The Leader News
BREAKING
Top Ad
Opinion

ඇන්ටිජන් දිලිත්ව ඊළඟ ජනාධිපති විදියට පත් කරමු ද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 12, 2025 • 6:56 AM

ඇන්ටිජන් දිලිත්ව ඊළඟ ජනාධිපති විදියට පත් කරමු ද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යාපාරකරණය ඊනියා වාමාංශික දේශපාලනය මෙන් අති පිරිසිදු විය යුතු යයි මා නොසිතන නිසා මට නම් ඒ ගැන විශේෂ අවුලක් නැත.
  • චන්ද්‍රිකාට හා මහින්දට ජැක් ගසා ජනතා විමුක්ති පෙරමුණ ද ගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබාගෙන එය පසුව විකුණා දමා ඇත.
  • ජවිපෙ මුල් වී 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ගෙන ආ දවස්වල, ඔහුට එරෙහිව නැගී තිබුණු සුනාමි ආධාර ගසා කෑම සඳහා හෙල්පිං හම්බන්තොට නමින් පෞද්ගලික ගිනුමක් පවත්වාගෙන යාමේ චෝදනාවෙන් ඔහු සෝදා දුන්නේ එවකට අග්‍ර විනිශ්චයකාර සරත් එන්.
  • ට රජයට ඇන්ටිජන් කට්ටල විකිණූ බවට නගන චෝදනාව බොරුවක් බව ඔප්පු කරමින් රජය ඇන්ටිජන් කට්ටල මිලදීගෙන තිබෙන්නේ ඒ කියන ගණනෙන් තුනෙන් එකක පමණ මුදලකට බව නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ව්‍යාපාරකරණය ඊනියා වාමාංශික දේශපාලනය මෙන් අති පිරිසිදු විය යුතු යයි මා නොසිතන නිසා මට නම් ඒ ගැන විශේෂ අවුලක් නැත. සියලු 'බිස්නස්' එසේය. චන්ද්‍රිකාට හා මහින්දට ජැක් ගසා ජනතා විමුක්ති පෙරමුණ ද ගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබාගෙන එය පසුව විකුණා දමා ඇත.
 
කෙසේ වෙතත්, දිලිත් ජයවීර දැන් වෙනත් ගමනකට ප්‍රවේශ වී සිටියි. ඔහුගේ අරමුණ රටේ ජනාධිපති වීමය. දක්ෂිණාංශය ජාතිකවාදී හා ලිබරල්වාදී නායකත්වයක් සොයමින් සිටින මෙම වකවානුවේ ඔහු ඒ සඳහා ශක්තිමත් තරගකරුවෙකි.
sarath n silva
 
ජවිපෙ මුල් වී 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ගෙන ආ දවස්වල, ඔහුට එරෙහිව නැගී තිබුණු සුනාමි ආධාර ගසා කෑම සඳහා හෙල්පිං හම්බන්තොට නමින් පෞද්ගලික ගිනුමක් පවත්වාගෙන යාමේ චෝදනාවෙන් ඔහු සෝදා දුන්නේ එවකට අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වාය. 


දිලිත් ජයවීරට එරෙහිව තිබෙන චෝදනාව මේ වන විටත් නලින්ද ජයතිස්ස මුල් වී සෝදා දීම ආරම්භ කර තිබේ. එනම්, රු. 3500ට රජයට ඇන්ටිජන් කට්ටල විකිණූ බවට නගන චෝදනාව බොරුවක් බව ඔප්පු කරමින් රජය ඇන්ටිජන් කට්ටල මිලදීගෙන තිබෙන්නේ ඒ කියන ගණනෙන් තුනෙන් එකක පමණ මුදලකට බව නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.




ඔය තුන්දාස් පන්සීයේ කතාවට කිසිදු පදනමක් නැත. ඒ වනාහි අතින් දැමූ ගණනකි. මෙයට මුල් වූ චේතිය බොරුව කීවේද දේශපාලන බෞද්ධ භික්ෂුවකි. ඔහු වනාහි 2022 අරගලයේ නායකයකු වූ ඕමල්පේ සෝභිත භික්ෂුවයි.

රැපිඩ් ඇන්ටිජන් රුපියල් 80ට දෙන්නට පුළුවන්කම තියෙද්දී රු. 2500ට විකුණා ඇන්ටිජන් 10ක් අඩංගු කට්ටලයකින් රු 24,000ක පමණ අධික ලාභයක් උපයා ගත් බවට දිලිත් සම්බන්ධ සමාගම්වලට චෝදනා එල්ල විය. 

දැන් මතු කරන කාරණය වන්නේ, දිලිත් ජයවීරට අයත් බව කියන ජෝජ් ස්ටුවට් සමාගම සමග තරගකාරී බව පෙන්වමින් සැපයුම් සඳහා අවස්ථා ලබාගත් ඔහුටම අයත් බව කියන අනෙක් සමාගම වන දිවැස ෆාමා කලම්බු සමාගම ද ඔහුටම අයත් එකක් බව හා එම සමාගම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගමක් නොවූ බවයි.

මේ චෝදනා නගන අය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ යුතු අතර ආණ්ඩුව දේශපාලනිකව මැදිහත් වී විමර්ශන ආරම්භ කර නඩු දැමිය යුතුය. වැඩේ තියෙන්නේ, මේ ටෙන්ඩර් අනුමත කරපු අයටත් ගස් යන්නට වෙන එකය. ඒ අය බේරා ගන්නට ආණ්ඩුවට අවශ්‍යද යන්න අපි නොදනිමු. 

ලංකාව වැනි රටවල රජයේ සැපයුම් ටෙන්ඩර දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ හිතවතුන්ට ලබාදෙන එක පමණක් නොව ආණ්ඩු වෙනස් වූ පසු එවැනි දූෂණ පිළිබඳ විමර්ශන කරන එක ද සාමාන්‍ය තත්වයන්ය. ඒවා පසුපස ද කොමිස් හා වෙනත් ඩීල් තිබේ.

 

කෝවිඩ් ඇන්ටිජන් කට්ටල වැඩි මිලකට විකිණුවේ දිලිත් ද ? පෞද්ගලික රෝහල් ද?

කොහොම වුණත්, ඇන්ටිජන් හොරා යයි කියන දිලිත් ජයවීර ලංකාවේ නායකත්වයට ඇප්ලිකේෂන් දමා සිටින මේ මොහොතේ ඔහු ගැන තීරණයක් ගන්නට අපට සිදුවෙන්නට ඉඩ තිබේ. ලංකාවේ මහජනයා වන අප සුනාමි හෙල්පිං හම්බන්තොට චෝදනා තිබියදී මහින්ද රාජපක්ෂ ද, යුද සමයේ ඝාතන චෝදනා තිබියදී ගෝඨාභය රාජපක්ෂ ද අති බහුතර ඡන්දයෙන් බලයට පත් කළෙමු. එහෙව් එකේ ඇන්ටිජන්වලින් මාටියා ගහන එක ලංකාවේ මහජනයාට නතිං වන්නට පුළුවන.

කෙසේ වෙතත්, මේ ඩ්‍රාමා එක ඉදිරියට ගෙන යාම ආණ්ඩුවට හා ආණ්ඩුවට කුලියට කහින මාධ්‍යකරුවන් යයි කියාගන්නා අයට හා වෙනත් සට්ටැඹියන්ට භාරය.

අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...