The Leader News
BREAKING
Top Ad
Opinion

පුද්ගලිකය දේශපාලනිකය... | මහේෂ් හපුගොඩ

T

The Leader Desk

January 4, 2025 • 4:16 PM

පුද්ගලිකය දේශපාලනිකය... | මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස්සු තමන්ගේ පුද්ගලික ධනයෙන් යමක් දෙනකොට ඒක දෙන්නේ තමන් කැමති තැනට.
  • ඉස්සර රණ විරුවෝ මැරුණම ඒ හම්බවුන වන්දි මුදලින් එයාගේ දෙමව්පියෝ හරි බිරිද දරුවන් හරි බස් හෝල්ට් හැදුව.
  • ඒ වගේ තමයි තමලිනි උනත් තමන්ගේ පොතේ අදායම ඔය පිළිකා රෝහලට දෙන්න ඇත්තේ.
  • පුවතේ සත්‍ය අසත්‍ය බව මම දන්නේ නැති උනත් මිනිස්සු පුද්ගලික දේවල් කරන්නේ යම් යම් ළබැඳියාවන් එක්ක.
අකුරු ප්‍රමාණය (Font Size):

මිනිස්සු තමන්ගේ පුද්ගලික ධනයෙන් යමක් දෙනකොට ඒක දෙන්නේ තමන් කැමති තැනට. තමන් කැමති සමාජ කොටසට. ඒ තමන් කැමති කොටසේ විශේෂ අභිවෘධිය සලකා. ඒක පුද්ගල බද්ධ සංවේදී දෙයක් වෙන්න පුළුවන්.

තමන්ගේ දරුවෙක් පිළිකා රෝගයෙන් මැරුණු පියෙක් මවක් තමාගේ ධනය දෙන්න කැමති වෙන්නේ පිළිකා රෝහලට වෙන්න පුළුවන්. ඒ ළමයාගේ නමින් වාට්ටුවක් විවෘත කරන්න වෙන්න පුළුවන්.

ඉස්සර රණ විරුවෝ මැරුණම ඒ හම්බවුන වන්දි මුදලින් එයාගේ දෙමව්පියෝ හරි බිරිද දරුවන් හරි බස් හෝල්ට් හැදුව. කැතේ බැරි විදියට තමයි හැදුවේ. නමුත් එහෙම හැදුව. අර රණ විරුවාගේ නමින්. පොදු අවකාශයේ එයාගේ නම ලිව්වා.

අපේ ගමේ පන්සලේ පාර හැදුවේ එහෙම රණ විරුවෙක් නමින්. තවමත් ඒ නම තියනවා.

ඒ වගේ තමයි තමලිනි උනත් තමන්ගේ පොතේ අදායම ඔය පිළිකා රෝහලට දෙන්න ඇත්තේ. පුවතේ සත්‍ය අසත්‍ය බව මම දන්නේ නැති උනත් මිනිස්සු පුද්ගලික දේවල් කරන්නේ යම් යම් ළබැඳියාවන් එක්ක. ඒකට ඉඩක් තියෙන්න ඕනි.

හැබැයි රෝහල් වාට්ටුවක් හදන්නේ රෝහල් ප්‍රමිතියට යටත්ව.

මම දන්නා රත්නපුර පළාතේ මැණික් ව්‍යාපාරිකයෝ ඉන්නවා එයාල ප්‍රධානයක් කරන්නේ එයාලගේ අභිමතය පරිදි. හැබැයි අර නිර්නායක වලට යටත්ව. එතකොට වැඩ දෙකම වෙනවා.

ඒ දෙන දේ ගෞරවයෙන් ගන්න එක තමයි කරන්න තියෙන්නේ.

තමන්ගේ පොදු ප්‍රතිපත්ති ඒ නිසා අවුල් කරගන්න ඕනි නැහැ. මේ දෙක (රාජ්‍ය ප්‍රතිපත්තිය සහ පුද්ගල ප්‍රධාන) සමහන් කරගන්න එක තමයි ස්මාර්ට් කියන්නේ.

Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...