එම අවස්ථාවේ දී කරුණු දැක්වූ එම සාමුහිකයේ කැඳවුම්කරු නදීශ ද සිල්වා අදහස් දක්වමින් පවසා සිටියේ මාලිමාව මේ මොහොතේ හෝ විපක්ෂයේ භූමිකාවෙන් මිදී ආණ්ඩුකරණයේ නියැළිය යුතු බවයි.
එමෙන් ම ‘තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු’ යැයි පවසමින් බලයට පැමිණිය ද ඔවුන් ඇත්ත දේශපාලනයේ තිත්ත මිනිස්සු බව ජනතාව වටහා ගනු ඇති බවයි.
සාමුහිකයේ සම කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ පවසා සිටියේ ආණ්ඩුව ජනාධිපතිගේ සහ අගමැතිගේ වැය ශීර්ෂ අඩු කර සෙප්පඩ විජ්ජා පෙන්වන බවයි.
මේ වන විට සිවු දෙනකුගෙන් යුතු පවුලකට ජිවත් වීම සඳහා අවම වශයෙන් 1,20,000ක් පමණ වැය වන බවත් එබැවින් රාජ්‍ය සේවක පිරිස් බහුතරයක් දුගින් බවට පත් වී ඇති බවත් ජනාධිපති උපදේශක හුලංගමුව බදු මගහරින්නන්ගේ ආරක්ෂකයා වී ඇති බවත් ඔහු පැවසී ය.
එම සාමුහිකයේ විධායක සභික මධුරි රණසිංහ අදහස් දක්වමින් පැවසුවේ ආණ්ඩුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් බළගන්වන බවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවයි.
එමෙන් ම ක්ෂුද්‍ර ණය වින්දිතයින්ගේ ගැටලු සහ විදුලි බිල අඩු කිරීම සහ ඇප රහිතව ණය ලබා දෙන බැංකු ස්ථාපනය නොකරන්නේ ඇයි දැයි ඇය විමසා සිටියා ය.
මතු පළ වන්නේ අදාළ මාධ්‍ය සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝ පටය යි.



