The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර දිසානායක -හැරවුමට වෙළාව පැමිණ තිබේ !

T

The Leader Desk

December 23, 2024 • 3:19 PM

අනුර දිසානායක -හැරවුමට වෙළාව පැමිණ තිබේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවිත කතාව -- Turning point, A journey through challenges යි.
  • ආසියානු දේශපාලන චිත්‍රය වෙනස් කරපු 1998 ඉන්දීය න්‍යෂ්ටික පර්යේෂණය, කැබිනට් අමාත්‍ය ධූරයකට ආරධනා ලැබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කරලා අග්නි මිසයිලය සකස් කරමින් ඉන්දියාව සුපිරි ආසියානු බලවතෙක් බවට පත් කිරීම, රජයේ ප්‍රධාන විද්‍යා කටයුතු උපදේශක වශයෙන් (අවු.
  • ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රටේ රාජ්‍ය නායකයා (ජනාධිපති) බවට පත්වන කලාම් ජනපති ධූරයේ දෙවන ඉනිමට ‘බෑ කියනවා’.
  • ජනාධිපතිවරයා ලෙස දෙවන වාරයක් ඉන්න බෑ කියලා ‘අධ්‍යාපනික හා පර්යේෂණ වල නිරතවිය හැකි රැකියාවකට කලාම් ආපහු යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජීවිත කතාව -- Turning point, A journey through challenges යි. ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ නමින් සිංහලට පරිවර්ථනය වු මේ පොතේ, කලාම් තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය හතක් ගැන කතා කරනවා.

kalam
කලාම් ඉපදුනේ 1931. ඔහු අවුරුදු 30 දී ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ රොකට් තාක්ෂණික ඉංජිනේරු තනතුර පත්වීම, 1982 දී, ඉන්දියාවේ මිසයිල වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එක්වීම, වසය 61 දී ආරක්ෂක අමාත්‍යවරයාගේ විද්‍යා කටයුතු උපදේශක සහ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලේකම් හැටියට පත්වීම පළමු හැරවීම් ලක්ෂ තුනයි.

ආසියානු දේශපාලන චිත්‍රය වෙනස් කරපු 1998 ඉන්දීය න්‍යෂ්ටික පර්යේෂණය, කැබිනට් අමාත්‍ය ධූරයකට ආරධනා ලැබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කරලා අග්නි මිසයිලය සකස් කරමින් ඉන්දියාව සුපිරි ආසියානු බලවතෙක් බවට පත් කිරීම, රජයේ ප්‍රධාන විද්‍යා කටයුතු උපදේශක වශයෙන් (අවු. 68) දී කැබිනට් අමාත්‍යවරයෙකුට සම තත්වයට, රජයේ ප්‍රධාන විද්‍යා කටයුතු උපදේශක ධූරයෙන් ඉවත් වෙලා නැවත අධ්‍යාපන කටයුතුවලට (උගන්වන්න) යාම අනෙක් හැරවුම් ලක්ෂ වෙනවා.

ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රටේ රාජ්‍ය නායකයා (ජනාධිපති) බවට පත්වන කලාම් ජනපති ධූරයේ දෙවන ඉනිමට ‘බෑ කියනවා’.  ජනාධිපතිවරයා ලෙස දෙවන වාරයක් ඉන්න බෑ කියලා ‘අධ්‍යාපනික හා පර්යේෂණ වල නිරතවිය හැකි රැකියාවකට කලාම් ආපහු යනවා.

ser345
කලාම් තමන්ගේ අති විශිෂ්ඨත්වය සටහන් කරන්නේ අත්හැරීම් හා හැරවුම් තුල යි.

කලාම් වගේම මමත්, එක දිගට කිසිම දවසක එකම රස්සාව කරන්නේ නෑ. ජීවිතයේ තමන්ට උරමත පටවන වගකීම්වලට කර ගහනවා. හැම මිනිහෙකුටම නියමිත වයසේ දී වගකීම් දරන්නට අවස්ථාව ලැබෙන්නට ඕනි. පුද්ගලිකව මම ඒ අසිමිත වරප්‍රසාදය ලැබුණු කෙනෙක්. වෘත්තිය ජීවිතය පුරාම හිතාගන්නවත් බැරි වගකීම් ලෝක සම්මත කාලයට වඩා ඉක්මනට මට දරන්නට ලැබුණා. එයින් බහුතරයක් දේවල් සොදුරුයි. සමහර දේවල්, විශේෂයෙන්ම වයස අවු. 7 සහ 9 ක දරුවෝ දෙන්නෙකුට අම්මත් තාත්තත් දෙන්නම වෙන එක වගේ අභියෝග වචනයෙන් විග්‍රහ කරන්න බෑ.

පුද්ගලිකව, මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ සියල්ලම මා කලාම්ගේ චරිතාපදානයේ කියන විදිහටම, අතහැර දැමීම නිසා මිසක්, හිමිකර ගැනීමට උත්සහ දැරීම නිසා නොවේ. 1993 ඉඩම් හා දේපල අත්හැරියේ නැතිනම් අධ්‍යාපනය හෝ සමාජ ජීවිතයක් ලැබෙන්නේ නෑ. 2010 රාජ්‍ය සේවකයෙක් විදිහට කට වහගෙන ඉන්න ගියා නම්, රටම මාව හදුණා ගන්නේ නෑ. 2012 රස්සාව රැකගන්නට ගියානම් රටත් - ලෝකයත් දිනන්නට ලැබෙන්නේ නෑ. 2015 පසුපස දොරින් පාර්ලිමේන්තු යන්නට හිතුනා නම්, ගියානම් අඩුම වයසින් ආණ්ඩුකාරවරයෙක් වෙන්නෙත් නෑ.

2022 විදුලිය, ඉන්ධන, ගෑස් නැති බංකොලොත් රටක කිසිම කෙනෙක් වගකීමක් බාරගන්න දහ දොලොස් සැරයක් හිතන යුගයක ජනාධිපති කාර්යාලයේ රස්සාවකට යාම මම ජීවිතයේ වැඩිම වෙළාවක් කල්පනා කරලා ගත්ත අපහසුම තීරණයයි. අද ලංකාව ලෝකයේ අඩුම කාලයකින් බංකොලොත් බවින් මිදුණු රාජ්‍යය බවට පත් ලෝකෙටම කොඩිය දාලා තියෙනවා.  

නැවත අපේ ජීවිත කාලයේ කිසිම දවසක ‘බංකොලොත් රාජ්‍යයක් බංකොලොත් බවින් මුදා ගැනීමේ’ රාජ්‍ය පරිපාලන අත්දැකීම ලබා ගන්නට පුරවැසියෙක්, පරිපාලන නිලධාරීයෙක්, දේශපාලනඥයෙක් ලෙස අවස්ථාව ලැබෙන එකක් නෑ.

ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ අධ්‍යාපන පද්ධතිය තුල  ‘දෙක - තුන වසරේ දී’ නිර්භීත මිනිසුන්ට වාසනාව අතවනවා! කියලා පාඩමක් උගන්වනවා. හැබැයි කොච්චර දෙනෙක් ඒ පාඩම ජීවිතයට අදාළ කර ගන්නවා දැයි මම දන්නේ නෑ.

පසුගිය දවස් පහ තුල ‘ආණ්ඩුකරණය’ ගැන බොහෝ දේවල් අසන්නට ලැබුණා. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ව්‍යවසාය සහ බදුකරණය කියන අතිශයින් සංවේදී කරුණු ගැන. අනුර කුමාර දිසානායක ඉන්නේ ජේ.ආර්., චන්ද්‍රිකා, මහින්ද තිදෙනාටම නොතිබුණු අතිශයින්ම පිතිකරණයට වාසිදායක විකට්ටුවක. සැලසුමක් නැතිව ටිප් කැච් එකක් එකක් එනකල් කඩුල්ල පිටිපස්සේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න විපක්ෂයක් අනෙක් පැත්තේ ඉන්නවා.

xsrt4dd
අද, ජනපති අනුර ඉන්නේ අබ්දුල් කලාම්ට වගේම, අනිවාර්ය වූ හැරවුම් ලක්ෂයක!

පසුගිය සතියේ ජනපති අනුර කුමාර තමන්ගේ හැරවුම් ලක්ෂය තේරුම් ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ දී ත්, දිසාපති සමුළුවේ දී ත්, පැහැදිලිවම පෙන්වනු ලැබූවා.  ජනපති අනුර දේශපාලනඥයෙකුගේ සිට ජනාධිපතිවරයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස තම හැරවුම් ලක්ෂය ට පැමිණ තිබෙනවා.

ජනපති අනුර ඉන්නේ, කලාම් වගේම හැරවුම් ලක්ෂය ජයග්‍රාහීව පසුකරන්න අවශ්‍ය තැනක!

‘ඉතිහාසය නිර්මාණය කරන්නේ ධෛර්යය සහ ප්‍රඥාව සහිත මිනිසුන්ය. බියගුල්ලන්ට කිසිදා ඉතිහාසයක් නිර්මාණය කර නොමැති බව අනුර ජීවිතයෙන් අවබෝධ කර ගෙන ඇතිවාට සැක නැත.

 අනුරගේ හැරවුම් ලක්ෂය රාජ්‍ය සේවය, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ව්‍යවසාය, බදු ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තියේ තෝරාගැනීම මත තීරණය වෙනවා.

 දේශපාලනඥයෙකු ලෙස කල කී දෑ බිම තබා, රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස හැරවුම් ලක්ෂය පහසු නෑ. හැබැයි, මෑත යුගයේ කලාම් වගේම මන්මෝහං සිං මේ මාවතේ විශිෂ්ඨත්වය ලඟාවුණා.

 2025 දී අපේ රටේ ඉරණම තීරණය වෙන්නේ, අනුර මේ හැරවුම් ලක්ෂය කොයි තරම් දක්ෂ ලෙස කලමනාකරණය කරනවා දැයි යන්න මතයි.

චන්ද්‍රිකා (පශ්චාත් සුනාමි), මහින්ද (යුද්ධ අවසන් කිරීම) ඉතිහාසය විසින් ලබාදූන් අනගිභවනීය වූ හැරවුම් අවස්ථා මඟහැරගත් නායකයින් ලෙස ඉතිහාසයට එක්වී අවසන්ය.  චන්ද්‍රිකා - මහින්ද ගේ එම ලැයිස්තුවට අනුර කුමාර එකතු විය යුතු නැත.

Rajith Keerthi(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...