චෝදනා කලේය.
පවතින පනත්, චක්‍රලේඛ සහ පසුගිය කැබිනට් තීරණ රජයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට බාධාවක් ලෙස සඳහන් කරමින් මෙම නිලධාරීන් හිතාමතාම රජයේ වැඩ පිළිවලට බාධා කරන බව ට ඔහු ප්‍රකාශ කර ඇත.
මෙහිදී කලක් අමාත්‍යංශයක ස්ථිර ලේකම් වරයෙකු ලෙස කටයුතු කළ කෙනෙක් හැටියට මෙම තත්වය පැහැදිලි කිරීමට මම සිතුවා.
රාජ්‍ය නිලධාරීන් දෙස ආණ්ඩුවේ එදිරිවාදීන් ලෙස බැලීම නිවැරදි නැහැ. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ පවතින නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති රාමුව තුළ ක්‍රියාත්මක වීමයි. පවතින නීති, චක්‍රලේඛ හෝ පෙර පැවති කැබිනට් තීරණ වත්මන් රජයේ නියෝගවලට හෝ ප්‍රතිපත්ති වලට පටහැනි බව නිලධාරීන් පෙන්වා දෙන විට ඔවුන් කරන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක නියැලීම නොව රජයේ නියෝග ක්‍රියාත්මක කිරීමට ඇති පරිපාලනමය බාධාවන් පෙන්වා දීම පමණකි.
රජයේ ප්‍රතිපත්ති සහ තීරණ පවතින නීතිමය හෝ නියාමන රාමුවට පටහැනි නම්, විසඳුම වන්නේ නිලධාරීන්ට දොස් පැවරීම නොව ව්‍යවස්ථාදායක සහ විධායක මට්ටමින් මෙම ප්‍රතිවිරෝධතා විසඳීමයි. යල් පැන ගිය නීති සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම, රෙගුලාසි සංශෝධනය කිරීම සහ කැබිනට් තීරණ තම න්‍යාය පත්‍රයට අනුකූල වන බවට සහතික වීම කෙරෙහි හඳුන්නෙත්ති අමාත්‍යවරයා සහ රජය අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු සහ කැබිනට් මට්ටමේ ක්‍රියාමාර්ග ගැනීම මිස රාජ්‍ය නිලධාරීන් විවේචනය කිරීම පළක් ඇති ක්‍රියාවක් නොවේ.
රජයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට ඇති බාධාව නිලධාරීන් ලෙස පෙන්වමින් ඔවුන් විවේචනය කිරීම ඔවුන්ගේ වෘත්තීයමයභාවය අවතක්සේරු කිරීමක් වන අතර එමඟින් රජයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කිසිඳු දායකත්වයක් ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට, රජය කළ යුත්තේ සහයෝගිතාව සහ පද්ධතිමය ප්‍රතිසංස්කරණ තුළින් රජයේ දැක්ම සමඟ පාලනය පෙළගැස්වීමයි.
(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)
සබැඳි පුවත :
'ඇතැම් රාජ්‍ය සේවකයින් සමග අරගල කිරීමට ආණ්ඩුවට සිදුව තියනවා' - ඇමති හඳුන්නෙත්ති



