The Leader News
BREAKING
Top Ad
Opinion

මේක විහිළුවක් නොවේ | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 15, 2025 • 5:44 AM

මේක විහිළුවක් නොවේ | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව පුවරු ප්‍රදර්ශනය කරන ආකාරය යහපාලන ආණ්ඩුවට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමේදී විපක්ෂය විසින් උපයෝගී කරගන්නා ලදි.
  • දේශපාලනයේදී ඇත්ත පවා කිව යුතු ආකාරයක් තිබේ. ලංකාවේ අපරාධ නඩුවලට වැරදිකරුවන් වන්නේ සැකකරුවන් අතරින් 5%ක පමණ පිරිසකි.
  • සැබෑ වැරදිකරුවන් 95%කටම දඬුවම් ලැබෙන්නේ නැත.
  • උදාහරණයක් ලෙස, රනිල් වික්‍රමසිංහ බටලන්ද වධකාගාරය පිහිටි නිවාස සංකීර්ණය තුළ ජීවත් වූ නිසා ඔහු එය පිළිබඳ නොදැන සිටියේ යයි කිව නොහැකි බැවින් අධිකරණයෙන් ඔහු වැරදිකරුවකු නොවුණද බටලන්ද ඔහු පිටුපස පැමිණීම වළක්වාගත නොහැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 

ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව පුවරු ප්‍රදර්ශනය කරන ආකාරය යහපාලන ආණ්ඩුවට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමේදී විපක්ෂය විසින් උපයෝගී කරගන්නා ලදි. දේශපාලනයේදී ඇත්ත පවා කිව යුතු ආකාරයක් තිබේ. 

ලංකාවේ අපරාධ නඩුවලට වැරදිකරුවන් වන්නේ සැකකරුවන් අතරින් 5%ක පමණ පිරිසකි. සැබෑ වැරදිකරුවන් 95%කටම දඬුවම් ලැබෙන්නේ නැත.

අපරාධ නඩු සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවලින් පුද්ගලයන්ට නිදහස ලබාගත හැකි මුත්, ඒ පිළිබඳ මහජන මතයෙන් නිදහස් විය නොහැක්කේ ඒ නිසාය. සමාජ ජීවිතයේදී මෙම මහජන මතය ද ඉතා වැදගත්ය.

උදාහරණයක් ලෙස, රනිල් වික්‍රමසිංහ බටලන්ද වධකාගාරය පිහිටි නිවාස සංකීර්ණය තුළ ජීවත් වූ නිසා ඔහු එය පිළිබඳ නොදැන සිටියේ යයි කිව නොහැකි බැවින් අධිකරණයෙන් ඔහු වැරදිකරුවකු නොවුණද බටලන්ද ඔහු පිටුපස පැමිණීම වළක්වාගත නොහැකිය. මහින්ද රාජපක්ෂ සම්බන්ධ හෙල්පිං හම්බන්තොට චෝදනාව හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ඉවත් කර දුන්නද ඔහු මහජන මතයෙන් නිදහස ලබා නැත. කැරැලි දෙකකින් මෙන්ම, චන්ද්‍රිකාගේ, මහින්දගේ ආණ්ඩුවලට සම්බන්ධ වෙමින් ජවිපෙ කළ දේ සම්බන්ධයෙන් නීතියෙන් කිසිවක් සිදු නොවුණ ද මහජන මතය තුළ ඔවුන් සාන්ත දාන්ත තීන්ත කූඩු නොවේ.

emil ranjan

 

අධිකරණ ඇමතිවරයා හොඳ විහිළුකාරයෙකු යයි අසා ඇත. ඔහු ලොකු ලොක්කන් සමග ඇසුරු කරද්දී විහිළු සපයන්නට හොඳ ඇත. මැතිවරණ වේදිකාවල කතා පවත්වන්නට ද හොඳ ඇත. එහෙත්, ලංකාවේ අධිකරණ ඇමතිකම දරන්නට තරම් ඔහු සුදුස්සකු නොවන බව පාර්ලිමේන්තුවට පත් වූ දා සිට ඔහුගේ චර්යාවන්ගෙන් පෙනේ. 

අගමැති හරිනි ඇතුළු බොහෝ දෙනෙකුගෙන් ද මෙම ලක්ෂණ ප්‍රදර්ශනය වූ මුත්, හරිනි ලෝ ප්‍රොෆයිල් ගොස් වැඩේ ගොඩ දමාගන්නට උත්සාහ කරයි. හර්ෂණ පසුපස අවාසනාව හඹා එයි. මුලින් ඔහුගේ නම ඉදිරියෙන් දැක්වුණ ආචාර්යකම ගැන ප්‍රශ්න මතු විය. අලුත්ම එක එමිල් රංජන්ට සම්මාන දෙමින් ඔහු දක්වන මෙම ශරීර ඉරියව්වයි.

එමිල් රංජන්ට සම්මාන දීම සඳහා ඇමතිවරයා යොදාගැනීම ඉතා පැහැදිලිවම නිලධාරි කූටකමකි. එහෙත්, ඔහු ඉදිරියේ මෙසේ දෙකට නැමීම නම් ඇමතිවරයාගේ ප්‍රශ්නයකි.

නැවත කියන්නට තිබෙන්නේ මෙයයි. බොරු ලොකුකම් අතහැර තමන්ට කලින් මෙම තනතුරු දැරූ පුද්ගලයන් කෙසේ කටයුතු කර ඇද්දැයි බලන්න. අලුතෙන් සිතන්න. මේක විහිළුවක් නොවේ.

(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(උපුටා ගැනීම - අජිත් පැරකුම් ජයසිංහ ගේ ෆේස්බුක් පිටුවෙන් ..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...