The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රායෝගිකත්වය නොදැන කයිවාරුගැසීම | නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

T

The Leader Desk

December 31, 2024 • 7:53 AM

ප්‍රායෝගිකත්වය නොදැන කයිවාරුගැසීම | නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහල් ඒකාධිකාරිය මට්ටු කරන බවත් ඉදිරි මහ කන්නයේදී වී අලෙවි මණ්ඩලය හරහා විශාල වී ප්‍රමාණයක් මිලදී ගන්නා බවත් වී සහල් මාෆියාව මට්ටු කරන බවත් ය.
  • ඔහු වැඩිදුරටත් කියා සිටියේ වී අලෙවි මණ්ඩලයේ සතුව ඇත්තේ වැඩ කරන එක ලොරියක් පමණක් බවයි.
  • ඉදිරි මහ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වී මිලදී ගන්නා බවයි.
  • මුදල් වෙන් කරන බවත් ඒ සඳහා ගබඩා සූදානම් බවත්.
අකුරු ප්‍රමාණය (Font Size):

සහල් ඒකාධිකාරිය මට්ටු කරන බවත් ඉදිරි මහ කන්නයේදී වී අලෙවි මණ්ඩලය හරහා විශාල වී ප්‍රමාණයක් මිලදී ගන්නා බවත් වී සහල් මාෆියාව මට්ටු කරන බවත් ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ වී අලෙවි මණ්ඩලයේ සතුව ඇත්තේ වැඩ කරන එක ලොරියක් පමණක් බවයි. මෙම කතාව ප්‍රධාන ප්‍රවෘත්ති මගින්ද වාර්තා කළේය.

 



පසුගිය දවසක සිරස සටන වැඩසටහනට මා සහභාගි වූ අවස්ථාවේදී වී අලෙවි මණ්ඩලයේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් සහල් කර්මාන්තයේ පුද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය හා එයට බාධා කරන රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව හා නිදහස් වෙළඳපොළ බලවේග පිළිබඳව අප දෘෂ්ටිවාදීමය වශයෙන් විශ්වාසය තබා කටයුතු කරන බවත් ආණ්ඩුවේ වගකීම නියාමනය ප්‍රමිතිය සහ කළමනාකරණය පමණක් බවත් රාජ්‍ය පංගුව ඉහළ නැංවීමෙන් පාලනය කළ නොහැකි බවත් වී අලෙවි මණ්ඩලය ඵලදායී නොවුනේ සහ අසමත් වූයේ ඇයිදැයි විමසමින් මා කරුණු දැක්වූ විට ජාතික ජන බලවේගය නියෝජනය කළ නීතිඥ ලක්මාලි මන්ත්‍රීතුමිය කියා සිටියේ වී අලෙවි මණ්ඩලය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් විනාශ කර ඇත්තේ පසුගිය ආණ්ඩු බවත් තම පාලනය යටතේ යළි ත් එම රාජ්‍ය ව්‍යවසායන් යථා තත්ත්වයට පත්කර රාජ්‍ය පංගුව වැඩිකර ඒකාධිකාරිය පාලනය කරන බවයි. ඉදිරි මහ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වී මිලදී ගන්නා බවයි. මුදල් වෙන් කරන බවත් ඒ සඳහා ගබඩා සූදානම් බවත්. වී මිලදී ගැනීමට වාහන සේවකයින් සූදානම් බවයි. 

 



රාජ්‍ය ව්‍යවසායන පිළිබඳව තම ප්‍රතිපත්තියද ලක්මාලී මන්ත්‍රීතුමිය පැහැදිලි කරමින් මගේ අදහස ගරහවට හා සමච්චලයට ලක් කරමින් වෙළඳපොළ බලවේගවලට යට නොවන තම ජනතාවාදී දෘෂ්ටිවාදය ඉදිරිපත් කරමින් අභියෝගාත්මකව හැට හැත්තෑව දශකයේ චීනය කොරියාව මැලේසියාව ජපානය ඇතුළු නැගෙනහිර ආසියාවෙන් නව කාර්මික  රටවල් ගණනාවක නිදර්ශනද ගෙනහැර දක්වමින් සිරස සටන වැඩසටහන නරඹන ජනමනයා විසිල් ගසන තැනට ජනරංජන කළාය. එහෙත් එතුමියට අමතක වූ කරුණක් නම් ජාතික ජන බලවේගය ප්‍රෝගාමී පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ1987දී දේශප්‍රේමී අරගලය මුවාවෙන් මේ රටේ කෘෂිකර්ම මධ්‍යස්ථාන 107 හතක් ගිනි තබා විනාශ කර බව එතුමියට අමතක වී අවාසියා කරුණාබාධා රෝගය වැළඳී තිබිණි.

ලක්මාලි මන්ත්‍රිතුමියගේ අදහස් දැක්වීම තුළින් ආර්ථිකය සම්බන්ධව ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෘෂ්ටිවාදය මොනවට පැහැදිලි විය. රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකය මූලෝ පය බව පැහැදිලි විය. සෑම ක්ෂේත්‍රයකම පුද්ගලික අංශයේ කතපයා දිකාරීත්වය මට්ටු කිරීම සඳහා රාජ්‍ය පංගුව වැඩි කිරීම හා මැදිහත්වීම මූල්‍ය උපාය මාර්ගය හා ප්‍රතිපත්තිය බව පැහැදිලි විය. ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන්ද එය තහවුරු කළේය.

 

එහෙත් සහල් හිඟයට විසඳුම් සෙවීමේදී කතපයාධිකාරීත්වයට යටත් වී වෙළෙඳපොළ තර්කනයට ඉඩ දී ඉල්ලුම සැපයුම මත ක් මිල තීරණය වීමට ඉඩ දෙනවා වෙනුවට මහා පරිමාණ සහල් කර්මාන්ත හිමියන්ගේ මිල  තීරණයන්ට යටත් වී අවසානයේ සහල් ආනයනය කිරීමටද තීරණය කළ අතර මෙට්‍රික් ටොන් 70000ක් ආනයනය කිරීමට ගැසට් ගැසුවේය. එහෙත් රාජ්‍ය  අංශයට එක හාල් ඇටයක්වත් මේ දක්වා රට ඇතුලට ගෙන ඒමට සමත් වී නැත..

මෙට්‍රික් ටොන් 68000 දාහක්ම රට තුළට ගෙනවිත් වෙළඳපොලේ සහල් හිඟය කිසියම් ප්‍රමාණයකට හෝ සමනය කර ඇත්තේ පුද්ගලික අංශයේ ආනයනකරුවන්ය. 

පුද්ගලික අංශය සහල් ආනයනය කිරීම හරහා බදු තුළින් රජය උපයාගෙන ඇති ආදායම රුපියල් මිලියන 450 කී. සහල් පාලන මිල රුපියල් දහයකින් ඉහළ නංවා හිඟයකින් තොරව හාල් දෙන්නයි ජනපති මෝල් හිමියන්ට කීවද ප්‍රශ්නය විසඳුණේ නැත. වෙළඳ ඇමතිවරයාගේ ආණාධි කතා ද උද්දච්ච මානසිකත්වයද හරහට සිටි අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සාධාරණ ඉල්ලීම් ද මායිම් කලේ නැත. 

 



තොග වෙළඳුන්ගේ හා සිල්ලර වෙළඳුන්ගේ ඉල්ලීම්ද තුට්ටුවකට මායිම් කලේ නැත. ඔවුන් මාෆියාකරුවන් ජාවාරම්කරුවන් කළු කඩකාරීන් විදියට හංවඩු ගසා වෙළඳපොළ යාන්ත්‍රණයෙ අතරමැදි බලවේග ජාලය බිඳ දැමීමට හෝ අකර්මන්‍ය කිරීමට ද උත්සාහ කළේය. සුමටව ඉදිරියට යාමට දෙනවා වෙනුවට ගර්ශනයක් වෙළඳපොළ තුළ ඇති කළේ ය.

පාරිභෝගික අධිකාරිය පොළොන්නරුවේ හාල්මෝල් පිරුවද තර්ජන ගර්ජන කලද අද වනතුරු සහල් අර්බුදය සහල් හිඟය විසඳීමට සමත් වී නැත. නව වසරේ ජනවාරි පළවෙනිදා ට කන්නට පාලන මිලට කිරිබත් කන්නට සුදු කැකුළු නැත. රතු කැකුළු ඇත්තේම නැත . වෙළඳපොලේ හාල් හිඟය එහෙමමයි... තොග වෙළඳුන් සිල්ලර  වෙළදුන් අත්අඩංගුවට ගත්තද දඩ ගැසුවද ප්‍රශ්නය එතනමය. ජනතාව රජයේ සතොසේ පෝලිමේය. මාධ්‍ය වාර්තා කරන්නේ රජය  එක හාල් ඇටයක්වත් අනයනය කිරීමට සමත් වී නැති බවයි. මේ ප්‍රමාණයට හෝ සහල් හිඟයට වෙළෙඳපොළ තුළ විසඳුම ලබා දී ඇත්තේ පුද්ගලික අංශයේ අනයනකරුවන්ය. සහල් ආනයනය කිරීමේ කාලය තව දීර්ඝකර ලබා දී ඇත.පාරිභෝගිකයින් වෙනුවෙන් රාජ්‍ය අංශය සමත් වී නැත.

 මෙසේ තිබියදී ඉදිරි මහ කන්නය සම්බන්ධයෙන්  කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ සුපුරුදු රාජ්‍යපංගුව වැඩි කිරීමේ පරණ කතාවමය. ප්‍රායෝගික නොවන යථාර්ථවාදී නොවන කල් ඉකුත් වූ යල්පැන ගිය හැත්තෑව දශකයේ කතාවමය. දැන්වත් ප්‍රත්‍යක්ෂයෙන් කෘෂිකර්ම ඇමතිවරයාත් වෙළඳ ඇමතිවරයාත් ජනාධිපතිවරයාත් මේ වෙළඳපොළ යථාර්ථය තර්කනය අවබෝධ කරගත යුතුව තිබේ.

එබැවින් මහ කන්නයේදී වී අලවී මණ්ඩලය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට එනම් රටේ වි නිෂ්පාදනයේන් සීයට දහයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එය යථාර්ථයක් කර ගැනීමට කෙතරම් ප්‍රාග්ධනයක් වි අලෙවි මණ්ඩලයට යෙදවීමට සූදානම් ද යන්න පිළිබඳව මූල්‍ය පුරෝකථනයක් රට ඉදිරියේ කළ යුතුව ඇත.. වී අලෙවි මණ්ඩලය සතුව ගබඩා 260 ක් 325ත් අතර සංඛ්‍යාවක් ඇති බව වාර්තා වන අතර එම ගබඩා එකක්වත්ච වී ගබඩා කිරීමට නිසි ප්‍රමිතියකට  නැත. ගොවියාගෙන් කුඹුරට ගොස් වී මිලදී ගැනීමට වී එකතු කර ගැනීමට යාන්ත්‍රණයක් නැත. වාහන නැත. ප්‍රමාණවත් පරිදි පුහුණු අභිප්‍රේරණයක් සහිත සේවකයින් නැත. වී ගබඩා කලද ඒවා ආරක්ෂා කිරීම සඳහා මුරකරුවන් ඒවාට අවශ්‍ය පහසුකම් කෘමීන් හා සතුන්ගෙන් වී ගබඩා ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නැත.

සාධාරණ සමාජය' වී මිලට ගැනීමට සාධාරණ ක්‍රමයක් ඉල්ලයි

 

මෙතෙක් සිදු වී ඇත්තේ ගොඩ ගසා ගන්නා ලද වී තොග අවසානයේ සත්ව ආහාර සඳහා තුට්ටු දෙකට දීම හෝ නැතිනම් එම ගබඩා තුළම විනාශ වී දිරාපත් වී යාමය. වි නිෂ්පාදනය කරන ගොවීන් 18 ලක්ෂයක් රට තුළ ඇත. රටේ ශ්‍රම බල කයින් සියයට 24 ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලුණද එය රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් කෘෂි පංගුවසියයට අටකි.

ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වසරකට කිලෝ112.3කී. ජාත්‍යන්තරව ගත්විට ඒක පුද්ගල සහල් පරිභෝජනය වසරකට කිලෝ පනහකි. අප රට අධික සහල් පරිභෝජනයට හුරු ඇබ්බැහි වූ  රටකි. අප රටේ මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. වාර්ෂික මෙට්‍රික්ටොන් ලක්ෂ 24 ක් අවශ්‍ය වේ. ස්වභාවික විපත්වලින් වී වගා වන්ට  හානි සිදුනොවන්නේ නම්  මෙට්‍රික් ටොන් 4 25000ක අතිරික්තයක් වී රට තුළ නිෂ්පාදනය වෙයි. මින් බිර නිෂ්පාදනයට මෙට්‍රික් ටොන් 50000 යොදාගන්නා අතර සත්ව ආහාර නිෂ්පාදනයට මෙට්‍රික් ටොන් 50000ක් පුද්ගලික අංශය මිලදී ගනී.

රටේ ප්‍රධාන වීමෝල් හිමියන් වී නිෂ්පාදනයෙන් සියයට 27%  30% අතර පංගුවක් වෙළඳපොළ තුළ හිමිකරගෙන ඇත. වත්මන් ආණ්ඩුව හැත්තෑ හය වසරක සාපය ගැන කතා කරමින් පසුගිය ආණ්ඩුවලට දෙස් දෙවොල් තබමින් සාප කළද නිදහස ලබන විට 1948 හෙක්ටයාරයකින් අප ගත් වී නිෂ්පාදනය කිලෝ 650කි. 2024 දී එය  හෙක්ටයාරයකින් කිලෝ 4500කී. අත්පත් කරගෙන ඇති වර්ධනය ප්‍රගතිය නවීකරණය ඉන් මොනවට පැහැදිලි වේ.

 

කීරි සම්බා හිඟය කෘත්‍රිමව ඇති කළ එකක් !
ගෝඨාභය පාලන සමයේදී ගත්ත  අඥාන තීන්දු නොවන්නට වෙළඳපොළ උච්ඡාවචනයන් මැද වුවද සහල්වලින් අප ස්වයංපෝෂිත ඌ රටකි. කරගෙන ඇති නවීකරණය හාල් කිලෝ එකක් සැදීමට වී කිලෝ එකයි ග්‍රෑම් 600ක් අවශ්‍ය වේ. සහල් කර්මාන්තය නවීකරණය කර විශාල දියුණුවක් කරා ගෙන ගියේ වර්තමානයේ මේ සහල් අර්බුදය වග උත්තරකරුවන් ලෙස නම් කර මාෆියාකරුවන් ට ජාවාරම්කරුවන් ලෙස හංවඩු ගහන රාජ්‍ය මැදිහත්වී මට්ටු කළ යුතු බවට වාසි බස් දොඩන අය ලංකාවේ සහල් කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතියට මේ තැනට ඔසවා තිබුයේ මේ තුන් කට්ටුවේ සහල් මෝල් හිමියන් ව්‍යවසායකයන් බව යි අප අමතක නොකළ යුතුය.

කෙසේ වෙතත් රජය වී මිලදී ගත්තද වී ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් සකසා ගත්තද ඇඹරීමට රජය සතුව වී අලෙවි මණ්ඩලය සතුව මෝල් නැත. හැත්තෑව දශකයේ අවසාන භාගයේ චීන ප්‍රදානයක් ලෙස ලැබුණු දකුණු ආසියාවේ විශාලතම සහල් මෝල කුරුණෑගල ගල්ගමුවේ ඉදිකලද එය ඵලදායි උයේ නැත. සතොස සතුව වී මෝල් තිබුණද එහි ධාරිතාවේ ඵලදායිතාව පිළිබඳ ව ගැටලුවක් ඇත. රාජ්‍ය සහල් නිෂ්පාදනය කලද එම සහල් බෙදාහැරීමට අලෙවි කිරීමට ඇත්තේ සතොස ආයතන 447ක් පමණි..

කෙසේ වෙතත් ඉදිරි මහ කන්නයට මෙට්‍රික්ටොන් ලක්ෂ තුනක්  මිලදී ගැනීමට මේවා ප්‍රතිසංවිධානය කිරීමට විශාල ප්‍රාග්ධනයක්  අවශ්‍ය වේ. එබැවින් ලාල්කාන්ත ඇමතිතුමාට කිව යූත්තේ සහල් කියන්නේ ජනතාවගේ පොදු භාණ්ඩයක් යැයි රාජ්‍ය පැත්තෙන් නැවත නැවත වර නැගුවද පැරැණි ලෝකයේ අදහස් රීලොන්ච් කළද ගැටලු වලට විසඳුම් සෙවීමේදී නිදහස් වෙළඳපොළ යාන්ත්‍රණයන් මීට වඩා සුහුරු බව යථාර්ථයට සමීප බව වටහා ගත යුතුව ඇත.

(සටහන | නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය
nishanthasriws@gmail.com

Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...