The Leader News
BREAKING
Top Ad
Opinion

කම්කරු ඇමති ඔහුගේ මූලික වගකීම වන පෞද්ගලික අංශය ගැන කතා නැහැ | කුසල් පෙරේරා

T

The Leader Desk

December 26, 2024 • 11:22 AM

කම්කරු ඇමති ඔහුගේ මූලික වගකීම වන පෞද්ගලික අංශය ගැන කතා නැහැ | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යට කියන්නට කලියෙන් ඔහුගේ පළමු වගකීම වන කම්කරු ඇමති වශයෙන් පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීම ගැන ඔහුගේ සහ ආණ්ඩුවේ ස්ථාවරය කිව යුතුය.
  • මීට මාස 03 ට කලින් මේ වසරේ සැප්තැම්බර් මස පෞද්ගලික අංශයේ අවම වැටුප රු.21,000 දක්වා වැඩි කරනු ලැබුවේ 2005 අංක 36 සහ 2016 අංක 04 දරණ අයවැය සහන පනත් සංශෝධනය කරමින් ජනාධිපති වික්‍රමසිංහ පාලනය යටතේය.
  • ඒ පසුබිමෙහි, අමාත්‍ය වසන්ත සමරසිංහ වෘත්තීය සමිති නායකයෙකු ලෙස මීට මාස 05 ට කලින් ඉල්ලූ රු.50,000 ක මාසික අවම වැටුප හෝ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සදහා ලබාදීමට කම්කරු ඇමති මහාචාර්ය අනිල් ජයන්ත පොරොන්දු විය යුතුය.
  • (කුසල් පෙරේරා) ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී kusal.perera@gmail.com 2024 දෙසැම්බර් 26.
අකුරු ප්‍රමාණය (Font Size):

මාධ්‍යට කියන්නට කලියෙන් ඔහුගේ පළමු වගකීම වන කම්කරු ඇමති වශයෙන් පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීම ගැන ඔහුගේ සහ ආණ්ඩුවේ ස්ථාවරය කිව යුතුය.

 

මාධ්‍ය කියන ආකාරයට විශේෂ හෝ අසාමාන්‍ය ණය ගැනීමක් සිදුකර නැහැ - ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශකමහාචාර්ය අනිල් ජයන්ත

ඔහු රාජ්‍ය සේවය ගැන කතා කරන්නට මාස 05 ට කලින් මාලිමා ආණ්ඩුවේ "වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන" අමාත්‍ය වසන්ත සමරසිංහ, පෞද්ගලික අංශයේ ජවිපෙ වෘත්තීය සමිති සම්මේලනය වන අන්තර් සමාගම් සේවක සංගමය නිල වශයෙන් නියෝජනය කරමින් මාසික ජාතික අවම වැටුප රු.50,000 ක් කළ යුතු යැයි 2024 ජුලි 19 දින ඒකාබද්ධ වෘත්තීය සමිති නිවේදනයක් මගින් ඉල්ලා සිටි බව, කම්කරු ඇමති මහාචාර්ය අනිල් ජයන්ත දන්නේ දැයි නොදනිමි.

මීට මාස 03 ට කලින් මේ වසරේ සැප්තැම්බර් මස පෞද්ගලික අංශයේ අවම වැටුප රු.21,000 දක්වා වැඩි කරනු ලැබුවේ 2005 අංක 36 සහ 2016 අංක 04 දරණ අයවැය සහන පනත් සංශෝධනය කරමින් ජනාධිපති වික්‍රමසිංහ පාලනය යටතේය. ඒ වනවිට රාජ්‍ය සේවයේ මාසික අවම වැටුප, පෞද්ගලික අංශයේ අවම වැටුපට වඩා දෙගුණයකටත් වඩා වැඩි රු.48,000 ක් විය. 

 

ඩැට්' එකට අදත් විරෝධය - සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයක
රජයේ වෛද්‍ය වෘත්තිකයින් ඔවුන්ගේ අසාධාරණ අමානුෂික දීමනාවක් වන රු.35,000 ක්වූ "රාජකාරි බාධා, පැමිණ සිටීමේ සහ ප්‍රවාහන දීමනාව" වන DAT දීමනාව පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2024/01/11 දින පොදු චක්‍ර ලේඛ ලිපි අංක 02-06/2024 මගින් රු.70,000 දක්වා ඉකුත් ජනවාරියේ සිට වැඩිකර ගෙන තිබුණි.

ඒ පසුබිමෙහි, අමාත්‍ය වසන්ත සමරසිංහ වෘත්තීය සමිති නායකයෙකු ලෙස මීට මාස 05 ට කලින් ඉල්ලූ රු.50,000 ක මාසික අවම වැටුප හෝ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සදහා ලබාදීමට කම්කරු ඇමති මහාචාර්ය අනිල් ජයන්ත පොරොන්දු විය යුතුය.

වසන්ත සමරසිංහද ඒ අවම වැටුප දැන් ඉල්ලා සිටිය යුතු යැයි මම කියමි.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 දෙසැම්බර් 26

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...