The Leader News
BREAKING
Top Ad
Opinion

'එක මිටට ගත නොහැකි මාලිමාවේ ප්‍රතිවිරෝධී සිහින' | කුසල් පෙරේරා

T

The Leader Desk

December 18, 2024 • 7:21 AM

'එක මිටට ගත නොහැකි මාලිමාවේ ප්‍රතිවිරෝධී සිහින' | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි වූයේ 19 වන හා 20 වන ශත වර්ෂ වල ජාත්‍යන්තර කීර්තියට පත් පුරෝගාමී චරිත තුනකි.
  • එහි මැද ඡායාරූපයෙහි වූයේ මෙතෙක් මානව ඉතිහාසයෙහි විශිෂ්ඨතම දාර්ශනිකයෙකු ලෙස මත භේදාත්මක පිළිගැනුමක් ලබා ඉන්නා 19 වන සියවසෙහි වූ කාල් මාක්ස් ය.
  • ඔහුගේ දෙපැත්තෙන් වන ඡායාරූප දෙකෙහි ඇත්තේ “මාක්ස්වාදය” යැයි හැඳින්වෙන ඔහුගේ දාර්ශනික දායකත්වයට ඉඳුරා පටහැනි ධනේශවර වෙළඳපල ආර්ථික ආකෘතියක් වෙනුවෙන් රාජ්‍ය බලය යොදා ගනු ලැබූ ලොව බලවත්ම රාජ්‍ය දෙකෙහි 20 වන සියවසේ වූ රාජ්‍ය නායකයින් දෙපළකි.
  • එක් අයෙකු ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වූ සහ පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු ලෙස තේරී පත් වූ රොනල්ඩ් රේගන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
එහි වූයේ 19 වන හා 20 වන ශත වර්ෂ වල ජාත්‍යන්තර කීර්තියට පත් පුරෝගාමී චරිත තුනකි. එයට මා ඉල්ලු පරිදි “හැඳින්වීමේ වැකියක්” ලියා එවන්නට ඔවුන්ගේ කතාව දැන සිටිය යුතුය. මට අවශ්‍ය වූයේ එය හරියාකාර දන්නා අය මේ පරම්පරාවල ඉන්නේ දැයි අදහසක් ගැනීමට ය.
 
එහි මැද ඡායාරූපයෙහි වූයේ මෙතෙක් මානව ඉතිහාසයෙහි විශිෂ්ඨතම දාර්ශනිකයෙකු ලෙස මත භේදාත්මක පිළිගැනුමක් ලබා ඉන්නා 19 වන සියවසෙහි වූ කාල් මාක්ස් ය. ඔහුව වත්මන් පරම්පරාවේ අලුත් තරුණ තරුණියන් ඡායාරූපයෙන් හඳුනන්නේ වූවත් ඔහුගේ දාර්ශනික දායකත්වය හරියාකාරව දන්නේ නැතැයි මම විශ්වාස කරමි. ඔහුගේ දෙපැත්තෙන් වන ඡායාරූප දෙකෙහි ඇත්තේ “මාක්ස්වාදය” යැයි හැඳින්වෙන ඔහුගේ දාර්ශනික දායකත්වයට ඉඳුරා පටහැනි ධනේශවර වෙළඳපල ආර්ථික ආකෘතියක් වෙනුවෙන් රාජ්‍ය බලය යොදා ගනු ලැබූ ලොව බලවත්ම රාජ්‍ය දෙකෙහි 20 වන සියවසේ වූ රාජ්‍ය නායකයින් දෙපළකි. එක් අයෙකු ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වූ සහ පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු ලෙස තේරී පත් වූ රොනල්ඩ් රේගන් ය. අනෙක් තැනැත්තිය තෙවරක්ම නොකඩවා බරිතාන්‍යයේ අගමැතිනිය ලෙස තේරී පත්වූ හා යුරෝපයේ පළමු අගමැතිනය වූ මාගරට් තැච වන්නී ය.
PHOTO 2024 12 18 11 53 10
 
මේ ඡායාරූප පෙළ මා දුටුවේ සමාජ මාධ්‍ය හා වෙළඳ ප්‍රවර්ධන කාර්යන්හි නිරතවන “ද ගරාජ්” නමින් වන ආයතනයෙහි කාර්යාලයෙහි ය. ඔවුන් එළෙසින් ඒ තිදෙනාගේ ඡායාරූප එල්ලා ඇත්තේ මන්දැයි විමසූ විට මට ලැබුණු පිළිතුර වූයේ, “ඔය තුන්දෙනා එකට ඉන්න කොට, දැන් ඉන්න අයට මොනවා හිතෙයිද කියලා  හිතුනා” යන්න ය. ඒ ඡායාරූප පෙළ බෙදා හැර එයට ටයිට්ල් එකක්, “හැඳින්වීමේ වැකියක්” යොදන්න යැයි ඉල්ලා සිටින්නට මට සිතුනේ ඒ හේතු දැක්වීමත් සමග ය.
 
මේ ඡායාරූපය මා බෙදා හැරි පුද්ගලයින් අතුරින් මේ තිදෙනාව, පුද්ගලයින් ලෙස හඳුනා ගත්තවුන් සිටියේ දහ දොළොස් දෙනෙකි. එහෙත් ඒ අතරින්ද ඔවුන්ගේ පසුබිම හා සමාජ දායකත්වයත් තනතුරු ආදියත් දැන සිටියේ හත් අට දෙනෙකි. එය ඛේදවාචකයක් වන්නේ, මා එම ඡායාරූපය යොමු කළ අය අතර මාධ්‍යවේදීන්ද දුසිමක් පමණ සිටියෙනි. ඊට අමතරව කොළඹ මැදපංතික සමාජ ක්‍රියාධාරීන්ද ආචාර උපාධිධාරීන්ද සිටියෙනි. ඔවුන්ගෙන් “හැඳින්වීමේ වැකි” එවා තිබූ හත් අට දෙනෙකුගෙන් කියැවුනේ ඔවුන් දන්නේ මේ තිදෙනා ගේ නම් හා පදවි පමණක් බවය. දෙතුන් දෙනෙකු ඔවුන් අතර මතවාදී වෙනසක් ඇතැයි කීමට උත්සාහ ගෙන තිබුණි. එය ඉතාම ව්‍යුක්තව “ධනේශ්වර” සමාජය සම්බන්ධයෙන් වූවක් යැයි කීමට ගනු ලැබූ උත්සාහයක්ද විය. මේ කෞතුක වස්තුන් ගෙන් දැන් අපට ඇති පලේ මොකක්දැයි ඇසූ දෙන්නෙක්ද සිටියහ.
 
ජනාධිපතිවරණය 2024 : අනුර කුමාරට ප්‍රශ්න 07ක් (වීඩියෝ)
සියවස් එක හමාරකට වැඩි කාලයක් ගතවීද තවමත් සැබෑ නොවන සිහිනයක් ලෙස වූවත් අනාගත දියුණු සමාජයක් සඳහා යැයි සාකච්ඡාවන කාල් මාක්ස්ගේ දාර්ශනික දායකත්වයෙන් අපට ඇති පලය නම්, අති දූෂිත, පිරිහුණු මේ අශිෂ්ට සමාජයට විකල්පයක් හදා ගැනීමේදී ඔහුගෙන් යම් සමාජ විවරණයක් ගැනීමට හැකිදැයි සළකා බැලීම ය. අනෙක් දෙදෙනාගේ ඇති වටිනාකම නම්, මාක්ස්ගේ දාර්ශනික කියවීම් නොතකා ඔවුන් පොහොසත් දේශීය ධනේශ්වර ආර්ථික වර්ධනයක් මත ශක්තිමත් බලසම්පන්න රාජ්‍ය තහවුරු කිරීමක් සඳහා සමත්වීම ය.
 
එබැවින් මේ ඡායාරූප පෙළ “එක මිටට” ගත් විට, අප තෝරා ගත යුත්තේ මැද ඡායාරූපයද, නැතිනම් දෙපැත්තේ දෙදෙනාගේ ඡායාරූපද යන්න අපට ඉතිරි කරන ප්‍රශ්නය වන්නේය. එහෙත් මට එකවර ඇති වූ හැඟීම වූයේ, අනුරගේ නායකත්වයෙන් මාලිමාව ලෙස ජ.වි.පෙ පරිනාමය වීමෙහි ඇත්තේ මේ ත්‍රිත්වයෙහි ප්‍රතිවිරෝධය නොවන්නේද යන්නය. එබැවින් මේ ඡායාරූප පෙළ සඳහා මගේ ටයිට්ල් එක වන්නේ, “එක මිටට ගත නොහැකි මාලිමාවේ ප්‍රතිවිරෝධී සිහිනය” යන්න ය.   

2025 ත් අත් නොහරින කැබලි සිහින - (කුසල් පෙරේරා)| කුසල් පෙරේරා
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 දෙසැම්බර 18


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...