The Leader News
BREAKING
Top Ad
Opinion

රාජ්‍ය යාන්ත්‍රණය ජනවරමට අනුව කරකවා ගැනීමට පෞර්ෂයක් ඇති ජන නායකයන් අවශ්‍ය ය - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

December 18, 2024 • 4:57 AM

රාජ්‍ය යාන්ත්‍රණය ජනවරමට අනුව කරකවා ගැනීමට පෞර්ෂයක් ඇති ජන නායකයන් අවශ්‍ය ය - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමු සිද්ධිය දහ හත් වසරක යූඑන්පී පාලනය තුළ පොලොන්නරුව පාලනය කළේ රාජ්‍ය ඇමතිවරයකු වූ එච්.ජී.පී.
  • පරාක්‍රම සමුද්‍රයේ අහවල් තැනට වතුර තියෙනව නම් කන්නය අස්වැද්දිය හැකි බව නෙල්සන්ගේ තර්කය විය.
  • මෛත්‍රීපාල සිරිසේන නෙල්සන්ලා නිර්මාණය කළ පොලොන්නරුවේ රාජ්‍ය යාන්ත්‍රණය කරකැවීම 1994 දී බලයට ආ පොදුජන එක්සත් පෙරමුණේ පොලොන්නරුව නායකයා දූ මෛත්‍රීපාල සිරිසේනට අපහසු විය.
  • ඇතුගල පවා ජයවික්‍රම පෙරේරාට බිය වූ බව මිනිස්සු කීහ.
අකුරු ප්‍රමාණය (Font Size):


පළමු සිද්ධිය

දහ හත් වසරක යූඑන්පී පාලනය තුළ පොලොන්නරුව පාලනය කළේ රාජ්‍ය ඇමතිවරයකු වූ එච්.ජී.පී. නෙල්සන් ය. ඔහු උගතෙකු නොවූවත් ප්‍රායෝගික දේශපාලකයෙකි. පොලොන්නරුවේ සංවර්ධන කමිටු රැස්වීම්වල දී වැව්වල ජල ධාරිතාව අක්කර අඩිවලින් කතා කරද්දී නෙල්සන්ගේ භාෂාව වෙනස් විය. පරාක්‍රම සමුද්‍රයේ අහවල් තැනට වතුර තියෙනව නම් කන්නය අස්වැද්දිය හැකි බව නෙල්සන්ගේ තර්කය විය. එනිසා වාරිමාර්ග විශේෂඥයන්ට වඩා ඔහු ප්‍රායෝගික විය.

Maithripala Sirisena copyමෛත්‍රීපාල සිරිසේන


නෙල්සන්ලා නිර්මාණය කළ පොලොන්නරුවේ රාජ්‍ය යාන්ත්‍රණය කරකැවීම 1994 දී බලයට ආ පොදුජන එක්සත් පෙරමුණේ පොලොන්නරුව නායකයා දූ මෛත්‍රීපාල සිරිසේනට අපහසු විය. ඔහු දීර්ඝ කාලයක් යැපුනේ යූඑන්පිය විසින් ශක්තිමත් කර තිබූ නිලධාරී පැලැන්තියෙනි. දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාන මාරු නොදී දේශපාලන පළිගැනීම්වලට ලක්වෙමින් සිටි කාර්‍යාල කාර්‍ය සහායකයකුට ස්ථානමාරුවක් ලබාදීමට හෝ මෛත්‍රීපාල අසමත් විය.


දෙවැනි සිද්ධිය

1708145007 Gamini Jayawickrama Perera lගාමිණී ජයවික්‍රම පෙරේරා

යූඑන්පී දහහත් වසර තුළ කුරුණෑගල හොලවාගෙන සිටියේ ගාමිණී ජයවික්‍රම පෙරේරා ය. ඇතුගල පවා ජයවික්‍රම පෙරේරාට බිය වූ බව මිනිස්සු කීහ. වයඹ පළාත් සභාවේ මුළු රාජ්‍ය නිලධාරීන් සියල්ල හිටියේ ජයවික්‍රමගේ සුරතේ ය. ඇත්තටම ඔහුට තිබුණේ සුවිසාල පෞරුෂය කි.


ඊට අලගු තබන්නට හෝ හැකි නායකයෙක් 1994 ආණ්ඩු වෙනසින් පසුව කුරුණෑගලට නොලැබුණි. අනුර ප්‍රියදර්ශන ලා, ඇස් බී නාවින්නලා, ගාමිණී ජයවික්‍රම ඉදිරියේ කුහුඹුවන් මෙන් විය. කුරුණෑගල රාජ්‍ය යාන්ත්‍රණය තමන් අතට ගන්නට යූඑන්පී ඉහළ නිලධාරී පැලැන්තිය විශ්‍රාම යනකම් සිටිය යුතුවිය.

තුන්වන සිද්ධිය

 l1oh2Xt0l6i9tqC5 coverදිඹුලාගල හාමුදුරුවන් එල්ටීටීඊය විසින් ඝාතනය කෙරුණේ ඔය අතර ය.

එම් එස් අමරසිරිලා නායකත්වය දුන් ගාල්ලේ රාජ්‍ය යාන්ත්‍රණය 1994න් පසුව පැවරුනේ අමරසිරි දොඩන්ගොඩ හා රිචර්ඩ් පතිරණ ඇමතිවරුන් අතට ය. දොඩංගොඩ තද සීතල නායකයෙකි. රිචර්ඩ් පතිරණ එවැන්නකු නොවේ. ගාල්ලේ නිලධාරීන් මේච්චල් කිරීමට අවශ්‍ය තැන දී ඇදිවත උස්සාගෙන යෑමට වුවද ඔහු මැලි නොවීය.

දිඹුලාගල හාමුදුරුවන් එල්ටීටීඊය විසින් ඝාතනය කෙරුණේ ඔය අතර ය. ගාල්ලේ තමිල්නාඩුව වූ කිත්තන්ගෙයට සිංහල වීරයෝ ගිනි තැබූහ. මුළු ගාල්ල නගරයම දුමෙන් වැසී ගියේය. රිචර්ඩ් පතිරණ සරම අතට ගත්තේය. ඔහු වහා දුව ගියේ ගාල්ල පොලීසියට ය. එහි ගොස් මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ අසුනට බර වූ ඔහු අමු තිත්ත කුණුහරුපයෙන් පොලීසියට බැන වැදුනි. පැය දෙකක් තුළ ගාල්ලෙන් දුම් රොටු පහව නොගියහොත් තමන් රිචර්ඩ් පතිරණ නොවන බව ගුගුලේ ය. මුළු පොලීසියම බියට පත් විය. හමුදාව ද කැදවීය. කලහකරුවන් අත් අඩංගුවට පත්විය. දෙමළ මිනිසුන් ආරක්ෂා විය. ගාල්ල නගරයේ අහසට නැගි දුම් රොටු පහව ගියේය.

Dr Richard Pathirana 242x300 රිචර්ඩ් පතිරණ

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට පෞරුෂයක්  අවශ්‍ය වේ. නිවටයන්ට ඒ දේ කළ නොහැක. රිචර්ඩ් පතිරණ එදා ඔප්පු කළේ ඒ අවශ්‍යතාවයි. එදා ඔහු නොවන්නට මුළු ගාල්ලම ගිනි ගන්නේ කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය පරිදි ය.

අද ද සිදුවන්නේ එයයි. රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද කරකවන්නේ දීර්ඝ කාලයක් රාජපක්ෂලා විසින් පෝෂණය කළ නිලධාරීන් විසිනි. ඔවුන් දාන කකුල් මාට්ටු වලින් ගැලවීමට නිවටයන්ට නොහැක. මේ යාන්ත්‍රණය ජනවරමට අනුව කරකවා ගැනීමට ජන නායකයන්ට පෞරුෂයක් තිබිය යුතුය. නහයෙන් අඬමින් සිටීම විසදුම නොවේ.



pilip shantha
| පිලිප් ශාන්ත
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...