ෆේස්බුක් ඇතුළු අතත්‍ය යථාර්තය (Virtual reality) තුළ ඇය මානසික ප්‍රතිකාර ලබමින් සිටින අතර ජාජබ සතුරන්ට අනුව ඇය එම ඉරණමට ලක් විය යුතු කටහැකර බොරුකාරියකි.
එම අතත්‍ය යථාර්තය තුළම ජාජබට හිතවත් හා ඇය මෑත පත්වූ අපහසුතාවයට සංවේදී පිරිස් වලට අනුව ඇය එවැනි මානසික ගැටළුවකට පත්කර ඇත්තේ ෆේස්බුක් බුලිකරුවන් ය. ඉන් බහුතරය ස්ත්‍රී විරෝධී නැඹුරුවකින් යුත් පිරිමින්ය.
එහෙත් කොට්ටහච්චිම මෙම චායාරූප හරහා පෙන්වා සිටින්නේ තමන් වෙත ඉහත සමාජ මාධ්‍ය හරහා එල්ල වූ චෝදනා හා අපහාස අසත්‍යයක් වන බවත් ඒවා තමන්ට අදාළ නොවන බවත් ය. තමන් සතුටින් සිය පුද්ගලික හා දේශපාලන ජීවිතය ගතකරමින් ඇති බවත් ය.
එම පණිවිඩය ඇය විසින් මුදාහරින්නේ ද ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙතය.
ඇය මානසික අසරණතාවයකින් පීඩා විදිමින් ඇතැයි ඊයේ පෙරේදා සංසරණය වූ ආරංචිය උස්සා පොළවේ ගසමින් එවැනි ආරංචියක් පයිසෙට මායිම් නොකරන තෘප්තිමත් සතුටකින් යුත් කොට්ටහච්චි කෙනෙක් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ ඊයේ පෙරවරුවේ අපට මුණගැසෙයි.
ඒ අනුව අන්තර් ජාලයේ අතත්‍ය යථාර්තය යනු ඊනියා සැබෑ යථාර්තයේ විකෘතියක් ලෙස පමණක් තේරුම් ගෙන පලක් නැත. එය එක්තරා අයුරකින් අද දවසේ අපට ජීවත්වීමට අවශ්‍ය ආත්මීයත්වයක් (subjectivity) නිර්මාණය කරන අතර එම ආත්මීයත්වයේ සීමාකාරී මරඋගුලෙන් පලා යාමට අවශ්‍ය තත්‍ය යථාර්තය ද යළි ප්‍රතිනිෂ්පාදනය කරයි.
ඒ අනුව අන්තර්ජාල තත්‍ය යථාර්තය හා ඊනියා සැබෑ යථාර්තය යනු ද්විත්ව ප්‍රතිපක්ෂයක් නොවෙයි. එහි සහසම්බන්ධතාවයෙන් නිර්මාණය වූ මනෝකායික තෙවැනි යථාර්තයක් භෞතික ජීවිතය ලෙස අත්දකින යුගයක අපි ජීවත් වෙමින් සිටිමු.
මෙවැනි යුගයක දේශපාලනය කිරීම යනු ත්‍රාසජනක අද්දැකීමකි.
(සටහන | විදර්ශන කන්නන්ගර )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
vidarshana.k@gmail.com
උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්
සබැඳි ලිපියක් :
මෙවැනි යුගයක දේශපාලනය කිරීම යනු ත්‍රාසජනක අද්දැකීමකි | විදර්ශන කන්නන්ගර )
T
The Leader Desk
January 6, 2025 • 3:55 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ෆේස්බුක් ඇතුළු අතත්‍ය යථාර්තය (Virtual reality) තුළ ඇය මානසික ප්‍රතිකාර ලබමින් සිටින අතර ජාජබ සතුරන්ට අනුව ඇය එම ඉරණමට ලක් විය යුතු කටහැකර බොරුකාරියකි.
- එම අතත්‍ය යථාර්තය තුළම ජාජබට හිතවත් හා ඇය මෑත පත්වූ අපහසුතාවයට සංවේදී පිරිස් වලට අනුව ඇය එවැනි මානසික ගැටළුවකට පත්කර ඇත්තේ ෆේස්බුක් බුලිකරුවන් ය.
- එහෙත් කොට්ටහච්චිම මෙම චායාරූප හරහා පෙන්වා සිටින්නේ තමන් වෙත ඉහත සමාජ මාධ්‍ය හරහා එල්ල වූ චෝදනා හා අපහාස අසත්‍යයක් වන බවත් ඒවා තමන්ට අදාළ නොවන බවත් ය.
- තමන් සතුටින් සිය පුද්ගලික හා දේශපාලන ජීවිතය ගතකරමින් ඇති බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


