අශුද්ධ දේ, අපිරිසිදු දේහි පැවැත්මෙහි අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. පිරිසිදු කිරීමේ බලහත්කාරය නොඉවසන කෙනෙක්.
සිංගප්පූරුව කියන්නෙ මං අකමැතිම රටක්. මට ඒක වහල් කඳවුරක් වගේ. ඒ වෙනුවට පාරෙ මුත්‍රා කරන, කුණුහරුපෙන් කෑ ගහන මිනිස්සු ඉන්න රටක මට පුළුවන් සතුටෙන් හුස්ම ගන්න. හැබැයි මොකක්දෝ කරුමෙකට ලංකාවෙ හැමෝම කතා කරන්නෙ මේක සිංගප්පූරුවක් කරන්න. ඒ කියන්නෙ රටේ ඉන්න උන්ට වධයක් වෙමින් රටට එන සංචාරකයන් ආතල් දෙන තත්වයක් නිර්මාණය කරන්න.
මේ ක්ලීන් කියන සංකල්පෙට ඉතිහාසයක් තියෙනවා. ඒක ලිබරල් නිදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් විදිහටමයි මතුවෙන්නෙ. හිට්ලර් කියන්නෙත් ‘ක්ලීන්’ සංකල්පයේ පුරෝගාමියෙක්. කාන්තාවන් පහත හෙලීමට පාවිච්චි කරන්නෙත් මේ ක්ලීන් සංකල්පයම තමයි. දේවාලෙකට කාන්තාවක් ඇතුල් වීම වාරණය කිරීමේ පටන් අතවරයකට, බලහත්කාරයකට ලක්වූ කෙනෙක් ‘අපිරිසිදු’ වී ඇති ‘දූෂනය වී ඇති’ කෙනෙක් ලෙස දැකීම දක්වාම ‘ක්ලීන්’ බව ගමන් කරනවා.
මේ ‘ක්ලීන්’ සංකල්පය ඇමරිකාවෙ විඳපු මනුස්සයෙකුගෙ සටහනක් මට කියවන්න ලැබුන.
‘මං හැදී වැඩුනෙ මේ ‘ක්ලීන්’ උමතුව තියෙන දෙමව්පියන් අතර. ඒ අයගෙ කසාදය පවා පැවතුනෙ මේ පිරිසිදු බව කියන සංකල්පය මත. අනියම් ඇසුරක් පැවැත්වීම කසාදය ‘අපිරිසිදු’ කිරීමක්. මේක ඇමරිකානු දේශපාලනය ඇතුලෙත් තිබුන. ඇමරිකාවෙ නිව්යෝර්ක්, චිකාගෝ වැනි නගරවල ‘ක්ලීන්’ දේශපාලනයක් ඇති කිරීමේ අරගල තිබුන. දූෂිත දේශපාලනය අවසන් කිරීමේ උත්සාහයන් අපි දැක්කා. ඒ දේවල් කරන්න ගියේ ඒ අයගෙ ‘කිළුටු’ රාජ්‍ය නිලධාරීන් සහ පොලිසිය පාවිච්චි කරලයි.
එහෙම තමයි ඒ අය විනිවිදභාවයක් ඇති රජයක් බව ප්‍රදර්ශනය කරන්න හැදුවෙ. ඒත් ඒ ක්ලීන් බව කවදාවත් ඇතිවුනු එකක් නෙමෙයි.
මේ ක්ලීන් බවේ ඉතිහාසය ගත්තම ඒක තියෙන්නෙ දක්ෂිණාශික ඒකාධිපති පාලකයන් එක්ක බැඳිලයි. හිට්ලර් වගේම රේගන් පුටින් කියන්නෙත් මීට උදාහරණ. මේ ක්ලීන් අයට අනුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ කිළුටු වූවක්. මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සමලිංගික විවාහ, ගබ්සා නීතිගත කිරීම් වගේ අපවිත්‍ර දේවල් සිද්ද වෙනවා.
මගේ දෙමව්පියන් කියන්නෙත් පවුල ඇතුලෙ ඒ වගේ ඒකාධිපතීන්. ඒ අය මට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අපවිත්‍ර වෙන්න ඉඩ දුන්නෙ නෑ. මේක කාමරයේ, නාන කාමරයේ ඉඳන් පාර්ලිමේන්තුව දක්වාම යන තත්වයක්. ක්ලීන් මිනිස්සු වීමේ උමතුවක්. ක්ලීන් වීම පරමාදර්ශී බවකින් සැලකීමක්. ඒ වෙනුවෙන් මිනිස් නිදහස පවා නොතකා හරින්න මේ අය මැලි වෙන්නෙ නෑ.
මේ ක්ලීන් කතාව එන්නෙ අයිඩියොලොජියකින්. සමානත්වය වෙනුවෙන් හෝ නිදහස වෙනුවෙන් හෝ ඒකාධිපති ජාති මූලික පිරිසිදු කිරීමේ උවමනාවකින් හෝ කවර ආකාරයකින් මතු වුනත් මේක මූලිකම කාරණය වෙන්නෙ සංකීර්ණතා නොතකා හැරීම. සංකීර්ණ බව තමයි අපවිත්‍ර බව කියන්නෙ. ක්ලීන් කියන්නෙ සරල ඒකමතික බව.
මෙහි අවසානය හැමවිටම ඒකාධිකාරියක්. මේක අසමත් පර්යේෂනයක්. ජීවිතය කියන්නෙ සංකීර්ණ දෙයක්. දේශපාලනය කියන්නෙත් එහෙමයි. සංකීර්ණ දේවල් ක්ලීන් නැහැ. කාර් එකක්, ලැප්ටොප් එකක් ෆෝන් එකක් ගනිද්දි බලන ස්ලීක්, ක්ලීන් ගතිය මේ ජීවිතය හා සම්බන්ධ තත්ව වලින් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක කෘතිම තත්වයක්.
මගේ දෙමව්පියන්ට අනුව පිරිසිදු බව කියන්නෙ දෙවියන්ගෙ කැමැත්ත. ඒත් ඇයි එහෙනං දෙවියන් විසින් අපවිත්‍රබව නිර්මාණය කලේ? දේශපාලනය කියන්නෙ ටොලරන්ස් එක, බාරගැනීම මූලික කාරණයක් විය යුතුයි. වැසිකිලි පිරිසිදු කිරීමෙන් කොවිඩ් වැනි වසංගත තුරන් කළ නොහැකි බව දේශපාලකයො තේරුම් ගන්න ඕන.
(උපුටා ගැනීම අවසන්)
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
මම "Dirty" මිනිහෙක් | චින්තන ධර්මදාස
T
The Leader Desk
January 5, 2025 • 2:38 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අශුද්ධ දේ, අපිරිසිදු දේහි පැවැත්මෙහි අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්.
- දේවාලෙකට කාන්තාවක් ඇතුල් වීම වාරණය කිරීමේ පටන් අතවරයකට, බලහත්කාරයකට ලක්වූ කෙනෙක් ‘අපිරිසිදු’ වී ඇති ‘දූෂනය වී ඇති’ කෙනෙක් ලෙස දැකීම දක්වාම ‘ක්ලීන්’ බව ගමන් කරනවා.
- ඒ අයගෙ කසාදය පවා පැවතුනෙ මේ පිරිසිදු බව කියන සංකල්පය මත.
- මේක ඇමරිකානු දේශපාලනය ඇතුලෙත් තිබුන.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


