The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩු බලය ලබා ගත්ත ද තවමත් රාජ්‍ය බලය ලබා ගැනීමට අපොහොසත් වෙලා | පිලිප් ශාන්ත

T

The Leader Desk

December 31, 2024 • 8:37 AM

ආණ්ඩු බලය ලබා ගත්ත ද තවමත් රාජ්‍ය බලය ලබා ගැනීමට අපොහොසත් වෙලා | පිලිප් ශාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගය ඉහළම ජයග්‍රහණයකින් ආණ්ඩු බලය ලබා ගත්ත ද තවමත් රාජ්‍ය බලය ලබා ගැනීමට අපොහොසත් වී ඇති බව ඔබ ද පිළිගන්නවා ඇතැයි සිතමි.
  • එය දිගින් දිගටම පැවැතුනහොත් ආණ්ඩුවට ලැබුණ ජනවරම දුර්වලවීමටත් මහජන අභිලාශයන් බොඳවීමටත් බලපාන බව නොරහසකි.
  • ඊයේ බිංගිරියේ ඇති වූ සිද්ධිය ජාතික ජනබලවේගයට රාජ්‍ය බලය අහිමිවීම නිසාත් ආණ්ඩුවේ ජවිපෙ නොවන දේශපාලන කොටස්වල ආධුනිකභාවය නිසාත් පැන නැගුණකි.
  • ඒ සදහා යාන්ත්‍රණය, ජවය හා ශක්තිය ඇත්තේ ජවිපෙට මිස ජාතික ජන බලවේගයට නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජාතික ජන බලවේගය ඉහළම ජයග්‍රහණයකින් ආණ්ඩු බලය ලබා ගත්ත ද තවමත් රාජ්‍ය බලය ලබා ගැනීමට අපොහොසත් වී ඇති බව ඔබ ද පිළිගන්නවා ඇතැයි සිතමි. එය දිගින් දිගටම පැවැතුනහොත් ආණ්ඩුවට ලැබුණ ජනවරම දුර්වලවීමටත් මහජන අභිලාශයන් බොඳවීමටත් බලපාන බව නොරහසකි.

10d618b0 c6ed 11ef 9fd6 0be88a764111.png

 

ඊයේ බිංගිරියේ ඇති වූ සිද්ධිය ජාතික ජනබලවේගයට රාජ්‍ය බලය අහිමිවීම නිසාත් ආණ්ඩුවේ ජවිපෙ නොවන දේශපාලන කොටස්වල ආධුනිකභාවය නිසාත් පැන නැගුණකි. සටකපට සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයේ උප්පරවැට්ටි වලට අසුවීමකි.

මේ රටේ ප්‍රභූ දේශපාලනය විසින් පවත්වාගෙන ගිය පාතාල ආර්ථිකය ගැන ඔබ හොදාකාරව දනී. මේ පාතාල ආර්ථිකය සුණු විනුසු නොකර මහජන අභිලාශයන් ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකිය. එය සමස්ත දිවයිනේම විය යුත්තකි.

 

මේ විවෘත ආයාචනය මා ලියන්නේ සමස්ත දිවයිනටම ආදර්ශයක් වන්නට කුරුණෑගල දිස්ත්‍රික්කය සූදානම් කරමු යැයි යෝජනා කරන්නට ය.  ඒ සදහා යාන්ත්‍රණය, ජවය හා ශක්තිය ඇත්තේ ජවිපෙට මිස ජාතික ජන බලවේගයට නොවේ. එනිසා මෙහිදී ජවිපෙ මූලික විය යුතුය.

ඇත්තටම ජවිපෙට පවා මේ විෂයේ දි සවිඥාණික අවබෝධයක් ඇතැයි මම නොසිතමි. එහෙත් එම යාන්ත්‍රණය ජව සම්පන්න හා ක්‍රියාකාරී කිරීමෙන් පවතින දේශපාලන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකිය.

ජවිපෙට කාඩර්වරු සිටී. යාන්ත්‍රණයක් තිබේ. අවශ්‍ය වන්නේ මෙහෙයුම සදහා අවශ්‍ය බුද්ධියයි. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලී සමාජය සතු ය. මේ මෙහෙයුම සදහා කළමනාකරණය හා සම්බන්ධීකරණය පැවරෙන්නේ දිස්ත්‍රික් නායකයා වන ඔබටයි. මේ මෙහෙයුම ප්‍රමාද වන්නට ආණ්ඩුව දුර්වලවීම ස්ථිර ය. එනිසා හැකි ඉක්මනින් මෙම මෙහෙයුම ආරම්භ කරන්නට මූලික වන ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි. අපේ සහයෝගය සපථ කරන්නෙමු.


(සටහන | පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික 
shan.info1978@gmail.com
Philip Shantha ගේ ෆේස්බුක් පිටුවෙන්..


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...