පනවා තිබෙන බදු ආදායම කොහොම හරි එකතු කර ගැනීම. මිනිස්සුන්ට හෙන ගහලා ගියත් ආණ්ඩුවේ බදු ආදායම හෙව්වේ නැත්නම් IMF එකෙන් කුණු බැනුම් අහන්න වෙනවා. ඒ සඳහා අනුරගේ ආණ්ඩුව ගහපු ගේම මරු.
එක පාරටම වෙළඳපොළේ සහල් හිඟයක් හැදුණා. හාල් මෝල් හිමියන් සමග ලස්සන රඟපෑමක් කළා. හිඟය පිට දාලා පිටරටින් සහල් ගෙන්වන්න අවසර දුන්නා. ඒ ගෙන්වන හාල් ඇටයක් ඇටයක් ගානේ බදු ගැහුවා. ඒක නියම ගේමක්.
ආණ්ඩුව ඉතාම කපටි ලෙස මේ වැඩේ කළා. සතොස ටෙන්ඩර් අවලංගු වෙන විදිහටම දැම්මා. මොකද ආණ්ඩුවෙන් හාල් ගෙන්වුවොත් බදු ආදායම නැති වෙනවා. පුද්ගලික ව්‍යාපාරිකයන්ටම ගෙන්වන්න දුන්නා. ඔවුන්ගෙන් එක පාර බද්ද එකතු කරගත්තා. ව්‍යාපාරිකයා ඒ ගානට තව ලාබයකුත් තියලා විකුණගන්න විදිහට පාලන මිල වැඩි කරලා දුන්නා. ලංකාවේ ඉන්න බත් කන හරක් ටික පෝලිමේ ගිහිල්ලා වැඩි මිලට විකුණන සහල් මිලට අරගෙන ජනවාරි 1 වැනිදාට කිරිබත් කනවා.
මේකම තමයි ලුණුවලිනුත් කළේ. එක පාරටම ලුණු හිඟයක් හැදුණා. හාල් සහ ලුණු කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලිනුත් අනිවාර්යෙන්ම ගන්න වෙන දේ. ඒවා පිටරටින් ගෙන්වලා බදු එකතු කර ගත්තා. බදු අඩු කරලා, වී මිල වැඩි කරලා, හාල් මිල අඩු කරලා, කොරෝනා කාලේ ගෙදරට හාල් මිටි එවපු ගෝඨාභයව එළවා ගත්ත මූසල ජනතාවට ඔහොමම තමයි කරන්න ඕනා...
ඒ වගේම සියලුම තැන්පතුවලින් 10% ක රඳවා ගැනීමේ බද්දක් අය කිරීමත් මේ සෙල්ලමේම කොටසක්. ඒ අතින් අනුරගේ ආණ්ඩුව රනිල්ටත් වඩා සුපිරියට IMF ගේම ගහනවා. ජනතාවගේ විරෝධය ගැන ඔවුන් පයිසෙකට සලකන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා ඔහොම නෙවෙයි කොහොම බදු ගැහුවත් ලංකාවේ ඉන්න නූගත් හාල්පාරුවන්ව රවට්ටන්න හරි ලේසියි කියලා. මහින්දගේ ආරක්ෂාව අඩු කරන්න විතරයි තියෙන්නේ. දිස් ඉස් පොලිටික්ස් ඇට් ඉට්ස් බෙස්ට්!(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 දෙසැම්බර් 31
ආණ්ඩුවේ කල්ල මරේ | එරන්ද ගිනිගේ
T
The Leader Desk
December 31, 2024 • 4:18 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පනවා තිබෙන බදු ආදායම කොහොම හරි එකතු කර ගැනීම.
- ආණ්ඩුව ඉතාම කපටි ලෙස මේ වැඩේ කළා.
- ලංකාවේ ඉන්න බත් කන හරක් ටික පෝලිමේ ගිහිල්ලා වැඩි මිලට විකුණන සහල් මිලට අරගෙන ජනවාරි 1 වැනිදාට කිරිබත් කනවා.
- මේකම තමයි ලුණුවලිනුත් කළේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


