එක මේ ෆොටෝ එක සියලු ආගමික අගතිගාමී නීතිමය සීමාවලින් රිංගලා තියෙන ආකාරය. මේ පල්ලියක් වෙන්නත් පුළුවන් . නොවෙන්නත් පුළුවන් . ආගමික ගතිය මිස සළකුණු නෑ.
දෙක මේ සිදුවීම වාණිජ මොහොතක් දක්වා ඔසවා තැබීම. අතිශය දේශපාලනික ආතතික මේ කලාපය වාණිජකරණය කිරීම කියන්නෙ ආර්ට්ස්ට් කෙනෙක් විදිහට කැරැල්ලක්. ඒ කැරැල්ල විසින් මේ ඓතිහාසික මොහොත නව සංදර්භයකට ඇතුල් කරනවා.
ජනප්‍රියම නිලියක්, වාණිජමය කැලෙන්ඩර් පිටු අතර බිහිසුනු මොහොතක මතකයක් මතක් කරනවා.
කොමර්ෂල් ආර්ට් කියන්නෙ උසස්තම කලා ස්වරූපයයි කියලා ඇන්ඩි වාර්හෝල් කියපු කතාව මතක් කරනවා.
අනික ඇය බලන් ඉන්නෙ දෙවියන් දිහා නෙමෙයි. ඔබ දිහායි.
මේ ෆොටෝවේ යුක්තියුක්ත බව සංවාද කරන ඔබ ඒ සිදුවීමෙහි යුක්තිය වෙනුවෙන් කලේ මොනවාද කියලා ඇය අපෙන් අහනවා.
අපි නැවත නැවත කරන්නේ ඒ සිදුවීම අලෙවි කරන එක බව මේ කැලෙන්ඩර් පිටුව අපිට මතක් කරනවා.
ඒක සෙල්ලම් පිස්තෝලෙකින් පත්තුවෙන ඇත්ත වෙඩි උන්ඩයක්.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)



