The Leader News
BREAKING
Top Ad
Opinion

ඉදිරි අයවැය හැර මේ නිල චාරිකාවල වැදගත්කමක් නැත | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 16, 2025 • 5:46 AM

ඉදිරි අයවැය හැර මේ නිල චාරිකාවල වැදගත්කමක් නැත | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ඇමතිවරුන්ට වටිනා රාජ්‍ය තාන්ත්‍රික නිරාවරණයක් ලැබේ.
  • එහෙත්, වියදම් අවම කිරීමේ හා එය දේශීයව ප්‍රදර්ශනය කිරීමේ දේශපාලනය හේතුවෙන් එම නිරාවරණය වැඩි පිරිසකට ලබාදීම පමණක් නොව, සහභාගී වන අය පවා එය පූර්ණව ලබාගැනීම සිදු වන්නේ නැති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
  • එහෙම ගෙදර වැඩ කර ඇති බවක් ජනාධිපතිවරයා හෝ ඇමතිවරුන් මුල සිටම පෙන්වන්නේ නැත.
  • සමස්තයක් ලෙස ආණ්ඩුව තවමත් ගත කරමින් සිටින්නේ ආධුනික කාල පරිච්ඡේදයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එමගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ඇමතිවරුන්ට වටිනා රාජ්‍ය තාන්ත්‍රික නිරාවරණයක් ලැබේ. එය ජවිපෙ ආණ්ඩුවට ඉතා වැදගත් උසස් අධ්‍යාපනයකි. එහෙත්, වියදම් අවම කිරීමේ හා එය දේශීයව ප්‍රදර්ශනය කිරීමේ දේශපාලනය හේතුවෙන් එම නිරාවරණය වැඩි පිරිසකට ලබාදීම පමණක් නොව, සහභාගී වන අය පවා එය පූර්ණව ලබාගැනීම සිදු වන්නේ නැති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

මෙම නිල චාරිකා පසුපස දිනාගන්නා හෝ අහිමි වන කිසිවක් නැත. ඒවායේ අමුතු කුමන්ත්‍රණ ද නැත. රාජ්‍ය නායකයන්ට අතිශය වැදගත් වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගැනීමට එය අවස්ථාවකි.

එහෙත්, රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු පුහුණු විය යුතු දෙයකි. එය නායකත්වයේ ප්‍රධාන ලක්ෂණයකි. රාජ්‍ය නායකත්වය අපේක්ෂා කරන අයෙකු එම පුහුණුව ලබාගත යුතුය. ජවිපෙ භාෂාවෙන් කියනවා නම් ගෙදර වැඩ කර තිබිය යුතුය. එහෙම ගෙදර වැඩ කර ඇති බවක් ජනාධිපතිවරයා හෝ ඇමතිවරුන් මුල සිටම පෙන්වන්නේ නැත. ජනාධිපතිවරයා බලයට පත් වී කාර්තුවක් පසු වී හමාරය. සමස්තයක් ලෙස ආණ්ඩුව තවමත් ගත කරමින් සිටින්නේ ආධුනික කාල පරිච්ඡේදයකි. පහත දැක්වෙන ඡායාරූප හා චීන හා ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ශරීර භාෂා බොහෝ දේ කතා කරයි.


china

ආණ්ඩුවට ආධුනිකබව මගහැරිය නොහැකි වී තිබෙන්නේ ද මා මීට පෙර සඳහන් කළ වියදම් අවම කිරීමේ හා එය දේශීයව ප්‍රදර්ශනය කිරීමේ දේශපාලනික උපායමාර්ගය හේතුවෙනි.

රාජ්‍ය වියදම් සීමා කිරීම රජයේ ආර්ථික මූලෝපායයි. එමගින් ආදායම් හා වියදම් තුලනය කරගැනීම රජයේ අපේක්ෂාවයි. දේශපාලකයන් නාස්තිය හා දූෂණය මෙන්ම තම වියදම් පවා අවම කර ඇති බව සත්‍යයකි. එහෙත්, සමස්තයක් ලෙස රාජ්‍ය අංශයේ නාස්තියෙහි හා දූෂණයෙහි සැලකිය යුතු වෙනසක් සිදු වී ඇති බවක් නොපෙනේ.


ඉදිරි වසර කීපය තුළ රජය විසින් කරනු ලබන මූලික කාර්යය වන්නේ දේශපාලකයන්ගේ ආදර්ශය රාජ්‍ය අංශයේ සෙසු ආයතන හා නිලධාරීන් වෙත කාන්දු කිරීමයි. එමගින් නාස්තිය හා දූෂණය යම් ප්‍රමාණයකට අවම වනු ඇත.

 

government 2

එහෙත්, ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ආර්ථික වර්ධනය දිරිගැන්විය යුතු මොහොතකය. ඒ සඳහා ප්‍රවේශයක් තවම දක්නට ලැබෙන්නේ නැත. අසීමිත සකසුරුවම විසින් ආර්ථික වර්ධනය අඩාල කරන්නට ද බොහෝ දුරට ඉඩ තිබේ.

ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ තිබේ. ආණ්ඩුව ඒ ගැන සිතාවත් ඇතැයි නොපෙනේ. ඔවුන් කරමින් ඉන්නේ පහළ බාලාංශයේ සිට රාජ්‍ය පාලනය ඉගෙනීම හා විපක්ෂය සංවිධානය වේදැයි පරීක්ෂාවෙන් සිටීම පමණි. දැනට බලාපොරොත්තුවක් තිබේ නම් ඒ ඉදිරි අයවැයෙන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලැබෙන සංඥාය. අපි බලා සිටිමු.


AJITH PARAKUM
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

උපුටා ගැනීම : අජිත් පැරකුම් ගේ ෆේස්බුක් පිටුවෙන්..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...