ඒ පිළිබඳව මට ඇත්තේ මාරම සතුටකි......
මේ සුන්දර කෘතවේදී මිනිසා පිළිබඳව සටහනක් තැබීම මගේ යුතුකමකි, මා NPP කාරයකු නොවුනත් මහ පොළොවේ සත්‍ය කතා කළ යුතුය.....
ආචාර්ය අශෝක සපුමල් රංවල මහත්මා මට මුණ ගැහෙන්නේ එවකට මා උපදේශකත්වය දැරූ ජනාධිපති කාර්යාලය යටතේ පැවැති උපාය මාර්ගික ව්‍යසාය කළමනාකරන ආයතනය ( Strategic Enterprise Management Agency - SEMA ) හි දීය.
ඒ වන විට අපට පැවරී තිබූ ප්‍රධානතම කාර්ය වූයේ ලංකාව තුළ පවතින මාරාන්තික කෘෂිකර්මය වෙනුවට වස විස නැති පරිසර හිතාමී ගොවියටත් රටටත් ගැලපෙන කෘෂිකාර්මික ක්‍රමවේදයක් හඳුනා ගැනීමය....
ඒ හඳුනාගන්න ක්‍රමවේදය යටතේ වසර පහක් තුළ 30% සම්පූර්ණ කිරීමය.
මේ පිළිබඳ අප්‍රමාණික දැනුමක් ඇති විද්වතුන්ට අප සමග එකතු වන්නට කරන ලද විවෘත ආරාධනාවකට ආචාර්ය අශෝක රන්වල මහත්මා සෙමා සභාපති අශෝක අභයගුණවර්ධන මහත්මා මුණගැසීමට පැමිණ සිටි මොහොතක අහම්බයක් සේ අප දෙදෙනා මුණගැසිණි විනාඩි විස්සක් පමණවූ අප දෙන්නාගේ කතාබහ තුළින් අපි ඉතා හොඳ හිතවතුන් බවට පත්විය. දෙදෙනාගේම දුරකථන අංක හුවමාරු කර ගත්තේය.
මේ හමුවීමෙන් දින කීපයකට පසු ආචාර්ය අශෝක රන්වල නැවතත් අප ආයතනය වෙත පැමිණියා. එදවස අපි දෙදෙනා ඉතාමත් කුලුපගව නිදහසේ කතා කරන්නට හැකියාවක් ලැබිණි...

ලංකාවේ කෘෂිකර්මයේ පවතින අර්බුදයන් හා ඒ සඳහා වූ තිරසර විසඳුම් කවරේද යන්න පිළිබඳව ආචාර්ය අශෝක රන්වලයන්ට ඇත්තේ අප්‍රමාණික දැනුමකි.....දැනුම පමණක් නොව ඔහුගේ ඒ සඳහා පර්යේෂණ රාශියක් ඒ වන විටත් කර අවසන්ය...
ජීව රසායන තාක්ෂණය මගින් ලංකාවේ නිෂ්පාදිත කාබනික පොහොර ජෛව පොහොර බවට පරිවර්තනය කරගැනීමේ තාක්ෂණය ඔහු ඉතා හොඳින් දැනගෙන සිටියේය...
ඔහුට ඒ පිළිබඳව ඇත්තේ විසල් දැනුමකි...
ඔහු ඒ වෙනුවෙන් කර ඇති පර්යේෂණ රාශියකි.....
පරිසර හිතකාමී ගොවිතැන පිළිබඳ මනා දැක්මක් සහිත විද්වතෙකි. ඔහු ලංකාවේ පවතින මාරාන්තික රසායනික ගොවිතැන හේතුවෙන් ඇතිවී තිබෙන්නා වූ සමාජ , ආර්ථික , සංස්කෘතික විෂමතාවයන් පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකි....
ලංකාවේ කෘෂිකර්මය පරිසර හිත කාමීව ව්‍යාප්ත කළ යුත්තේ කෙසේද යන්න ඔහුට මනා අවබෝධයක් ඇත ඒ සඳහා ඔහුට වැඩපිළිවෙළක්ද ඇත.
ආචාර්ය අශෝක රන්වල මහත්මාට දැඩි විශ්වාසයක් තියෙනවා ලංකාවේ කෘෂිකර්මය පරිසර හිතකාමීව වස විස වලින් තොරව රටට සහ අදට ගැලපෙන පරිදි ගොවියාගේ අත මිට සරු කරමින් කරන්න පුළුවන් බව. එහෙම විශ්වාසයක් තියෙන මිනිස්සු බොහොම අඩුයි.
ඒ විශ්වාසයත් එක්ක එතුමා මේ කතාව බොහොම සංගමයෙන් යුතුව එකින් එකපැහැදිලි කරලා දෙන එක මම අසාගෙන හිටියේ බොහොමත්ම ආසාවෙනි.
ඒ වනවිට එතුමා පර්යේෂණ රාශියක් රට පුරා සිදුකරලා තිබුණා. ඇත්තටම ඒක කරන්න තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කරන්න තිබිච්ච වැඩක්. ඒත් එතුමා එතුමගේ පෞද්ගලික මුදල් වැය කරලා. රට වෙනුවෙන් ඒ කාර්යය සිදු කරල තිබුණා. ඇත්තටම එහෙම දෙයක් කරන්න පුළුවන් තමන්ගේ රට ජීවිතය කර ගත්ත මිනිහෙක්ට පමණයි.

ලංකාවේ මිනිස්සුන්ට වස විස කවන එක නවත්තලා ලංකාවේ ගොවියා සමෘද්ධිමත් භාවයට පත්රන්නට ආචාර්ය අශෝක රන්වලට දැඩි වුවමනාවක් හා අපේක්ෂාවක් තිබුණා.
ඒ අනගිභවනීය දැනුමක් සහිත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා, වෘත්තිය සමිති නායකයා, වගේම ඒ සොඳුරු මිනිසා පිළිබඳව දැඩි ලෙන්ගතුකමක් මට ඇති විය.....
මේ සංවාදයෙන් දින කිහිපයකට පසු "වස විස නැති රටක් ජාතිකවැඩසටහනේ" පුහුණු වංශය මට භාර විය. මා වෙත පැවරුණු මුල්ම රාජකාරිය වුණේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩ මුළුවක් සැලසුම් කිරීමය.....
එය මහත් බැරෑරුම් කාර්යයක් විය.
වැඩමුළුවේ අන්තර්ගතය හා ඒ සඳහා සුදුසු සම්පත් දායකින් සොයා ගැනීමද ගැටලු සහගත විය...
ඒ වන විට විවිධ කෘෂිකාර්මික ක්‍රමවේදයන් සහිතව විද්වතුන් රාශියක් අපත් සමඟ එකතු වී සිටියත් ඔවුන්ගේ බොහෝ ක්‍රමවේද මා පොළවේ යථාර්ථයක් කිරීමට නොහැකිය. එම නිසාවෙන්ම මා මුලින්ම කතා කළේ ආචාර්ය අශෝක රන් වලයන් වෙතය...
" ඩොක්ටර් මම චින්තක..... " කියන විටම දුරකථනය අනිත් පැත්තෙන් පිළිතුරු දුන්නේ....
" චින්තක මහත්තයා මම දන්නවා කියන්න........."
මම කාරණාව පැහැදිලි කරමින් මම පත්වී ඇති අපහසුතාවය පිළිබඳවද දැනුම් දුන්නා .....
ආචාර්ය අශෝක රංවලයන්ද මෙහි මුඛ්‍ය දේශනයන් කීපයෙන් එකක් සිදුකිරීමටට එකඟ විය.
දින වකවානු තීරණය කර එය කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ආරම්භ කළා....
මේ පුහුණු වැඩමුළුවේ සම්බන්ධීකාරක වශයෙන් මට එක දිගට එහි රැඳී සිටීමට හැකියාවක් නොමැති විය. ඊළඟ වසරේ සැලසුම් සකස් කිරීමේ රැස්වීම් කීපයක් අප කාර්යාලයේ පැවැත්විණි. මාද ඒ රැස්වීම් වල අනිවාර්යයෙන් සිටිය යුතු බැවින් මාගේ විශ්වාසවන්තයෙකු පුහුණුව පැවැත්වුණු ස්ථානයේ පූර්ණ කාලී වනව නවතාතැබීමට පාලන අධිකාරියෙන් මට උපදෙස් ලැබුණා....
ආයතනය තුළද ඉතා අඩු කාර්ය මණ්ඩලයක් සිටීම හේතුවෙන් මා මගේ ලොකු පුතා ආධිත්‍ය ඒ වන විට සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල එන තෙක් ගෙදර සිටි නිසා ඔහු මේ කාර්යය සඳහා යෙදෙව්වා.....
(ඔහුට පැවරූ කාර්යයන් හරියට සිදු කළ බව ඒ වැඩමුළුව පැවැත් වූ දේශකයන් හා වැඩමුළුවට සහභාගි සියලුයලු දෙනාත් ප්‍රශංසාත්මකව මතක් කලා)

ආචාර්ය අශෝක රංවලයන්ගේ දේශනය පැවති දින හවස මාගේ දුරකථනයට රන්වල මහතාගේ මග ඇහැරුණු ඇමතුම් කීපයක්විය...
එය දුටු විගස මං ආචාර්ය රන්වල මහතා ඇමතිය.... දුරකථනයට පිළිතුරු දෙමින්
"චින්තක මහත්තයා පුතා..........
"අනේ ඩොක්ටර් සමාවෙන්න පුතා අතින් මොකක් හරි වරදක් උනානම්....
"අනේ නෑ නෑ එහෙම එකකට නෙවෙයි මම කතා කරේ....
පුතා පුතාගේ වැඩේ හොඳට එතන කරනවා. චින්තක මහත්තයා ඔයා ඒ කරපු වැඩේ ඉතාම හොඳ වැඩක් මේක පුතාට හොඳ අත්දැකීමක් "
"එහෙනම් මොකක්ද ඩොක්ටර්......"
" මම හදිසියේ යන්න හදනකොට පුතා මට ලියුම් කවරයක් දුන්නා වව්චරයෙකුත් අත්සන් කරගත්තා මට යන්න තිබිච්ච හදිස්සියට මම ඒකෙ තිබිච්ච ගාන බැලුවෙ නෑ චින්තක මහත්තයා මෙතන රුපියල් 8500ක් තියෙනවා දේශන ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු රුපියල් 1000 ක් වශයෙන් සඳහන් කරලා.... "
ඒ වන විට දේශන ගාස්තු ප්‍රමාණවත් නොවන වග දේශකයන් කීපදෙනෙක් ඇවිටිලි කරමින් සිටියේ ඒ වැඩිකර දෙන ලෙස මා සිතුවේ ආචාර්ය රංවලටත් දේශන ගාස්තු මදිබවය....
" ඩොක්ට මං මොකක්ද කරන්න ඕනෑ..."
" චින්තක මහත්තයා මට ප්‍රවාහන ගාස්තුව පමණක් දෙන්න...
දේශන ගාස්තු මට අවශ්‍ය නෑ...
ඒ රුපියල් 7500 මම එවන්නම් ......"
" මම ඇහුව ඇයි ඩොක්ට එහෙම කරන්නේ කරන්නේ. මේක වැඩමුළුවට වෙන් වෙච්ච සල්ලි......"
"චින්තක මහත්තයා මේක අපේ වැඩක් අපි පුළුවන් කැප කිරීම්කරලා රට වෙනුවෙන් මේ වැඩේ කරමු....."
ඒ ඔහුගේ පිළිතුර විය.......
පසුව ඔහු මේ ජාතික වැඩසටහනේ දේශන සීයකට ආසන්න ප්‍රමාණයක් සිදු කරන්නට ඇත....
මෙහිදී කිවයුතු තවත් එක් කාරණාවක් ඇත.

ආචාර්ය අශෝක සංවරයන් සිදු කළ පළමු දේශනයේදීම වැඩමුළුවට සහභාගි ඌවන්ගේ සෑම ඇගයීම් පත්‍රිකාවකම සටහන් වී තිබුණේ අවශ්‍යම දේශනය ආචාර්ය අශෝක රන්වලගේ දේශනය බවයි.
ඔහුගේ දේශනයක් ඇසීමේ නොසිඳෙන දොළ දුක හේතුවෙන් ඉතාම ඉක්මනින්ම ඊළඟ පුහුණු සැසිය මා සංවිධානය කළෙමි. මා ඔහුගේ දේශනයට මුල සිට අක දක්වා සවන් දුන්නෙමි....
මේ විෂය පිළිබඳ අප්‍රමාණික දැනුමකින් යුක්තව ඔහු මේ සමාජය ආමන්ත්‍රණය කරන්නේ සැබැවින්ම අවංකවමය...
ලංකාවේ පවතින කෘෂිකර්මය නිසා ගොවියාත්, පාරිභෝගිකයාත් පත්ව ඇති කේජඡනක ඉරණම පිළිබඳව ඔහුට ඇත්තේ අවංක වේදනාවක්......
ඔහු ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව තිරසාර විසඳුමක් වෙනුවෙන් පෙනී සිටියි.
ඔහුගේ දේශනය අවසන් වූ වහාම එය පුංචි අත්පත්‍රිකාවක් බවට පත් කරන්නට මම අවසර ඉල්ලුවෙමි....
ඒ සඳහා ඔහුගේ අවසරය මත මින් පසුවට කරන දේශන කිහිපයක් පටිගතකර පසුවය පුංචි අත්පොතක් බවට මාගේ ගොවි උදාන ව්‍යාපාරයේ ප්‍රකාශනයක් ලෙසින් පසුව පල කර ඇත.(අවශ්‍ය කෙනෙක් වෙතොත් එම අත් පොතේ PDF මට එවන්නට පුළුවන්)
ඔහුගේ අප්‍රමාණික දැනුමත්, පර්යේෂණත්, අත්දැකීම් අපගේ වැඩසටහනේ සාර්ථකත්වයට දැවැන්ත අත්වැලක් විය....
මා පුහුණු අංශයෙන් ඉවත්ව වලව මහවැලි ගොවි කලාපයේ හා රිදිය ගම ව්‍යාපාරයේ ක්ෂේත්‍ර කටයුතු භාරව ගොවීන් සමග ගොවි බිමට ගොස් වැඩ කරන්නට විය.
රිදීගම ව්‍යාපාරයේ අක්කර දෙදහකට ආසන්න ප්‍රමාණයක් ජෛව විද්‍යාත්මක පොහොර යොදා වස විස නැතුව වගා කරන්නට විය. පළමු කන්නයේම එය සාර්ථක විය.

ගොවීන්ගේ අස්වැන්න පෙර අස්වැන්නට වඩා 10 - 15% වැඩි විය. තාක්ෂණය ආචාර්ය අශෝක රංවලයන්ගේය.
ආචාර්ය අශෝක රන්වල ලංකාවේ කෘෂිකර්මය රටට ජනතාවට ගැලවෙන පරිදි විප්ලවීය වෙනසක් කරන්න පුළුවන් පට්ටම වැඩ්ඩෙක්....
අදටත් එප්පාවෙල පොස්පේට් ආයතනයේ ජෛව පොස්පේට් පොහොර නිෂ්පාදනය කරනුයේ ඔහුගේ තාක්ෂණය භාවිතා කරමින්ය....
ආචාර්ය අශෝක රන්වල මේ රටට වැදගත් වැඩදායි උගතෙක්....
ඇත්තටම ඔහු අහිංසක මනුස්සකමින් පිරිපුන්, වැදගත් මහත්මා ප්‍රතිපත්තියෙන් යුත්, නිරහංකාර නිහතමානී මිනිසෙක්....
ආචාර්ය අශෝක රංවලයන්ට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වගකීමක් ලැබේ නම් ඒ රටේ අනාගත පරපුරේ වාසනාවකි.....!
සුභ පැතුම් ඩොක්ටර්....!
මම,
| චින්තක සී. ගුණදාස (CCG)
ලේකම්,
ගොවි උදාන ව්‍යාපාරය.
(Chinthaka Gunadasa ගේ ෆේස්බුක් පිටුවෙන් )



