අමාත්‍යවරයාව සිටි මන්මෝහන් සිං බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
එතැන් සිට ඉන්දියාව විශාල උත්සාහයකින් පස්සේ අද ආර්ථික සුපිරි බලවතෙක් දක්වා ලොකු ගමනක් ඇවිල්ල තියනවා.
නරසිංහ රාවෝ අතින් පටන්ගත්ත නූතන ඉන්දියානු ආර්ථික පුනරුදයේ ලොකු දක්ෂිණාංශික වෙනස්කම් ප්‍රමාණයක් මන්මොහන් සිං අතින් සිද්දඋනා.
දුප්පත් පවුලකින් ඇවිල්ල අමාරුවෙන් ඉගෙනගෙන ලෝකයේ අද 'සුහුරු පංතියක්' ලෙස හඳුනාගැනෙන 'තාක්ෂණ මධ්‍යම පන්තියට' (Indian technocrats) මන්මොහන් සිං ඇතුලත් වෙනවා විතරක් නෙවෙයි ඉන්දීය ආර්ථිකයේ සහ බැංකුකරණයේ ඉහළම තනතුරු ඔහු දරල තියනවා අගමැති වෙන්න කලින් වගේම පස්සෙත්.
ඉන්දියාව පැත්තෙන් ඔහු සම්භාවනීය කෙනෙක්. චරිතයක්.
ඉන්දියන් ආර්ථිකය ලිබරල්කරණය කිරීමේ ප්‍රමුඛයෙක් වූ සිං අතින් ලෝක ජනගහනයේ අති විශාල පංගුවකට හිමිකම් කියන ඉන්දියානුවන් මිළියන ගණනකගේ ජීවිත වෙනස්වී ඇති බවයි ඉන්දියානු විචාරකයින්ගේ මතය.
විදෙස් ආයෝජන විශාල ප්‍රමාණයක් ඉන්දියාව වෙත ආකර්ෂණය කරගත් ඔහු 2008 ගෝලීය මුල්‍ය අවපාතයෙන්ද ඉන්දියාව බේරාගනු ලැබුවා.
කෙසේ වෙතත් ඔහුගේ දෙවන ධූරකාලය තුල ඔහුගේ කැබිනම් අමාත්‍යවරුන් ගණනාවක් වෙත දුෂණ චෝදනා එල්ල උනා. ඒ මොහොතේ ඔහු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ''ඉතිහාසය මා දෙස මීට වඩා කාරුණිකව බලනු ඇත'' යනුවෙන් (I honestly believe that history will be kinder to me than the contemporary mediaa).
ඇත්ත වශයෙන් ඔහුගේ උරුමය දෙස ඔහු මියගිය අද දවසේ සිට බැලූ කළ එය සත්‍යයක් බව පසක් වෙයි.
මන්මෝහන් සිං කියන්නේ ඉන්දියානු තාක්ෂණ මධ්‍යම පංතියේ ඇත්තම වැඩ්ඩෙක්.
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි පුවත් :
ඉන්දියාව ආර්ථික ප්‍රතිසංස්කරණ කරා මෙහෙය වූ මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි
මන්මෝහන් සිං : ඉතිහාසය මා දෙස මීට වඩා කාරුණිකව බලනු ඇත... | ආචාර්ය මහේෂ් හපුගොඩ
T
The Leader Desk
December 27, 2024 • 3:02 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අමාත්‍යවරයාව සිටි මන්මෝහන් සිං බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
- දුප්පත් පවුලකින් ඇවිල්ල අමාරුවෙන් ඉගෙනගෙන ලෝකයේ අද 'සුහුරු පංතියක්' ලෙස හඳුනාගැනෙන 'තාක්ෂණ මධ්‍යම පන්තියට' (Indian technocrats) මන්මොහන් සිං ඇතුලත් වෙනවා විතරක් නෙවෙයි ඉන්දීය ආර්ථිකයේ සහ බැංකුකරණයේ ඉහළම තනතුරු ඔහු දරල තියනවා අගමැති වෙන්න කලින් වගේම පස්සෙත්.
- ඉන්දියන් ආර්ථිකය ලිබරල්කරණය කිරීමේ ප්‍රමුඛයෙක් වූ සිං අතින් ලෝක ජනගහනයේ අති විශාල පංගුවකට හිමිකම් කියන ඉන්දියානුවන් මිළියන ගණනකගේ ජීවිත වෙනස්වී ඇති බවයි ඉන්දියානු විචාරකයින්ගේ මතය.
- විදෙස් ආයෝජන විශාල ප්‍රමාණයක් ඉන්දියාව වෙත ආකර්ෂණය කරගත් ඔහු 2008 ගෝලීය මුල්‍ය අවපාතයෙන්ද ඉන්දියාව බේරාගනු ලැබුවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


