පිළිබඳව තරමක ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව පෙනේ.
චීනය යැයි අප හඳුන්වන රටේ නිල නාමය වන්නේ මහජන චීන සමූහාණ්ඩුව (ජනරජය) වන අතර, තායිවානය යැයි අප හඳුන්වන "රට" තමන්ව හඳුන්වා ගන්නා නම වන්නේ චීන ජනරජය යන්නයි. ප්‍රශ්නය පැන නැගී ඇත්තේ හරිනි විසින් මහජන චීන සමූහාණ්ඩුව යැයි නොකියා චීන සමූහාණ්ඩුව යැයි කීම ගැනය.
මට අනුව නම් එය එතරම් ලොකු ප්‍රශ්නයක් නොවේ. චීනයට අනුව තායිවානය කියා වෙනම රටක් නැත. එනම් ඔවුනට අනුව තායිවානය යයි කියන කොටසත් චීනයේ කොටසකි. ඒ අනුව "මහජන" කොටස නොව "ජනරජය" කොටසද නැතිව කිව්වත් චීනය, චීනය යැයි කියන්නේ තායිවානයද අයත් චීනයටය. අනෙක් අතට චීනය විසින් ලබා දෙන පරිත්‍යාගයක් පිළිගැනීමේ උත්සවයකදී අගමැතිනිය විසින් චීන සමූහාණ්ඩුව යැයි කියන්නේ චීනයට විනා තායිවානයට නොවන බව එතැන සිටි චීන්නුන්ට කිසිදු සැකයකින් තොරව පැහැදිලිය. ඒ අනුව අපේ අය කියන තරම් ලොකු ගැටළුවක් එතන ඇති වේ යැයි මම නොසිතමි.
චීන තානාපති කාර්යාලය විසින් එබඳු ප්‍රශ්නයක් ගැන නිල නිවේදනයක් නිකුත් කර තිබෙනු නොදුටුවෙමි. සාමාන්‍යයෙන් චීනය තමන්ගේ "එක් චීනයක්" (One China) පිළිබඳ ප්‍රතිපත්තියට වෙනත් යම් රටක් ගරු නොකරන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව සහ දැඩිව ප්‍රතිචාර දැක්වීම සිරිතකි. ඒ අනුව මම හිතන්නේ හරිනිගේ වචන පටලැවිල්ල චීනයට ප්‍රශ්නයක් වී නැති බවය.
නමුත් එම ප්‍රවෘත්තියේම වෙනත් කොටසක සඳහන්ව තිබුනේ හරිනි අමරසූරිය අගමැතිනිය එම උත්සවයට යාමට පැයක් පමණ ප්‍රමාද වූ බවත්, එනිසාම චීන තානාපතිවරයාට උත්සව භූමියෙන් ඉවත්ව ඇය පැමිණෙන තුරු කාමරයක ගත කිරීමට සිදුවූ බවත්ය.
එවැන්නක් සිදුවූයේ නම්, එය ඉතාමත්ම බරපතල වරදකි.
ඇත්තටම ඇයව විවේචනය කරන අය ඒ සඳහා තෝරා ගත යුතු වන්නේ එම සිදුවීම විනා ඇයට සිදුවූ සරල වචන පටලැවිල්ල නොවේ.
මෙය යම් නොවැළැක්විය හැකි විශේෂ කරුණක් නිසා එදින පමණක් සිදුවූ වරදක් නම් ඒ තරම් ගණනකට ගත යුතු දෙයක් නොවේ. නමුත් එසේ නැතිව චන්ද්‍රිකා කුමාරතුංග මෙන් පරක්කු වීමේ චරිත ලක්ෂණයක් හරිනිට තිබේ නම් ඇය එය හදාගත යුතුය. අපේ රටට අවශ්‍ය තමන්ට අවශ්‍ය බඩු ලබාගැනීම සඳහා තමන්ම කඩේ යන අගමැතිනියක් නොව, නිල උත්සව සඳහා හරියටම වෙලාවට පැමිණෙන අගමැතිනියකි.
(මෙම සටහන ලියන ලද්දේ මේ ආණ්ඩුව විවේචනය කිරීමට කැමති අය විසින් එය කළ යුතු හොඳම විදිය කුමක්ද යන්න පිළිබඳව ඔවුන්ට උපදෙස් ලබාදීම සඳහා බව සලකන්න)
(අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය)ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය
(උපුටා ගැනීම - Anuruddha Pradeep Karnasuriya ගේ ෆේස්බුක් පිටුවෙන් )



