The Leader News
BREAKING
Top Ad
Opinion

රට ගොඩනැගීම පිළිබඳ දෘෂ්ඨිමය යුද්ධය: ජවිපෙ දේශපාලනය විසින් රට ගෙනියන්නේ කොයිබටද? | ශ්‍රිරාල් ලක්තිලක

T

The Leader Desk

December 26, 2024 • 3:55 PM

රට ගොඩනැගීම පිළිබඳ දෘෂ්ඨිමය යුද්ධය: ජවිපෙ දේශපාලනය විසින් රට ගෙනියන්නේ කොයිබටද? | ශ්‍රිරාල් ලක්තිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටට සුදුසු දේශපාලන ආර්ථික මාදිලිය (political economy) පිලිබද ප්‍රශ්නය කිසිදා නොවිසදුන වාදයකි.
  • වර්මානය පෙන්නුම් කරන්නේ රට මුහුන දෙමින් සිටින සංවර්ධනය පිලිබද අභියෝගයට විසදුමට අදාල වන මෙම වාදය නැවතත් අළුත් වටයකින් ඉදිරියට පැමිනෙමින් තිබෙන බවකි.
  • ජවිපෙ සිතන බව පෙනෙන්නේ තමන් චීනය හෝ වියට්නාමය අනුගමනය කරමින් මෙරටට සංවර්ධනය ගෙන ඒම යහපත් බවය.
  • එම නිසා මාලිමා ආන්ඩුව පෙන්නුම් කරනේ තමන් එලොවටත් මෙලොවටත් නැති අවජාතක දේශපාලන ආර්ථික මාදිලියක් මෙරට තුල ගොඩනැගීමට උත්සාහ දරන බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


රටට සුදුසු දේශපාලන ආර්ථික මාදිලිය (political economy) පිලිබද ප්‍රශ්නය කිසිදා නොවිසදුන වාදයකි.

ඒ සදහා පවතින්නේ දීර්ඝ ඉතිහාසයකි.

වර්මානය පෙන්නුම් කරන්නේ රට මුහුන දෙමින් සිටින සංවර්ධනය පිලිබද අභියෝගයට විසදුමට අදාල වන මෙම වාදය නැවතත් අළුත් වටයකින් ඉදිරියට පැමිනෙමින් තිබෙන බවකි.

ඒ රටට සුදුසු දේශපාලන ආර්ථික මාදිලියට අදාලව කෙරෙන දෘෂ්ඨිමය යුද්ධයකට මේවන විට රට පටලවමින් සිටින්නේ ජවිපෙ වාම දෟෂ්ඨියයි.

ජවිපෙ සිතන බව පෙනෙන්නේ තමන් චීනය හෝ වියට්නාමය අනුගමනය කරමින් මෙරටට සංවර්ධනය ගෙන ඒම යහපත් බවය.

srte546
නමුත් එම රටවල බලපවත්නේ පක්ෂ රාජ්‍ය ධනවාදයයි (Party state capitalism) ජවිපෙ අමතක කොට තිබේ.

ජවිපෙ මෙරට තුල රාජ්‍ය ධනවාදය නැවතත් ගොඩනගන්නට යන්නේ ආර්ථිකය මත බලපවත්වන්නාවු සිය පක්ෂ රාජ්‍යකින් තොරවය.

එම නිසා මාලිමා ආන්ඩුව පෙන්නුම් කරනේ තමන් එලොවටත් මෙලොවටත් නැති අවජාතක දේශපාලන ආර්ථික මාදිලියක් මෙරට තුල ගොඩනැගීමට උත්සාහ දරන බවකි.

ඒ බව රටේ වී නිශ්පාදන ක්‍රියාවලියට අදාලව අදාලව සිදු කරන්නට යන දේ මගින් ඒ බව මනාව පැහැදිලි වන්නේය.

එමගින් පෙන්වන්නේ තමන් තවදුරටත් රාජ්‍ය ධනවාදය මත දෘෂ්ඨිමය විශ්වාසය තබන බවත් එනමුත් වෙළදපල මත ගොඩනැගු නව ලිබරල් වාදී ආර්ථික මාදිලිය රට තුල පවත්වාගෙන යාමටද තමන් සිතන පතන බවකි.

වි නිශ්පාදනයේ පාරිභෝජනයේ අරබුදය ජවිපෙ සිතන පතන අයුරින් ජය ගන්නට හැකිවේවා යයි අප ප්‍රාර්ථනය කරමු. නමුත් ඒ තුල පරහක් ඇති බව පමනක් මෙසේ ලියා තබමි.

xdt45d
පසුගිය වසර 75 ක කාලයක් තිස්සේ මෙරට කරවු ආන්ඩු සියල්ල සිදු කරන ලද්දේ මේ වෙස් නැටුමමය.

ඒ නිසාම රටට අත්වු ඉරනම ද පැහැදිලිය. ඉන් සෙතක් නම් අත්වුයේ නැති බව පැහැදිලිය.

අප එක්කෝ සමාජවාදය පතමින් රාජ්‍ය ධනවාදය වැළදගත යුතුය. හැකි නම් ජනතා ආශීර්වාදයෙන් පක්ෂ රාජ්‍ය ධනවාදයටද අවතීර්න විය හැකිය.

එසේ නැති නම් වෙළද පල නව ලිබරල්වාදයට හැකි ඉක්මනින් මාරුවිය යුතුය.

අපට රටක් ලෙස තවදුරටත් දෙලොවක් අතර සිරවි සිටිය නොහැකිය.

ලෝකය ගමන් කරමින් සිටින ඩිජිටල් ආර්ථිකය පදනම් වන්නේ නව ලිබරල් වාදී මුලධර්ම මතය.

ඒ අනුව බලන කල රේල් පිලි දෙක මත දෙපය රදවාගෙන අප මෙතෙක් සිදු කරන ලද ගමනේ කිසිදු හරයාත්මක ප්‍රතිපලයක් අත් කරනොගත්තා පමනක් නොව ඉන් ඉදිරියටද එවැනි ගමනකින් ප්‍රතිපලයක් අත්නොවන බවද ස්ථිරය.

ජවිපෙ ප්‍රමුඛ මාලිමාව කිවේ කමන් රට බංකොලොත් කල 75 වසරක් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ක්‍රමය වෙනස් කරන බවයි.

එසේ නම් මාලිමාවට ඉදිරිපත් කල හැකි එකම විකල්පය තිබෙන්නේ රාජ්‍ය ධනවාදය තුලය.

නමුත් එසේකරන්නට නොහැකි මාලිමා රජය දැන් කරන්නේ තට්ටු මාරුවට විශයෙන් විශයට පීලි දෙක මත කකුල් රදවාගෙන ආර්ථිකය කලමනාකරනය බවකි. එය සෞඛ්‍ය සම්පන්න ආර්ථික කලමනාකරනයක් නොවේ.

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාෂනය තුලම මෙම පරස්පරතාවය පෙන්නුම් කෙරුනේය.

drtw45d
මෙසේ වන්නේ රට තුල දෟෂ්ඨිගත ඒකමිතියක් නොමැති වීම නිසාය.

රට ගොඩනැගීම පිලිබද දේශපාලන දෟෂ්ඨිමය යුද්ධයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.  

එම යුද්ධය ආරම්බ වන්නේ ජේආර් මෙරටට නිදහස් වෙළදපල ආර්ථික මාදිලිය හදුන්වාදීමත් සමගය.

රටේ ජනතාව තවමත් වෙළදපල ආර්ථිකයේ ප්‍රථිපල භුක්ති විදින අතරේම රටේ බුද්ධිමය සංවාදය තුල සිදු කරන්නේ එයට එරෙහිව වන මැසිවිල්ලකි.

එම යුද්ධයේදී සැමවිටම ජයග්‍රාහකයා වුයේ රාජ්‍ය ධනවාදය මත විශ්වාසය තබනු ලැබු සමාජවාදී දෟෂ්ඨියයි.

එසේ ජයග්‍රහනය ලැබීමට පදනමවුයේ මෙරට ජනතාවගේ කැමැත්තයි.

මේරටේ ජනතාවගේ බහුතරය පංති බේදයකින් තොරව තමන් සතුකරගෙන සිටින සමාජවාදය පිලිබදව පවතින දල විශ්වාසයන් පදනම් කොට ගෙන රටේ උන්නතියට රාජ්‍ය ධනවාදය පදනම් කරගත් සුබසාධන රාජ්‍ය මාදිලියක් සුදුසු බවට විශ්වාස කරනු ලබති.

එය අදටත් සත්‍යයකි. නමුත් එම ජනතා අභිලාෂය කිසිදා කිසිම පාලනයක් තුලින් ඉටු කරගැනීමට ජනතාවට හැකිවුයේ නැත.

ජනතාව කරන්නේ වරද පාලකයා පිටට දැමිමය. නමුත් වරද ඇත්තේ ජනතා අභිලාෂය තුලය.

මෙරට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වෙන්නේ ජනතාව එම මිත්‍යාවෙන් ගැලවුන කලටය.

මෙම විශ්වාසයට පදනම වැටෙන්නේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ විසින් 1930 ගනන් වල සිට මෙරට ජනසමාජයට කාන්දු කරන ලද බුද්ධිවාදී අදහස් ගොන්නයි.

ඊට අමතරව දැනට මෙරට සිටින වැඩිහිටි පරම්පරාව කුඩාකල සිට හැසිරවු රුසියානු සාහිත්‍යයේ ආභාෂයද ඒ සදහා බරපතල බලපෑමක් ඇති කොට තිබේ.

පැරනි වමේ කොඩිය පසුව අතටගත් ජවිපෙද මෙකී වාම ආභාෂය නොඅඩුව සහ සංයුක්ත ලෙස මෙරට විශ්වවිද්‍යාල පද්දතිය හරහා මේවන තෙක්ම මෙරට උගත් සමාජයට කාන්දුකොට තිබේ.

dty456d
අද ජවිපෙ බලය හොබවන්නේද එම දෟෂ්ඨිවාදය පෙරටු කොට ගනිමිනි. ඒ සදහා ජන අනුමැතියද නොඅඩුව ලැබී තිබේ.

එම නිසා ජවිපය ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේ වරදක් ඇත්තේ නැත.

සමාජවාදී අභිලාෂයන් වැරදි යයි කීමට නොහැක. ඒ තුල අන්තර්ගත වන්නේ සමානාත්මතාවය හා යුක්තිය පිලිබද වටිනාකමකි.

මාක්ස් ධනවාදය පිලිබදව තියුනු හා බුද්ධිමය විවේචනයක් ගෙනආ නමුත් මාක්ස්වාදය පදනම් කොටගත් විකල්ප ආර්ථික මාදිලියක් ලෝකය තුල ගොඩනැගීමට මේතාක් සමත්වී නැත්තේය.

සමාජය තුලට සමාජවාදය තුලින් සිදු කෙරෙන බලපෑම ඉතා ප්‍රභලය.

නමුත් අප තේරුම් නොගන්නේ මාක්ස්වාදය පදනම් කරගත් වටිනාකම චර්යාධාර්මිකව නිවැරදි වුවාට එය රාෂ්ඨ පාලනයේදී ගෙඩි පිටින් අනුගමනය කල හැකි සිද්දාන්තයක් නොවන බවය.

එහි ආභාෂය ලංකාවේ දකුනේ දේශපාලනයටද  ප්‍රභලව කාන්දුවී තිබේ.

60 දශකය තුල එජාපයේ ආර්ථික දෟෂ්ඨිමය ගමන් මගෙහි වෙනසක් ඇති කරමින් රටට නිදහස් වෙළදපල ආර්ථික මාදිලියක් හදුන්වාදෙන්නට ජේ ආර් උත්සාහ කල විට එයට එරෙහිවී තිබුනේ ඩඩ්ලි බව ඉතිහාසගතය.

se5t345cd
එවකට ඩඩ්ලි ප්‍රමුඛ එජාපයද විශ්වාස කරන ලද්දේ මෙරටට සුදුසු දේශපාලන ආර්ථික මාදිලිය සුභසාදන රාජ්‍යයක පැවැත්ම බවය.

සජිත් මානුෂික ධනවාදයක් පිලිබදව කතා කරන්නේද මෙම ආභාශය නිසාය.

නමුත් සමාජවාදී අභිලාෂයන් රාජ්‍ය කරනයට එලෙසටම පරිවර්තනය කලහොත් ගොඩනැගෙන්නේ යුතෝපියාවකි.

සුභසාධන රාජ්‍ය, රාජ්‍ය ධනවත් නොමැති නම් පාර කපන්නේ බංකොලොත්භාවයටය.

සෝවියට් කදවුර සමාජවාදය යනුවෙන් ගොඩනැගුවේ සුභසාදනය පෙරටු කරගත් රාජ්‍ය ධනවාදයයි. සෝවියට් කදවුරේ බිදවැටීමට එයම හේතුවක් වුයේය.

සිරිමා/ඇන්අම් ගේ සමගි පෙරමුණු ආන්ඩුවද එම පිලිවෙතම අනුගමනය කලාසේම එහි දේශපාලන අවසානයද එම පිලිවෙත මගින්ම තීරනය කරගත්තේය.

සෝවියට් කදවුරට වෙනස්ව චීනය අද ගොඩනගා ඇත්තේ පක්ෂ රාජ්‍යයක් මගින් හසුරුවන රාජ්‍ය ධනවාදයයි ( party state capitalism)

sxert345

චීනයේ පවතින ආර්ථික සාධකයන් එනම් ප්‍රාග්ධනය, ශ්‍රමය හා ඉඩම් හසුරුවන්නේ චීන රජයයි. අවස්තාවන්ගේ සමානාත්මතාවය ( equality of opportunity) පුද්ගලයාට අයිතියක් ලෙස නොමැති අතර එය හසුරුවන්නේද චීන කොමියුනිස්ට් පක්ෂ රජයයි.

වසර 75 ක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් ඇති ලංකාව තුල ජවිපෙට ලෙහෙසියෙන් හා පහසුවෙන් පක්ෂ රාජ්‍යයක් ගොඩනංවන්නට හැකි වන්නේ නැත.

එවැනි පක්ෂ රාජ්‍යයක් නොමැතිව ජවිපය ප්‍රමුඛ මාලිමා ආන්ඩුවට චීනය හෝ වියට්නාමය අනුකරනය කල හැකි වන්නේ නැත.

එසේ නොකොට රාජ්‍ය ධනවාදයට නැවත යාම ඉතිහාසය නැවත වරක් විගඩමක් ලෙස පුකරුච්ඡාරනය වීමකි.

එම නිසා ලාංකික ජනතාවද දේශපාලනයද නැවත සැලසුම් මේසයට යාම කාලෝචිත වන්නේය.

xdrt465ආර්ජන්ටිනාවේ නව ජනාධිපති Javier Milei
එහිලා තැබිය යුතු අත්පොත සොයා ගත යුත්තේ ආර්ජන්ටිනාවේ නව ජනාධිපති Javier Milei ගෙනි. ලංකාවේ මෙන්ම ෆෙරෝන් වාදයෙන් උමතුවී සිටි ආර්ජන්ටියානු ජාතිකයන් අවසානයේදී නව ලිබරල්වාදය මිලේ ජනාධීපති හරහා වැලදගත්තේය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදියකු වන මම මේ ලියවිල්ල මගින් අවධාරනය කරන්නේ නව ලිබරල්වාදය සර්වතෝබද්‍ර සංකල්පයක් ලෙසට නොවේ. නමුත් එය ගෝලීය යථාර්තයක් වන නිසාය. ඉන් පිටත කරනු ලබන අත්හදා බැලීම් කුඩා රටක් වන අපට නොගැලපෙන නිසාය.

එම නිසාම අපට මේ පිලිබදව ගැඹූරු සංවාදයක් අවශ්‍යව තිබේ. අපට අනුව එය දෘෂ්ඨිමය යුද්ධයකි.


shiral lakthilaka| නීතිඥ ශිරාල් ලක්තිලක
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...