මේක මට පේන්නේ අර ලංකාවේ කුරියර් සේවයක ඉන්න බයික් මල්ලි කෙනෙක් හෙල්මට් එක ගලවල වගේ. නැත්නම් සාමාන්‍ය සංචාරකයෙක් සීතලෙන් බේරෙන්න ජැකට් එකක් ඇඳන් ඉන්නවා වගේ.
අනුර ජනාධිපතිතුමා ලඟම මේ චායාරූපයේ ඉන්න අනික් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියා ලස්සනට, ඒ රාජ්‍ය තාන්ත්‍රික මොහොතට ගැළපෙන කෝට් එකක් දාගෙන ඉන්නවා. ජනාධිපතිතුමාගේ ඇඳුමේ සමස්තයක් විදියට එහෙම රාජ්‍ය තාන්ත්‍රික බවක් පේන්නේ නැහැ.
ඇඳුමින් විතරයි මම මේ කියන්නේ. ඇඳුම වැදගත්. ඩබල් පොකට්වලට මාරුවෙච්ච අනුර දන්නවා ඇඳුමේ දේශපාලනික වැදගත්කම.
අනික අපි තේරුම්ගන්න ඕනි අනුර දැන් යන්නේ චීනයේ ඉන්න NPP සාමාජිකයින් අමතන්න නෙවෙයි. අර නිව්යෝක්, නරීටා ගිය වෙලාවේ වගේ නෙවෙයි මේක වෙනස්. ලංකාව සම්බන්දයෙන් තාන්ත්‍රික ඇඳුම් දෙකක් තියනවා. එකක් ජාතික ඇඳුම. අනික යුරෝපීය ෆුල් සූට් එක. මහින්ද ඒකට පොඩි එකතුකිරීමක් කරලා උනත් ලස්සනට ඇන්ද. රනිල් තිබ්බ විදියටම ටයි කෝට් ඇන්ද. අනුර වෙලාවකට කුර්තා වගේ කමිසයක් අඳිනවා. ඒක තරමක් ඉන්දියානු පෙනුමක් සහිතයි.
චීනේ මාවෝල වෙනස්ම ඇඳුමක් ඇන්ද. ගාන්ධි එයාගෙම විදියට ගියා. ඒවා වෙනම කතා.
අනික් මේ කැත වින්ටර් කෝට් එක දාන්න වෙන්නේ සීතලට මේ ඩබල් පොකට් හෝ කුර්තා කමිසේ හරියන්නේ නැති හින්ද (නැත්නම් ඇතුලෙන් අඳින්න ඕනි සීතලට හරියන්න.). අනික අර ආසන්නයේ ඉන්න චීන නිලධාරියා ඇඳන් ඉන්නවා වගේ ෆෝමල් කෝට් එකක් දමන්න බැහැ මේ ඩබල් පොකට් (ඉන්දියන් ටයිප්) කමිසෙට. ඒක ගොනයි මීමයි වගේ.
අර හමීඩියාස් හරි ගිහිල්ල තමන්ට ගැළපෙන සහ අවස්ථාවට ගැළපෙන ස්මාට් ඇඳුමක් ගත්තනම් හොඳයි.
ඒ වගේම ඔය වගේ වැඩවලට පොඩි සපෝටින් ස්ටාෆ් එකක් ඕනි. මොකද අන්තිමට නියෝජනය වෙන්නේ රට.
මංගල වගේ කෙනෙක් නම් ඔය ඔක්කොටම හරියන්න අඳිනවා. ඇඳුම් වෙනුවෙන් මහා ලොකු වියදමක් කරන්නෙත් නැහැ.
අනික වියදම් කැපුවා වගේ නෙවෙයි අඩු වියදම් ඒවායේ සායම් යනකොට....
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



