“සංස්කෘතික මිනිසා” යනු උසස් මිනිසෙකි. ශිෂ්ට මිනිසෙකි. සදාචාරවත් මිනිසෙකි. එවැනි මිනිස් සමාජයක් “සංස්කෘතියක්” ලෙස හැඳින්විය හැකිය. ලක් වැසියා සංස්කෘතික මිනිසෙකු බවට පත් කළේ බුද්ධ ධර්මය විසිනි. අනුරාධපුර පොළොන්නරු නටබුන් සහ මහාවංශ කතාවෙන් අපට එම පැරණි සංස්කෘතිය දැක ගත හැකිය.
නමුත් ක්‍රමයෙන් පරිහානියට පත් වූ සහ පත් කර වූ ලංකාව අද තනිකරම “අසංස්කෘතිකය”. මාලිමාව යනු එහි නිශ්චිත සංකේතයයි.
මාලිමාවට ඡන්දය දුන්නේ ලංකාවේ අසංස්කෘතික වනචාරියාය. ආණ්ඩු පක්ෂයේ 159 දෙනාගෙන් එම අසංස්කෘතික මිනිසුන් මනාව නියෝජනය වේ. නොනිවෙන කාම තණ්හාවෙන් පෙළෙන මධ්‍යම පාන්තික අරගලකරුවන් විසින් අසභ්‍ය අසත්‍ය අසම්මත භාවිතයෙන් බලය ලබා ගැනීමම අසංස්කෘතිකය. සංස්කෘතික මිනිසා පළමුව සත්‍යවාදී මිනිසෙකි. බෞද්ධයා පරමසත්‍යවාදියෙකි.

මාක්ස්වාදී ජවිපෙ යනු නිරාගමික අසංස්කෘතියකි. බල ග්‍රහණය සඳහා මිනීමරන්නා අසංස්කෘතිකය. 1971 සහ 1987-89 අප දුටුවේ එම අසංස්කෘතියේ විකාශන අවධීන්ය. 2022 දී අප දුටුවේ ජවිපෙ විසින් දියත් කළ එම අසංස්කෘතිකරණයේම ආන්තික ගෝත්‍රික අවස්ථාවකි. මිනීමරුවන් විසින් රිලව් මැරීමට අණ දීම පුදුමයක් නොවේ. නවකයන්ට වධ දීම අසංස්කෘතිකය.
ප්‍රබලයා විසින් දුබලයාට කරන කාමුක හිංසනය අශිෂ්ටය. සංස්කෘතික මිනිසා සහකම්පිත අවිහිංසාවාදියෙකි.
“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” යනුවෙන් නිර්මාල් දේවසිරි (2022) කළ මුග්ධ ප්‍රකාශය ලංකාවේ අසංස්කෘතියේ අවසාන විග්‍රහයයි. අනෙකාගේ අඹුව සමග හෝ අනෙකාගේ ස්වාමියා සමග හෝ නිදි නොවදින්නට එකඟ නොවන සමාජය වල්ය. අමනුෂ්‍යය. අසංස්කෘතිකය. ව්‍යවස්ථාවකින් තොර සංස්කෘතියක් නැත. සංස්කෘතික මිනිසා ව්‍යවස්ථාවාදියෙකි.
ලංකාව නැවත සංස්කෘතික නොවේ. සංස්කෘතික මිනිසුන් ස්වල්පයක් සිටී. ධර්මය ඔබට මග වේවා!
(සටහන | එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
December 28, 2024



