The Leader News
BREAKING
Top Ad
Opinion

සාකිර් හුසේන් : බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්...

T

The Leader Desk

December 16, 2024 • 6:49 AM

සාකිර් හුසේන් : බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සම්බන්දතා බීට්ල්ස්, රෝලින් ස්ටෝන්, ජෝන් ලෙනන්, ජෝර්ජ් හැරිසන්, බෝය් ජෝර්ජ් සහ තවත් සිය දහස් ගණනක් මිනිසුන් සහ ගැහැණුන් වෙනුවෙන් සත්‍යයක් උණා.
  • ඒ එක්ක ඔහු ලස්සන සංකලන සංගීතයක් (fusion music) තමන්ගේ සංගීත දිවිය ඇතුලේ උපුටාගත්ත.
  • තබ්ලාව සැක්සපෝනය එක්ක මිශ්‍රකරපු සාකිර් හුසේන් (1951-2024) නම් අසහාය තබ්ලා වාදකයාගේ ඇඟ හිරිවැටෙන සංගීත ඛණ්ඩයක් මම ඇහුවේ හනිෆ් කුරේෂිගේ My Son the Fanatic (1997) චිත්‍රපටය ඇතුලේ.
  • එහෙම වෙලා එක්තරා තැනකදී සිද්දවෙන සංවාදය ඇතුලේ බෙටිනා මෙහෙම අහනවා. ''මම ආසයි ඔයාගේ ගෙදර යන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සම්බන්දතා බීට්ල්ස්, රෝලින් ස්ටෝන්, ජෝන් ලෙනන්, ජෝර්ජ් හැරිසන්, බෝය් ජෝර්ජ් සහ තවත් සිය දහස් ගණනක් මිනිසුන් සහ ගැහැණුන් වෙනුවෙන් සත්‍යයක් උණා. ඔවුනගේ නිර්මාණ වලට විතරක් නෙවෙයි පුද්ගලික කලාපයන්ට පවා බෙහෙවින් අදාල උනා. සමහර ඒවා ගැලවීගත නොහැකි තරම්වූ මහත් සම්බන්දතා. බුද්ධාගම, හින්දු ආගම, ජෛනාගම විතරක් නෙවෙයි තවත් බොහෝ පෙරදිග අධ්‍යාත්මයන් බටහිර එක්ක සම්බන්දවුනා.

hq720

 

එක්කෝ අපි ඔවුන් සොයාගෙන ගියා. නැත්නම් ඔවුන් අප සොයා ආව. එක්කෝ අපි ඔවුන්ගේ අනන්‍යතාවට ආස කළා. නැත්නම් ඔවුන් අපේ අනන්‍යතාවට කැමති උනා. එහෙමත් නැත්නම් අතර මැද තැනක් හොයාගත්ත.

මේ අතරමැද තැන ගොඩක් වෙලාවට ඉතාම සුන්දර දේ නිර්මාණය කරන්න හේතු උනා.

සමහරු මේක අලකලංචියක් හැටියට දැක්කත් සාකිර් වගේ කෙනෙක් මේකේ නිර්මාණශීලි ගුණය දැක්ක. ඒ එක්ක ඔහු ලස්සන සංකලන සංගීතයක් (fusion music) තමන්ගේ සංගීත දිවිය ඇතුලේ උපුටාගත්ත.

ඔහු බටහිරට ගියා. හිරු බැස යන දිහාවට ගියා. පෙරදිග තබ්ලාවේ හඬ බටහිර ගිටාරය, සැක්සපෝනය එක්ක මිශ්‍ර කළා.

24 675f1a8861957

 

තබ්ලාව සැක්සපෝනය එක්ක මිශ්‍රකරපු සාකිර් හුසේන් (1951-2024) නම් අසහාය තබ්ලා වාදකයාගේ ඇඟ හිරිවැටෙන සංගීත ඛණ්ඩයක් මම ඇහුවේ හනිෆ් කුරේෂිගේ My Son the Fanatic (1997) චිත්‍රපටය ඇතුලේ. ඒ සංගීත ඛණ්ඩය එක්ක තියන දෙබස තවමත් මට මතකයි. 

බටහිර කුඩුපට්ටම් කරන්න බෝම්බ බඩේ බැඳගන්නවා වෙනුවට ලන්ඩනයේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ටැක්සි එළවන පර්වේස් සහ ගණිකාවක් වෙච්ච බෙටිනා අතර යම් ආදරයක් ගොඩ නැගෙනවා. එහෙම වෙලා එක්තරා තැනකදී සිද්දවෙන සංවාදය ඇතුලේ බෙටිනා මෙහෙම අහනවා. 

''මම ආසයි ඔයාගේ ගෙදර යන්න. ඔයා ඉපදිච්ච ගම බලන්න. මාව එහෙ එක්ක යනවාද?'' මේක ඇතුලේ බෙටීනා පොඩි අතීතකාමී ෆැන්ටසි එකක් පර්වේස් තුල ඇතිකරනවා.

පෙර්වෙස් මෙහෙම කියනවා. ''ආයේ එහෙ යන්න තැනක් නැහැ. මට යන්න සල්ලිත් නැහැ. ඔයාට එහෙ හරියන්නෙත් නැහැ. මට දැන් තියෙන්නේ මේ ලන්ඩන් නගරයයි ඔයයි විතරයි. මෙන්න මෙහෙ ඉම්මු....''

 

fanatic
එතනින් කතාව ඉවරයි. ආයේ ආපසු යාමක් නැහැ. මේකම කාගෙන ඉන්නවා මිසක්.

කුරේෂි මේ සංවාදය අතරට ගේන ඒ පෙරදිග නොස්ටැල්ජික් සංගීත ඛණ්ඩය අනර්ගයි. මුල් විනාඩි කීපයේ ඒ සංගීතය ආපහු අපිව පෙරදිගට, ගමට අරන් යන්න තරම් ශක්තිමත් උනත් සැක්සපෝනයේ සහ ගිටාරයේ හඬ විසින් තබ්ලා හඬ තරමක් යටපත්කරලා අපිව නැවත ඒ නාගරික ලෝකය ඇතුලේ තියා ගන්නවා. ඒත් නොස්ටැල්ජියාව සම්පුර්ණයෙන් නැතිවෙන්නේ නැහැ. මෙහෙම තමයි අපිට ඉන්න වෙන්නේ.

සාකිර් ආපහු ආවේ නැහැ. සැන් ෆ්‍රැන්සිස්කෝ වලම අවසන් ගමන් ගියා. නමුත් ඔහුගේ ඉන්දියානු බව නැත්තටම නැති උනෙත් නැහැ. 

බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්...ඒ තමයි මම සාකිර්ගෙන් ඉගනගත්ත පාඩම. 

සුබගමන්! 

රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...