The Leader News
BREAKING
Top Ad
Opinion

හැන්ඩි අනුර | එරන්ද ගිනිගේ

T

The Leader Desk

January 16, 2025 • 4:53 AM

හැන්ඩි අනුර | එරන්ද ගිනිගේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලිසම කමිසය සහ කබාය යනු බටහිර ඇඳුමක් ලෙස අපේ ඇතැමුන් සිතුවත් එම ඇඳුමේ අක්මුල් තිබෙන්නේ පෙරදිගය.
  • අපේ පැරණි රජුන් සහ රැජිනන් ඇන්දේ ධෝතිය බව ඉපැරණි පිළිම සහ චිත්‍ර සාක්ෂි දරයි.
  • ජාතික ඇඳුම ලෙස අද අප අඳින ඇඳුමද තනි රෙද්දේම විකාශයකි.
  • කලිසම සහ රෙද්ද අතර ඇත්තේ එක කැපුමක වෙනසකි.
අකුරු ප්‍රමාණය (Font Size):


කලිසම කමිසය සහ කබාය යනු බටහිර ඇඳුමක් ලෙස අපේ ඇතැමුන් සිතුවත් එම ඇඳුමේ අක්මුල් තිබෙන්නේ පෙරදිගය. අපේ පැරණි රජුන් සහ රැජිනන් ඇන්දේ ධෝතිය බව ඉපැරණි පිළිම සහ චිත්‍ර සාක්ෂි දරයි. මුලින්ම අශ්වයන් මෙල්ල කළ ආර්යයෝ අසු පිට යෑම සඳහා තනි රෙද්දෙන් ධෝතිය ඇන්දෝය.

කපාපු රෙද්දෙන් මැසූ පරණම කලිසමක් හමු වන්නේ චීනයෙන්ය. හිමාලය පාමුල විසූ සිංහලයන්ගේ මුතුන්මිත්තෝ සීතලෙන් ආරක්ෂා වීම පිණිස උඩු කයට කංචුක පැලඳුවෝය. පසුකාලීනව යුරෝපයේ වඩාත් ප්‍රචලිත වී නවීකරණය වූවාට කලිසම් කබා යනු අපට ආවේණික ඇඳුම්ය.

 

 
ජාතික ඇඳුම ලෙස අද අප අඳින ඇඳුමද තනි රෙද්දේම විකාශයකි. ඉපැරණි ග්‍රීකයන් ඇඟ වටා දවටා ගෙන ඉන්නේ තනි රෙද්දකි. බෞද්ධ භික්ෂුව අඳින සිවුරට එය සමානය. රෝමන්කාරයන් ඇන්දේ කොට සායකි. ස්කොට් ජාතිකයගේ ජාතික ඇඳුම එයයි. කලිසම සහ රෙද්ද අතර ඇත්තේ එක කැපුමක වෙනසකි. මා කියන්නේ කලිසම් කබා ඇඳීම සිංහලයාට අකැප නොවනවා පමණක් නොව ප්‍රවේණිගත අයිතියක්ද තිබෙන බවයි.

detail Aristotle School of Athens Plato Raphael
ඇඳුමෙන් මිනිසෙකු මනින්න එපා කීවාට එය අතාර්කික කතාවකි

මිනිසුන් මැනෙන්නේම බාහිර රූපයෙනි. එබැවින් සුදුසු තැනට සුදුසු ඇඳුම ඇඳිය යුතුය. කුඹුරට ඇඳිය යුත්තේ කුඹුරු වැඩට ගැලපෙන ඇඳුමය. පන්සලට ඇඳිය යුත්තේ පන්සලට ගැලපෙන ඇඳුමය. කාර්යාලයට ඇඳිය යුත්තේ එයට ගැලපෙන ඇඳුමය. පාංශුකූල සිවුර වුවත් පඬු පොවා නිවැරදිව පිළිවෙලට ඇඳිය යුතුය. එසේ නැති වූ විට අප්‍රසන්නය.

චේ ගුවාරා පන්නයේ ඩබල් පොකට් ඇඳ ගෙන රැවුල් වවාගෙන ජනාධිපතිකම් කරන්නට බැරිය. අනුර දිගටම ෆුල් සූට් එක ඇඳිය යුතුය. ඔහුට සුදු සරම සහ දිග කමිසය නොගැලපේ. එය අඳින්නට නම් උස මහත දේහයක් තිබිය යුතුය. චම්පික රණවක මෙන් රිටක් වගේ උස කෙට්ටු වුණත් මදිය. ඩලස් වගේ මිටි මහත වුණත් මදිය. මහින්ද රාජපක්ෂ වගේ උස සහ මහත දෙකම තිබිය යුතුය. අනුරට ඒ දෙකම නැත. එබැවින් ඔහුට ගැලපෙන්නේ ෆුල් සූට් එකය. ඔහුට සුදුසු ඇඳුම අවසානයේ හමු වී තිබේ. Congratulations!

images 72
සුදුසු ඇඳුම, ඉස්තරම් රෙද්දෙන්, ගාණට මිම්මට මසා නිවැරදිව ඇඳීමෙන් තමන්ගේ රූපයේ අඩුපාඩු බොහෝමයක් වසා ගත හැකිය. එයින් ඔබට නැති ආත්ම විශ්වාසයක්ද ලබා ගත හැකිය. රූපයෙන් සියල්ල මනින ලෝකයේ ඔබට යම් ගෞරවයක් දිනා ගත හැකිය. ප්‍රතිවාදියා තරමක් මෙල්ල කළ හැකිය. අනුර කුමාර ක්‍රමයෙන් සිය ජනාධිපති තනතුරට හැඩ ගැසෙමින් සිටින බව පෙනේ. ඊළඟට කළ යුත්තේ ෆුල් සූට් එකට ගැලපෙන විදිහට රැවුල කපා, කොණ්ඩය පීරා මුහුණ හදා ගැනීමයි. අවුරුද්දක් යන විට අනුරව අඳුරගන්න බැරි තරම් වෙනස් වනු ඇත. දිස් ඉස් පොලිටික්ස්.

eranda. ginige
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
 සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 දෙසැම්බර් 6

උපුටා ගැනීම :  ginihula.blogspot.com


සබැඳි ලිපියක් :

වියදම් කැපුවා වගේ නෙවෙයි සායම් යනකොට.... | මහේෂ් හපුගොඩ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...