The Leader News
BREAKING
Top Ad
Opinion

කොට්ටහච්චි බුලි කිරීමෙන් වළකින්න... | මහේෂ් හපුගොඩ

T

The Leader Desk

January 5, 2025 • 7:12 AM

කොට්ටහච්චි බුලි කිරීමෙන් වළකින්න... | මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන් මේ අතත්‍ය දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ (virtual politics) කාන්තාවක් බුලි වීම නිසාම නෙවෙයි මම ඒක කියන්නේ.
  • ඒකෙදී මට ඇය සහ ඇය නියෝජනය කරපු දේශපාලනය ගැන කියන්න ඕනි වෙච්ච ගොඩක් දේ කිව්වා. ඇය ඊට පස්සේ බොරුව න්‍යායගත කරන්න කිව්ව ''මිනිස්සුන්ට බොරු කියන්න අයිතියක් තියනවා'' කියන ප්‍රකාශය ගැන තවත් වීඩියෝ එකක් කරන්න හිතුවත් මම එහෙම කලේ නැහැ.
  • ඊට ටික දවසකට පස්සේ තමයි ඇය අධිකරණයට පවසල තියෙන්නේ ඇය මානසික පීඩනයට පත්වෙලා තියනවා කියල. ඇත්ත සහ බොරුව අතර සීමා රේඛාව ඇය විසින්ම මකල දැම්ම නිසා මේ කියන දේවල් ඇත්තට බොරුද දන්නෙත් නැහැ. ඇයගේ NPP කතා වෛරල් වෙනකොටම මට මොකක්දෝ අමුත්තක් දැනුන.
  • ඔවුන් රැවටුණා වගේ හැඟීමකින්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

විශේෂයෙන් මේ අතත්‍ය දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ (virtual politics) කාන්තාවක් බුලි වීම නිසාම නෙවෙයි මම ඒක කියන්නේ. මේක පිරිමියෙක්ට පවා සිද්දවෙන්න පුළුවන්. මානසික ඇදවැටීමකට ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ.

මම මීට ටික දවසකට කලින් 'කොට්ටහච්චි සින්ඩ්‍රෝමය' කියල වීඩියෝ එකක් කළා. ඒකෙදී මට ඇය සහ ඇය නියෝජනය කරපු දේශපාලනය ගැන කියන්න ඕනි වෙච්ච ගොඩක් දේ කිව්වා. 

 



ඇය ඊට පස්සේ බොරුව න්‍යායගත කරන්න කිව්ව ''මිනිස්සුන්ට බොරු කියන්න අයිතියක් තියනවා'' කියන ප්‍රකාශය ගැන තවත් වීඩියෝ එකක් කරන්න හිතුවත් මම එහෙම කලේ නැහැ. මට මොකක්දෝ එහෙම නොකරන්න ඕනි කියල හැඟීමක් ආව. ඊට ටික දවසකට පස්සේ තමයි ඇය අධිකරණයට පවසල තියෙන්නේ ඇය මානසික පීඩනයට පත්වෙලා තියනවා කියල. 

ඇත්ත සහ බොරුව අතර සීමා රේඛාව ඇය විසින්ම මකල දැම්ම නිසා මේ කියන දේවල් ඇත්තට බොරුද දන්නෙත් නැහැ. 

ඇයගේ NPP කතා වෛරල් වෙනකොටම මට මොකක්දෝ අමුත්තක් දැනුන. මම දන්නේ නැහැ ඒක ආවේ කොතනින්ද කියල. කරුණු දන්නේ නැතුව කිසිම දෙයක් කියන්න බැහැ වගේම සමහර දේවල් ගැන මාලිමාව CID යන වේගෙ දැක්කම කිසිම දෙයක් ලියන්නත් බැහැ. 

එයා ආකර්ශනීය නිසාම වැඩි වැඩියෙන් පාවිච්චි උනා. මිනිස්සු ආතල් ගත්ත. අර අමුක ඩුමුක මල්ලිට උණා වගේ එක මොහොතක් එනවා කොට්ටහච්චි අතහැරලා දාන. මාකට් නැති වෙන. මාකට් කරන්න බැරි වෙන. ඒ මේ යුගයේ හැටි. එදාට මාර ලොස් හැඟීමක් එයි.

 

සැප්තැම්බර් විසි දෙක ම අපි වැඩ පටන් ගන්නවා - AKD

ඒ වගේම මාලිමාව යෙදුන දේශපාලනය ඉතාම ආතතිගත තැනක තමයි තිබ්බේ. විශේෂයෙන් ඔවුන් කරපු කියපු දේ ගැන අද සාමාන්‍ය සමාජය ඉන්නේ නැවතත් යම්කිසි කෝපයකින්. කේන්තියකින්. ඔවුන් රැවටුණා වගේ හැඟීමකින්. ඒ කේන්තියේ කේන්ද්‍රීය චරිතයක් කොට්ටහච්චි මහත්මිය. විශාල ජනතාවක්ගේ 'කේන්තියේ ගේස්' එක එයා දිහාට යොමු වෙලා.

මම දැක්ක වෙබ් අඩවියේ තොරතුරු හරිනම් ඇය කියනවා හැම කෙනෙක්ම අවම වශයෙන් නිවැසියන් පවා ඇය දිහා බලන්නේ යම් අප්‍රසාදයකින් කියල. මේක තමයි තමන් කරපු දේශපාලන ක්‍රියාව නැවත තමන් දිහා බලනවා කියන්නේ (return the gaze).


රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක් වේද? -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සමහරු ඉන්නවා මේ බුලි කිරීම දරාගන්න පුළුවන්. කොච්චර සීයා, නාකියා, හොරා, බටලන්දේ වධකයා කියල කිව්වත් රනිල්ල කවදාවත් ඒ හැම එකටම පොලිසි උසාවි ගියේ නැහැ. බුකි බුලි කිරීමේ ටාගට් එකේ පියා වෙච්ච මෛත්‍රීපාල උනත් කවදාවත් කිසිම දෙයක් කළේ නැහැ. නාමල්ගේ පවා ඒක තියනවා. හරිනම් ඇත්තටම ලොකුම අපහාසය උනේ කංචන විජේසේකරට. ඒ කවුරුත් උසාවි දිව්වේ නැහැ. දේශපාලනයේ සීසන් වෙනවා කියන්නේ ඒක. දරාගන්නවා කියන්නේ ඒක. 

නමුත් තමන් කරපු දේ රිටන් එක දරාගන්නත් මාලිමාවටවත් කොට්ටහච්චි මහත්මියටවත් බැහැ. ඒ නිසා බුලි කරන්න එපා...

රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොට්ටහච්චි බුලි කිරීමෙන් වළකින්න... | මහේෂ් හපුගොඩ | The Leader