The Leader News
BREAKING
Top Ad
Opinion

දැන් ඉන්දියාව ලොකු ද? - (මිලින්ද රාජපක්ෂ)

T

The Leader Desk

December 16, 2024 • 11:40 AM

දැන් ඉන්දියාව ලොකු ද? - (මිලින්ද රාජපක්ෂ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ දේශපාලන ලෝකයේ මම ඉහලම ඉන්දියානු විරෝධයක් දැකලා තියෙන්නේ ඇතැම් 'ජාතිකවාදීන්' යැයි කියාගන්නා අයගෙන්.
  • ඉන්දියාවේ ආර්ථික වර්ධනය 8.2% විතර.
  • ලෝකයේ 3 වෙනියට ලොකුම මිලදී ගැනීමේ ශක්තිය තියෙන්නෙ ඉන්දියාවට.
  • ඉන්දියානු විදේශ සංචිත දැන් ඇඩො බිලියන 670 ක්.
අකුරු ප්‍රමාණය (Font Size):
මගේ දේශපාලන ලෝකයේ මම ඉහලම ඉන්දියානු විරෝධයක් දැකලා තියෙන්නේ ඇතැම් 'ජාතිකවාදීන්' යැයි කියාගන්නා අයගෙන්. ඒ අය හැම වෙලේම කියනවා ඉන්දියාව මොකක්දෝ විදියකට අපිව යටත් කරගන්න හදනවා ඒ නිසා ඉන්දියාවට මෙහෙ ව්‍යාපාරයක්වත් පටන්ගන්න දෙන්න හොද නෑ කියලා. අනිත් ප්‍රදර්ශනාත්මක ඉන්දියානු විරෝධය මට පෙනුනේ පෙරටුගාමී පක්ෂයේ පෝස්ටර් වලින්.
 
2253123646 9b0be57cf4 z
 
ලංකාවෙ කවුරු ජනාධිපතිවුනත් මුලින්ම යන්නේ ඉන්දියාවට. මහින්දත් එහෙමයි, මෛත්‍රීත් එහෙමයි, ගෝඨත් එහෙමයි. අනුරත් එහෙමයි. ඉන්දියාවට යන්න ඇපොයින්ට්මන්ට් එකක් ගන්න වැඩිම කාලයක් ගතවුනේ රනිල් ජනාධිපතිතුමාට. අනුර විපක්ෂ නායකවත් නොවී ඉන්දියානු සංචාරයක් ගියා. එදා මම අපේ පක්ෂයේ ඉහළ හිතවතුන්ට කීවා අනුර ඉන්නේ සජිත්ට උඩින් කියලා. 2015 අපි පැරදිලා ආයෙත් උඩට එද්දි මහින්ද නාමල් දෙන්නටම මෝදි අගමැතිතුමා එන්න කීවා.

 
 
ඉන්දියාව ලෝකෙ ලොකුම ජනගහණය ඉන්න රට. ලෝකෙ ලොකුම ඩයස්පෝරාව ඉන්නෙත් ඉන්දියාවෙ. ඒ විතරක් නෙමේ කමලා හැරිස්ගේ සිට Google CEO දක්වා ලෝකයේ ප්‍රබලම සමාගම් රැසක ඉහලම නිළයන් දරන විශාල ඉන්දියානුවන් පිරිසක් ඉන්නවා.

ඉන්දියාවේ ආර්ථික වර්ධනය 8.2% විතර. ලෝකයේ 3 වෙනියට ලොකුම මිලදී ගැනීමේ ශක්තිය තියෙන්නෙ ඉන්දියාවට. ඉන්දියානු විදේශ සංචිත දැන් ඇඩො බිලියන 670 ක්. ඉන්දියාව ඇතුලේ ආර්ථික ක්‍රියාකාරකම් වලින් විතරක් ආර්ථිකේ 70% ක්ම පිරිලා. 

ඉන්දියාවේ සොෆ්ට් පවර් එක තමා බොලිවුඩ් සිනමාව, යෝගා, හින්දි සිංදු හා නර්තන, ලෙහෙංගි වගෙ ෆැෂන් සහ ක්‍රිකට්. ඔස්කාර් සම්මාන උළලෙදී පවා ඉන්දියානු නිර්මාණ එබිකම් කරනවා. ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රිකයන් ලොකයේ හැම තීරණාත්මක සමුළුවකම, කණ්ඩායමකම සාමජිකයන්. 


ඉන්දියාව 2030 වෙද්දි ඇඩො ට්‍රිලියනක අපනයන කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඇමරිකාව චීනය හා රුසියාව කියන ප්‍රබලම සතුරන් තුන්දෙනාගෙම ප්‍රධානම ආර්ථික හවුල්කරුවෙක් තමා ඉන්දියාව. 2070 වෙද්දි එයාල සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තියට මාරුවෙන්න හදන්නෙ.
 
2040 දී හඳට ගගනගාමීන් යවන්න ඉන්දියාව සූදානම්
 
ඉන්දියාව දැන් ලෝකයේ 5 වෙනි ලොකුම ආර්ථිකය. ඉන්දියාවෙ තේ කඩ කාරයා පවා මුදල් හුවමාරු කරන්නේ මොබයිල් ෆෝන් එකෙන්. අද ගෝලීය IT ක්ෂේත්‍රය ඉන්දියාව යටත් කරගෙන පමණක් නෙමෙයි ෆෝන් එකේ ඉදන් රොකට් එක දක්වා හැම දෙයක්ම 100% ක්ම ඉන්දියාවෙ හදනවා. Make in India වැඩසටහනට ඇඩො බිලියන 25 ක් 2020 අවුරුද්දේ ලබාදුන්නා.
 
ඉන්දියාව තමා ලෝකෙ ලොකුම ප්‍රජාතන්ත්‍රවාද සහිත රට. ලොකුම සිවිල් සේවාව වගේම වැඩියෙන්ම ඉංග්‍රීසි කතාකරන මධ්‍යම පන්තියත් ඔවුන්ට අයිතියි. අම්බානිගෙ ඉදන් අදානි දක්වා විශාල ඉන්දියානුවන් පිරිසක් ලෝක ධනවත්ම මිනිස්සුන්ගේ ලිස්ට් එකට එකතුවෙමින් ඉන්නවා. 

මෝදි ආණ්ඩුව පහුගිය අවුරුදු 3 විතරක් රටේ යටිතල පහසුකම් දියුණු කරන්න ඇඩො බිලියන 100 ක් ආයෝජනය කලා. අධිවේගී මාර්ග කිලෝමීටර 54000ක් පහුගිය අවුරුදු 10 ට විතරක් හැදුනා. අදානිට මෙහෙ වරායක් සුලං බලාගාරයක් හදන එක කජ්ජක්.

ඉන්දියාවේ සමාජ ආර්ථික හා දේශපාලන බලය ගැන ඉතුරු විස්තර Google කරල හොයාගන්න. ඔවුන්ගේ මිලිටරි බලය ගැන අලුත් මිසයිල ගැනත් විශේෂයෙන්ම කියවන්න. ඇපල් ඉදන් රේන්ජ් රෝවර් දක්වා හැමෝම ඉන්දියාවෙ ෆැක්ටරි දාන හැටිත් කියවන්න. 
 
අමුතු ඇටේ ඉවරයි - රටේ රාළ
ලංකාවෙ Amante කියන කාන්තා ඇදුම් බ්‍රෑන්ඩ් එක දැන් ඉන්දියානු වෙළදපොලේ තියනවා. ලංකාවේ බොහොමයක් නිෂ්පාදන සමාගම් දැන් ඉන්දියානු වෙළදපොල හොයාගෙන යනවා. ගෝඨාභය ජනාධිපතිවරයාගේ සමයේ ඉන්දියාව සමග සබදතාව නවමානයකට ගෙනාවා. අපේ ආර්ථික අර්බුදය වෙලාවෙ වචන දෙකක් නැතිව ඉන්දියාව අපිට ඇඩො බිලියන පහක විතර ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. බෙහෙත් සිට තෙල් දක්වා හැම දේකටම පාරක් කපල දුන්නා. අදටත් මොකක් හරි සංවර්ධන කටයුත්තක් වෙනවනම් ඒ ඉන්දියානු මුදලින් ඉන්දියානු රේල්වේ එක අපේ කෝච්චි පාරවල් හදනවා වගේ වැඩක් තමා.
 
අපේ බිස්කට් ඉන්දියාවෙ එක ප්‍රාන්තයක වික්කොත් ලංකාවෙ ආදායම දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. ඉන්දියාව තරම් පහසු, විශාල සහ දියුණුවෙන වෙළදපොලක් අපිට පේන තෙක්මානයක නෑ. ඒ නිසා ගුවනින් විතරක් නෙමෙයි මුහුදෙන් සහ ඇත්තටම මහාමාර්ග හරහාත් අපි අනිවාර්යයෙන්ම ඉන්දියාවට සම්බන්ධ වෙන්න ඕනෑ. කොළඹින් පටවන බඩු දිල්ලියෙන් බාන්න පුලුවන් කෝච්චිපාරක් හදන්න ඕනෑ. නිකමට Google කරන්න කොහොමද යුරෝපය, චීනය වගේ රටවල් මේ වෙනකොට අලුත් පාරවල්, කෝච්චි සහ උමං මාර්ග හරහා connectivity හදමින් ඉන්නෙ කියලා. අපි එන්න එන්නම දූපතේ තනිවෙනවා.
 
මම අනුර ජනාධිපතිතුමාගෙ ඉන්දියානු ගමනට සුභ පතනවා. ඔහු මහින්ද සහ ගෝඨාවත් පසුකරමින් ඉන්දියාව සමග වෙළද හා ආර්ථික සම්බන්ධතා ඇතිකර ගනීවී කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ලංකාවෙ පෞද්ගලික අංශ අතර මිත්‍රකම් වැඩිකරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය, නීතිමය, රෙගුලාසිමය වෙනස්කම් කරන්නත් අත්‍යාවශ්‍යයි. 

ලංකාව මේ නැවතිලා තියෙන ආර්ථික එන්ජිම පණගන්වන්න හොදම ඔයිල් තියෙන්නෙ ඉන්දියාවෙ. අසීමිත ආර්ථික ඉඩක් ඒක. ඊට එරෙහි හැම මානසික, ප්‍රතිපත්තිමය සහ භෞතික බැම්මක්ම බිදින්න දැන් කාලය හරි.

milinda 2020(මිලින්ද රාජපක්ෂ )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...