
මෙම ව්‍යාපෘතියේ සංදර්ශනාත්මක ස්වරූපය සාමාන්‍ය හා අන්තර් මධ්‍යම පාංතික තලයට ආකර්ශනීය වන බව සැබවි. එහෙත් ඉන් පහළ ජනකොටස් වලට ඇත්තේ මේ සම්බන්දයෙන් උභයවේගී ප්‍රතිචාරයකි.
ඒ අනුව ආණ්ඩුවේ පොලිස් ඇස මුලින්ම හෝ ප්‍රමුඛව ලුහුබැද යා යුත්තේ සුපිරි ධනපතීන්, ව්‍යාපාරික ප්‍රභූන් හා ඉහළ මධ්‍යම පාංතික කොටස් වෙතය. එසේ යන බවක් හා එහි ගොඩගැසී ඇති අධික ධනය පහල මාලයේ බහුතර ජනතාවගේ සුබසෙත වෙනුවෙන් යොමු වන බවක් එම ජනතාවට පෙනිය යුතුය.

ඒ අතර ඉතාම ඉක්මනින් පොදු ජනතාවගේ දෛනික ආහාර වේල හා අනෙකුත් ජීවන කළමණා වල මිල ගණන් ඔවුනට ළගා විය හැකි මට්ටමින් පවත්වා ගැනීම අනිවාර්‍ය කරුණක් වෙයි. (අත්‍යවශ්‍ය ආහාර වලට යළිත් බදු ගසා ඇති ආකාරය විසින් පෙන්නුම් කෙරෙන්නේ පොදු ජනතාව ආණ්ඩුවෙන් අපේක්ෂා කළ මෙම මූලික ඕනෑකම ක්‍රමයෙන් ඈත්වෙමින් ඇති බවයි).
ඉහත දැක්වු අත්‍යවශ්‍ය 'සුද්ද කිරීම්' වලින් තොරව දැන් සිදුකරමින් ඇති ආකාරයේ 'සුද්ද කිරීම්' වලින් මාලිමා ආණ්ඩුවේ ආයුෂ දැඩි අවදානමට ලක් කෙරෙමින් ඇති බව පමණක් කිවහැකිය.
(සටහන | විදර්ශන කන්නන්ගර )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
vidarshana.k@gmail.com
උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්
සබැඳි ලිපි :



