගමන් ජවිපෙ වෛරයට ලක්වෙන්නෙ පෙරෙට්ටො වගේ අව්‍යාජ එවුන්.
ඇත්තටම ජවිපෙ මේ තරම් පහසුවෙන් රවටන්නට පුළුවන් වෙන්නෙ කොහොමද?
මට හිතෙන්නෙ මෙච්චර පහසුවෙන් ජවිපෙ නායකත්වය රැවටෙන්නෙ ඇතුළ හිස් නිසා. පිට පොත්තෙ ඔපේ විතරයි.
රෝහණ විජේවීරගේ නායකත්වය යටතෙ ජවිපෙ තුළ ගොඩනැගුණ සාරය දැන් දියවෙලා ඉවර ද?
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(උපුටා ගැනීම - අජිත් පැරකුම් ජයසිංහ ගේ ෆේස්බුක් පිටුවෙන් ..)



