The Leader News
BREAKING
Top Ad
Opinion

ටියුෂන් තහනම් කිරීම වෙනුවට….. | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 25, 2024 • 8:36 AM

ටියුෂන් තහනම් කිරීම වෙනුවට….. | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වාරයේදී එක් දියණියක ඉගැන්වීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන දුරබැහැර රජයේ පාසලකට ඇතුළත් කරන ලද අතර පාසල විසින් පෙන්වා දෙන ලද, රජය විසින් ප්‍රතිපාදන ලබා නොදෙන සාධාරණ සංවර්ධන අවශ්‍යතා හා පාසල් ගාස්තු ලෙස රු.
  • අප එය දුන්නේ කැමැත්තෙන් බව කිව යුතුය.
  • එයට හේතුව, කොවිඩ් අධි වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් පාසල් ජීවිතය බොහෝ දුරට අහිමි වූ පරපුරක ළමයකු වෙනුවෙන් මව්පියන් ලෙස අපට කළ හැකි අමතර දෙයක් ලෙසයි.
  • අධ්‍යාපනය, තොරතුරු, විනෝදාස්වාදය, රැකියාව හා සන්නිවේදනය වෙනුවෙන් අපි මසකට රු.10,000ක් පමණ දත්ත වෙනුවෙන් වැය කරන අතර, විදුලි බිල රු.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය වාරයේදී එක් දියණියක ඉගැන්වීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන දුරබැහැර රජයේ පාසලකට ඇතුළත් කරන ලද අතර පාසල විසින් පෙන්වා දෙන ලද, රජය විසින් ප්‍රතිපාදන ලබා නොදෙන සාධාරණ සංවර්ධන අවශ්‍යතා හා පාසල් ගාස්තු ලෙස රු. 60,000ක් පමණ ලබාදෙන ලදි. අප එය දුන්නේ කැමැත්තෙන් බව කිව යුතුය. එයට හේතුව, කොවිඩ් අධි වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් පාසල් ජීවිතය බොහෝ දුරට අහිමි වූ පරපුරක ළමයකු වෙනුවෙන් මව්පියන් ලෙස අපට කළ හැකි අමතර දෙයක් ලෙසයි.


අධ්‍යාපනය, තොරතුරු, විනෝදාස්වාදය, රැකියාව හා සන්නිවේදනය වෙනුවෙන් අපි මසකට රු.10,000ක් පමණ දත්ත වෙනුවෙන් වැය කරන අතර, විදුලි බිල රු. 6000ට අඩුය.

කෑම, බීම, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් ආදිය වෙනුවෙන් මසකට රු. 100,000කට වඩා වැය වේ. ඇඳුම් පැළඳුම් මාසිකව මිල දී නොගන්නා මුත් එය ද මාසිකව ගණන් බැලුවොත් විශාල මුදලකි.

school kids lk

මෙමගින් මා පෙන්වා දෙන්නට යන වැදගත් කාරණය වන්නේ අපට දෙවනුව අධික වැය බරක් දරන්නට සිදු වී තිබෙන්නේ ‘නිදහස්’ යයි කියන පාසල් අධ්‍යාපනය වෙනුවෙන් බවයි.


එහෙම වුණේ ඇයි?

ටියුෂන් වෙනුවෙන් මෙතරම් මුදලක් වැය කිරීමට හේතුව තරගකාරී අධ්‍යාපන සංස්කෘතිය, දරුවන්ගේ අනාගතය ගැන බිය සහ පාසල්වල ගුරුවරුන් හරියට උගන්වන්නේ නැතිකමයි.

බොහෝ පාසල් ගුරුවරු සුළු හා මධ්‍ය පරිමාණයෙන් ටියුෂන් කරති. මා ඉහත දක්වන ලද ආකාරයේ වියදම් ඔවුන්ට ද තිබේ. ඒ සඳහා මට මෙන්ම ඔවුන්ට ද ආදායම ප්‍රමාණවත් නැත. ටියුෂන්වලින් සිදු වන ප්‍රධානම කාර්යය අධ්‍යාපනය නොව ගුරුවරුන් ආර්ථික වශයෙන් සවිමත් වීමයි. එය නරක නැත.

image a4413c64dd

ලාභ ලැබීම වෙනුවෙන් බිය විකිණීම ධනවාදයේ සාමාන්‍ය ලක්ෂණයකි. කළු වීමට බිය කර ෆෙයානස් ක්‍රීම් විකිණීමත් විභාග අසමත් වුවහොත් අනාගතය අඳුරු බව පෙන්වා ටියුෂන් විකිණීමත් දෙකම එකය.


ප්‍රශ්නය වන්නේ පහළ ආදායම් උපයන අය මෙම තත්වය තුළ කරන්නේ කුමක්ද යන්නයි. පාසල්වල හරියට ඉගැන්වීම අවශ්‍ය ඒ නිසාය. එය නිසි පරිදි සිදු නොවන්නට හේතු ගණනාවක් තිබේ.

ක්‍රීඩා උත්සව ඔලිම්පික් පරිමාණෙන් අවුරුදු පතා පැවැත්වීම හා බිග් මැච්, ගුරු දිනය, ළමා දිනය, ආගමික උත්සව, වෙනත් උත්සව, තරග, වැස්ස, ගුරු වර්ජන, මැතිවරණ ආදිය නිසා පාසල්වල අධ්‍යාපන කාලය විශාල වශයෙන් අහිමි වේ. එය අවම වශයෙන් අධ්‍යාපන කාලයෙන් 10%ක්වත් වේ.

 

Covid srilanka 2021.01.05ක්‍රීඩා උත්සව ඔලිම්පික් පරිමාණෙන් අවුරුදු පතා පැවැත්වීම හා බිග් මැච්, ගුරු දිනය, ළමා දිනය, ආගමික උත්සව, වෙනත් උත්සව, තරග, වැස්ස, ගුරු වර්ජන, මැතිවරණ ආදිය නිසා පාසල්වල අධ්‍යාපන කාලය විශාල වශයෙන් අහිමි වේ.

උත්තර පත්‍ර ඇගයීම වැනි කටයුතු වෙනුවෙන් ඇතැම් ප්‍රධාන පෙළේ පාසල් නිවාඩු කාලයට අමතරව වසා තැබෙන අතර එම කාලය ද අධ්‍යාපන කාලයෙන් 10%ක්වත් වේ. නොවසන පාසල්වල ගුරුවරු ද උත්තර පත්‍ර ඇගයීම සඳහා යන බැවින් එම පාසල්වල ඇතැම් ශ්‍රේණිවල සිසුන්ට ද අධ්‍යාපන කාලයෙන් 5%කට ආසන්න ප්‍රතිශතයක් අහිමි වේ.

මේ අතර අපරාධමය වැරදි කරන ගුරුවරු ද සිටිති. එම වැරදි නම්, තමන්ගේ ටියුෂන් පංතියට එන ලෙස බල කිරීම, නොඑන අයට වෙනස්කම් කිරීම හා ශාරීරික හා මානසික වධහිංසන පැමිණවීම හා එසේ කරන බවට නියමින් හා අනියමින් තර්ජනය කිරීමයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි හා විමර්ශන යාන්ත්‍රණයන් නොමැති අතර, දණ්ඩ මුක්තිය සාමාන්‍ය තත්වයයි.


ගුරුවරුන්ට ටියුෂන් තහනම් කිරීම ඇත්තෙන්ම ඉරිදා ටියුෂන් තහනම් කිරීම වැනි ප්‍රායෝගික නොවන වැඩකි.


ඒ වෙනුවට ටියුෂන් අවශ්‍යතාව අවම වන දීර්ඝ කාලීන වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ යුතුය. එය වෙනම මාතෘකාවකි.

 

Te

දැනට, ඉහත අංක යටතේ දක්වා තිබෙන කරුණු තුන කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ට අවධානය යොමු කළ හැකිය. විශේෂයෙන්ම අංක 3 යටතේ දක්වා ඇති කරුණ කෙරෙහි අවධානය යොමු කළ හැකිය. ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන ගුරුවරුන් ප්‍රධාන පෙළේ පාසල්වලින් දුෂ්කර පාසල් වෙත මාරු කිරීම පමණක් වුව ප්‍රමාණවත්ය.



Ajith parakum J
| අජිත් පැරකුම් ජයසිංහ
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


සබැඳි පුවතක් :

බස්නාහිර පළාත් රජයේ ගුරුවරුන්ට පමණක් ටියුෂන් තහනම ඉවත් කළේ ඇයි?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...