The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමාණ්ඩුවට ගාමන්ට් ප්‍රවාහනයට වඩා ප්‍රමුඛ විය යුත්තේ පොදු ප්‍රවාහනයයි | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 31, 2024 • 3:45 PM

මාලිමාණ්ඩුවට ගාමන්ට් ප්‍රවාහනයට වඩා ප්‍රමුඛ විය යුත්තේ පොදු ප්‍රවාහනයයි | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාගෙන් හෝ කනේ පාරක් කන්නටම අවශ්‍ය නැත.
  • එම කර්මාන්තශාලා ප්‍රවාහන ඇතුළු සැපයුම් සේවා ලබාගන්නා ආකාරය තීරණය කළ යුත්තේ ඔවුන්ගේ පටිපාටි අනුවය.
  • භයානකම තත්වය ඇත්තේ පොදු ප්‍රවාහන බස් සම්බන්ධයෙනි.
  • මේ වන විට බස් අයිතිකරුවන් අතර සැලකිය යුතු පිරිසක් පාතාල අපරාධකරුවන් හා වෙනත් කළු සල්ලි හිමියන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කාගෙන් හෝ කනේ පාරක් කන්නටම අවශ්‍ය නැත. බිංගිරියේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අනූනමයෙන් බේරී ආහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තබා ඇමතිවරුන්ටවත් පෞද්ගලික කර්මාන්තශාලා අදාළ නැත. එම කර්මාන්තශාලා ප්‍රවාහන ඇතුළු සැපයුම් සේවා ලබාගන්නා ආකාරය තීරණය කළ යුත්තේ ඔවුන්ගේ පටිපාටි අනුවය. ඒවා නීත්‍යානුකූල වන තාක්කල් මන්ත්‍රීවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ඒවා අදාළ නැත.

මෙම ප්‍රවාහන කොන්ත්‍රාත්තු කලක සිට සිදුවන ආකාරය එතරම් සාධාරණ නැති වන්නට පුළුවන. ඒවායේ යම් පිරිසක් ආධිපත්‍යය තබාගෙන සිටිනවා විය හැකිය. වෙනත් අයට එම ව්‍යාපාරයට පිවිසීමට අවස්ථා මෙම පිරිස විසින් වළක්වනවා විය හැකිය. මෙය ගුවන් තොටුපළෙහි පවා සිදු වේ. ඌබර්, පික්මී වැනි ටැක්සි සේවාවන්ට පවා බාධා සිදු වේ.

භයානකම තත්වය ඇත්තේ පොදු ප්‍රවාහන බස් සම්බන්ධයෙනි. මේ වන විට බස් අයිතිකරුවන් අතර සැලකිය යුතු පිරිසක් පාතාල අපරාධකරුවන් හා වෙනත් කළු සල්ලි හිමියන්ය. බස් සේවකයන් අතරින් සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ අපරාධ සහායකයන්ය.

බසයක් ඉස්සර කිරීම පවා රියදුරන්ට ගුටි කෑමට සිදුවන තත්වයකි. පොදු ප්‍රවාහන බස් සේවාවල සිදුවන නීති විරෝධී කටයුතු හේතුවෙන් තමන්ට මුහුණ දෙන්නට සිදුවන දුෂ්කරතා පිළිබඳ බස් මගීන් වැඩිදෙනෙකු නිහඬව ඉන්නේ අනවශ්‍ය කරදර ඇඟේ දමාගැනීමට තිබෙන අකැමැත්ත නිසාය.

බස් හිමියන් හා සේවකයන් මැර බලය පාවිච්චි කරමින් මගීන් ගසාකෑම සුලබ තත්වයකි.


බිංගිරියේදී මාලිමා මන්ත්‍රීන් දෙදෙනා උත්සාහ කළේ තමන්ගේ හිතවතකුට ප්‍රවාහන කොන්ත්‍රාත්තුවක් ලබාදීමට බව පෙනේ. මේවා ඔවුන් කළ යුතු වැඩ නොවේ. ජනතාව ජාතික ජන බලවේගය බලයට පත් කළේ කලින් දයාසිරිලා, ජොන්ස්ටන්ලා වැඩ කළ අන්දමින් වැඩ කරන්නට නොවේ. ඒ වෙනුවට මාලිමා මන්ත්‍රීන් වහා පොදු ප්‍රවාහන බස් සම්බන්ධ ගැටලු දෙස බලනවා නම් මගී ජනතාව කැමති වනු ඇත.


අවසාන වශයෙන් මෙයත් කියමි. පොදු ප්‍රවාහන බස් සේවා සම්බන්ධ ගැටලුවලට මැදිහත් වීම යනු අනිවාර්යයෙන්ම පාතාල අපරාධකරුවන් සමග වලි දාගැනීමකි. එසේ කරන දේශපාලකයන්ට ආරක්ෂාව ලබාදීම අත්‍යවශ්‍ය වනු ඇත.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)


සබැඳි ලිපියක් :
ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය මාලිමාවේ මන්ත්‍රීවරුන්ට විරෝධයක් එල්ල වුණේ ඇයි ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...