දකින්න පුළුවන්.
ඒක වාසනාවක් එක අතකට. අනික් අතට ගත්තම ඒක ටිකක් ඒකාකාරී වගේ කියලත් හිතෙනවා.
මේ ජපානේ ඉතාම සුවිශ්ෂ සංචාරක ස්ථානයක් වන 'රන් මණ්ඩපය' (Golden Pavilion) හිම වැටෙන කාලේ.
වසරේ විවිධ කාලවල සංචාරය කරන අයට ඒ විවිධ කාල වල විවිධ දසුන් මවන්න මේ සෘතු වෙනසට පුළුවන්.
ඒ එක්කම ඒ දර්ශනයන් එක්ක විවිධ සිතුවිලි, විවිධ අත්දැකීම්, විවිධ ඇඳුම් පැළදුම්, විවිධ ආහාර පාන එක්ක ඉක්මනින් එන වෙනසක් සලකුණු වෙනවා.
සෘතු හතරට දර්ශන රටා හතරක් මවන්න මේ කාල වෙනසට පුළුවන්.
Temple of the Golden Pavilion නැත්නම් කිංකකුජි හි ඉතිහාසය 1397 වගේ කාලයකට යනවා.
කියෝතෝ සංචාරක නගරයේ තියන සෙන් විහාරස්ථානයක්.

ඉතාම ලස්සනට නඩත්තු කරනවා. සංචාරක ආකර්ෂණය ඉතාම ඉහළයි.
කොච්චර මිනිස්සු ආව ගියත් පරිසරයේ පිරිසිදු බවත් ඉතාම ඉහළයි.
පට්ට සීතල කාලෙටත් ඉස්සරහම විකුණන අලිගැටපේර අයිස් ක්‍රීම් එක මරු...
අවස්ථාවක් ලැබුනොත් අනිවාර්යයෙන් යන්න.
(ෆොටෝ එක එව්වේ ජපානේ ඉන්න @ Berni Ann)
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



