The Leader News
BREAKING
Top Ad
Opinion

රංවලට අනුකම්පා කළ යුතු ද? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

December 15, 2024 • 11:45 AM

රංවලට අනුකම්පා කළ යුතු ද? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බහුතරයගේ මතය මම බොහෝ විට දකින්නේ වැරදිය කියාය.
  • රංවලට එරෙහිව සියලු දෙනා වට කර ගහන විට මට ඔහු ගැන අනුකම්පාවක් ඇති වේ.
  • ජනපති ගෝඨාභය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිදි වසවිස නැතිව මේ රටේ මෝඩ වැසියන්ට කන්න දෙන්න සහල් එළවළු පළතුරු හදන්න පත් කළ කමිටුවේ ප්‍රධාන සාමාජිකයෙක් තමයි අසෝක රංවලගේ පොහොර කොම්පැනිය.
  • නමුත් ඔවුන් ඒක සාර්ථකව ඉටු කළේ නැහැ. ඇතැමුන් කියන විදිහට රංවල කළේ ගෝඨාභයගේ කාබනික පොහොර ව්‍යාපෘතිය උවමනාවෙන්ම කඩාකප්පල් කිරීමක්.
අකුරු ප්‍රමාණය (Font Size):

බහුතරයගේ මතය මම බොහෝ විට දකින්නේ වැරදිය කියාය. (ප්‍රජාතන්ත්‍රය යනු බහුතර මතය නොවේ.) විශේෂයෙන්ම ලංකාව වැනි මෝඩ ජනතාවක් සිටින රටක මා ජනතා රැල්ලට එරෙහිව සිටින්නෙකි. ගෝඨාභයට එරෙහිව සාහසික අරගලකරුවන් පෙළගැසෙන විට මා ගෝඨාභය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේ ඒ නිසාය. රංවලට එරෙහිව සියලු දෙනා වට කර ගහන විට මට ඔහු ගැන අනුකම්පාවක් ඇති වේ. එසේ කළ යුතුද?

ජනපති ගෝඨාභය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිදි වසවිස නැතිව මේ රටේ මෝඩ වැසියන්ට කන්න දෙන්න සහල් එළවළු පළතුරු හදන්න පත් කළ කමිටුවේ ප්‍රධාන සාමාජිකයෙක් තමයි අසෝක රංවලගේ පොහොර කොම්පැනිය. අසෝක වෙනුවට කමිටුවේ හිටියේ කසුන් තාරක නමැත්තෙක්. මට දැන ගන්න ලැබුණ විදිහට අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්ක දෙක සඳහා අවශ්‍ය පොහොර හදන්න බාර ගත්තේ රංවලගේ කොම්පැනිය. නමුත් ඔවුන් ඒක සාර්ථකව ඉටු කළේ නැහැ. 

 

අශෝක රංවල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීම සහ මාලිමා ආණ්ඩුවේ ඉදිරි ගමන
ඇතැමුන් කියන විදිහට රංවල කළේ ගෝඨාභයගේ කාබනික පොහොර ව්‍යාපෘතිය උවමනාවෙන්ම කඩාකප්පල් කිරීමක්. එහෙම හිතන්න තුඩු දෙන කාරණය තමයි අනුර කුමාරලා නාමල් කරුණාරත්නලා එළියේ නූගත් ගොවියන් උසි ගන්වමින් කුඹුරු ගිනි තියමින් මාධ්‍ය ඉස්සරහා යකා නටද්දී ජවිපෙ සහ ජාජබ අභ්‍යන්තර සාමාජිකයෙක් වන රංවල මෙහෙන් කාබනික පොහොර හදන්න බිලියන ගණන් රජයේ කොන්ත්‍රාත්තු ගැනීම. ඔහු සැබැවින්ම කාබනික පොහොර ගැන විශ්වාස කරනවා නම් අනුරට කතා කරලා කියන්න තිබුණා “සහෝදරයා මේක රටට හොඳ වැඩක්, අපි මේකට උදව් කරමු” කියලා. අනුරත් ඇත්තටම රට ගැන හිතනවා නම් ඔහුගේ සගයා සමග එකතු වෙලා ගෝඨාභයට උදව් කරලා ඒ අවස්ථාවේම ලංකාවේ කෘෂි මාෆියාව කඩන්න තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. එතන තියෙනවා මොකක් හරි අවුලක්.

රංවල උග්‍ර ජේවීපීකාරයෙක් කියලා ගෝඨාභය දැන ගෙන හිටියා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හැටියට පත් කළ කපිල පෙරේරාත් අමු ජේවීපීකාරයෙක්. මේ ආණ්ඩුවේත් මොකක්ද අමාත්‍යංශයක ලේකම්. ඒ වගේ තව අය හිටියා. නමුත් ගෝඨාභය වැඩ කරන කොට පුද්ගලයාගේ පක්ෂය බැලුවේ නැහැ. කුසලතාවය අනුව තමයි ඔහු මිනිස්සු මනින්නේ. ඒක දේශපාලනිකව අනුවණ කමක් බව දැන් පැහැදිලියි. ඒක වෙනම කතාවක්. තමන්ව විශ්වාස කරලා එහෙම අවස්ථාවක් දීමෙන් රංවලට ගෝඨාභය ගැන සුළු හෝ පැහැදීමක් තිබිය යුතුයි. නමුත් වසංගතය පාලනය කරලා ඔළුව උස්සන කොටම රංවල බලශක්ති අර්බුදය ඇති කරන්න වෘත්තීය සමිති හරහා වැඩ කළා. ඒක සක්කිලිකමක්.

 

ගෝඨාභයගේ ආණ්ඩුව වැටෙයිද? - අජිත් පැරකුම් ජයසිංහ
මට හිතෙනවා රංවලට වුණේ ඒ කර්මය පටිසන් දීමක් කියා. ඔහු කාබනික පොහොර හදන්නේ ඔහුට තියෙනවාය කියන ජීවරසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය මත. ඔහු ලෝකාපවාදයට ලක් වෙන්නෙත් ඒ උපාධිය නිසාමයි. ඔහු හිතලම ගෝඨාභයගේ ව්‍යාපෘතිය කඩාකප්පල් කළා නම් ඒක සහගහන අපරාධයක්. ලංකාවේ කෘෂිකර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් තමයි එහෙනම් ඔහු විනාශ කළේ. එහෙම නැත්නම් ඔහුට ඇත්තටම එහෙම විද්‍යාත්මක දැනුමක් නැහැ. ඒ නිසා ඔහු පොරොන්දු වුණු ආකාරයට පොහොර හදලා දෙන්න බැරි වුණා.

කොහොම වුණත් මට මිනිහා ගැන පොඩි අනුකම්පාවක් තියෙනවා. අන්තිමට මිනිහා වෙනුවෙන් තමන්ගේ පක්ෂයේ එකෙක්වත් පෙනී හිටියේ නැහැ. චතුරංග අබේසිංහගේ ෆේස්බුක් බලකාය මිනිහා වෙනුවෙන් පෝස්ට් එකක් දැම්මේ නැහැ. ඒක රංවලට විතරක් නොවෙයි, අපි කාටත් හොඳ පාඩමක්. ලංකාවේ මෑත ඉතිහාසයේ බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩිම සේවයක් කළ ගෝඨාභයව මහානායකලා පවා අවසානයේ අතහැරියා. මේක එහෙව් අවස්ථාවාදී මිනිස්සු ඉන්න රටක්. ධර්මය ඔබට මග වේවා!

(එරන්ද ගිනිගේ)

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 දෙසැම්බර් 14


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...