The Leader News
BREAKING
Top Ad
Opinion

පාතාල මර්දනය හා වටගල සහෝදරයා | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 29, 2024 • 10:46 AM

පාතාල මර්දනය හා වටගල සහෝදරයා | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ගැන මං ජාතික ජන බලවේගයට සහාය දෙන බටහිර ඉවුරේ දර්ශනය පිටුවේ කමෙන්ට් එකක් විදියට සඳහන් කළාම ලංකාවේ එවැනි බරපතල අභියෝගයක් තියෙනවාය කියලා වංගීසට එහෙම තේරුණේවත් නැහැ. පහුගිය කාලෙ ලංකාවේ ආණ්ඩු තුනක් සමාන්තරව ක්‍රියාත්මක වුණා.
  • ඒක වටගල පාස්පෝට් ඔෆිස් එකට ගිය දවසෙ ඔහු අන්දලා පාස්පෝට් 17කට ඇනපු නිශාන්ත කියන ටයිකෝට්කාරයා දීපු ගේමට වඩා සුපිරි ගේමක්.
  • ආනන්ද විජේපාලලා, රවී සෙනෙවිරත්නලා යටතේ බොහොම සරල ලෙස සිදුවෙන මේ දේවල් ටිරාන් අලස් එක්ක මේ ලෙවල් එකෙන් වුණේ නැති බව මතක තියාගන්න.
  • අනුරටත් එහෙම වෙන්නට වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ගැන මං ජාතික ජන බලවේගයට සහාය දෙන බටහිර ඉවුරේ දර්ශනය පිටුවේ කමෙන්ට් එකක් විදියට සඳහන් කළාම ලංකාවේ එවැනි බරපතල අභියෝගයක් තියෙනවාය කියලා වංගීසට එහෙම තේරුණේවත් නැහැ. 

පහුගිය කාලෙ ලංකාවේ ආණ්ඩු තුනක් සමාන්තරව ක්‍රියාත්මක වුණා. එකක් තිබුණු ධනේශ්වර ආණ්ඩුව. තව එකක් ජවිපෙ/ වෘත්තීය සමිති මාෆියාව. තුන්වෙනි එක තමයි මත්ද්‍රව්‍ය/ අපරාධ පාතාලය. 

දැන් පළමුවෙනි එක නැහැ. දෙවෙනි මාෆියාව තමයි බලයෙ ඉන්නෙ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට ආවා කියලා මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම් කිසිවක් පසුගිය මාස තුනේ අඩු වුණේ නැහැ නේද?  තුන්වෙනි බලවේගය ශක්තිමත් වෙලා. උදාහරණයක් විදියට පොඩි ලැසී හා මැඩගස්කරයේ සිට මහජන මුදල් වැය කර ලංකාවට ගෙන ආ කුඩු සළිඳු නීත්‍යානුකූලව ඇප ලබාගෙන ටටා බායි කියලා යන්න ගියා. ඒක වටගල පාස්පෝට් ඔෆිස් එකට ගිය දවසෙ ඔහු අන්දලා පාස්පෝට් 17කට ඇනපු නිශාන්ත කියන ටයිකෝට්කාරයා දීපු ගේමට වඩා සුපිරි ගේමක්. වටගලලාට තාම ඒක තේරිලාවත් නැහැ.

 



දැන් පාතාලය මෙහෙයවන්නෙ මතුගම කෙනෙකු යයි වටගල කිව්වා. වටගල මතුගම කෙනෙක්. පාතාලය ආර්ථිකයට පමණක් නොවෙයි, දේශපාලනය තුළට පවා බද්ධ වී තිබෙන තරම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබෙනවා.

 

ආනන්ද විජේපාලලා, රවී සෙනෙවිරත්නලා යටතේ බොහොම සරල ලෙස සිදුවෙන මේ දේවල් ටිරාන් අලස් එක්ක මේ ලෙවල් එකෙන් වුණේ නැති බව මතක තියාගන්න. ටිරාන් අභියෝග භාරගත් මහජන ආරක්ෂක ඇමතිවරයෙක්. අරගලයේ අභියෝගය ඔහු මර්දනයෙන් ජයගත්තා. මත්ද්‍රව්‍ය හා පාතාලයටත් අත තියලායි තිබුණෙ. රනිල් බලයට පත්වුණ අලුත බංකරයක සිට වුණත් පාලනය කරන්න සූදානමකින් තමයි ඔහු හිටියෙ. ඒ වුණාට කැරැල්ල පහසුවෙන් මර්දනය කරන්නට ඔහුට පුළුවන් වුණා. මේ වගේ අර්බුදකාරී කාලවල ඒ වගේ නායකත්වයන් අවශ්‍යයි. අනුරටත් එහෙම වෙන්නට වෙනවා. හැමෝටම විරිත්ත විරිත්ත, හැමෝගෙන්ම උම්ම බලාපොරොත්තුවෙන් මේ වගකීම ඉෂ්ට කරන්න බැහැ.

ජවිපෙට උවමනාවක් තියෙනවා නම් මත්ද්‍රව්‍ය/ පාතාලය මර්දනය කරන්නටත් පුළුවන්. වෙන දේවලින් ජනප්‍රිය වෙන්න බැරි මේ වගේ දුෂ්කර කාලෙක මේක කළොත් ජනප්‍රිය වෙන්නත් පුළුවන්. හැබැයි, කරන්නට ලොකු එඩිතරකමක් අවශ්‍යයි. 

 

දින 28කදී පොලිස් නිලධාරීන් 15ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයි?
පොලිසියට භාර දීපු පමණින් මේක වෙන්නෙ නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පොලිසිය මේ එක්ක සම්බන්ධයි. කරනවා නම් දේශපාලන අධිකාරිය වගකීම භාරගන්න ඕනැ. ඒ අයගෙ ආරක්ෂාව සලස්වා ගන්නට ඕනැ. අභියෝග භාරගන්න නිලධාරීන්ට පැති ගණනාවකින් ගැටලු මතු වෙනවා. මේවට සේවා සපයන දක්ෂ නීතීඥයන් ඉන්නවා. මානව හිමිකම් ගැටලු මතුවෙනවා. කේස් එක ජිනීවා දක්වාම යනවා. රැවුලයි, කැඳයි ඔක්කොම බේරගෙන ලංකාව වගේ රටක් පාලනය කරන්නට බැහැ. බලය ගත්තා නම්, ඒක තේරුම් අරගෙන වැඩ කරන්නට වෙනවා. 

හැබැයි ඉතින්, ජනතා විමුක්ති පෙරමුණට පක්ෂයක් විදියට තියෙන ශක්තිය පාවිච්චි කරලා කරන්නට පුළුවන් දෙයක්. ජවිපෙ කියන්නෙ සාමාන්‍ය දේශපාලන පක්ෂයක් නෙමෙයිනෙ. ඒක විශාල ජාලයක්. ඒකට අධිෂ්ඨානයක් තියෙන බව කැපවෙලා පෙන්නුවොතින් ජනතාව සහයෝගය දෙයි. නැතිනම්, තොරතුරක්වත් දෙන්නට බැහැ. තොරතුර දෙන කෙනාගෙ නම විතරක් නෙමෙයි පෙත්සමේ ෆොටෝ කොපිත් එක්ක තමයි බඩු ලීක් වෙන්නෙ.

ටියුෂන් තහනම් කිරීම වෙනුවට….. | අජිත් පැරකුම් ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාතාල මර්දනය හා වටගල සහෝදරයා | අජිත් පැරකුම් ජයසිංහ | The Leader