The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරගේ විවෘත ආර්ථිකය | එරන්ද ගිනිගේ

T

The Leader Desk

January 16, 2025 • 4:48 PM

අනුරගේ විවෘත ආර්ථිකය | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජේවීපීකාරයන් විසින් වේදිකාවේ කියූ සමාජවාදී ආර්ථික සිහිනය NPPය විසින් ගෙල මිරිකා මරා දමා ඇත.
  • ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත්ම ගෝලීය ධනවාදී ප්‍රභූ රාජ්‍ය තන්ත්‍රය අනුර කුමාර විසින් දියත් කර ඇත.
  • ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය පූර්ණ වශයෙන් ධනවාදය විසින් යටපත් කර ඇත.
  • රනිල්ගේ වැඩපිළිවෙළ රනිල්ටත් වඩා හොඳට අනුර කුමාර විසින් කරන බව ඔවුන්ට දැන් සැකයක් නැතිව වැටහී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජේවීපීකාරයන් විසින් වේදිකාවේ කියූ සමාජවාදී ආර්ථික සිහිනය NPPය විසින් ගෙල මිරිකා මරා දමා ඇත. ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත්ම ගෝලීය ධනවාදී ප්‍රභූ රාජ්‍ය තන්ත්‍රය අනුර කුමාර විසින් දියත් කර ඇත. මෙය අතිශය සුවිශේෂී තත්ත්වයකි.

රටක තිබූ සමාජවාදී අක්ෂයම ධනවාදය වැළඳ ගත් පසු කරන්නේ කුමක්ද?

එයට විපක්ෂව සිටින්නේ කවුද? එජාප/සජබ යනු ධනවාදයේ පියවරුන්ය. ඔවුන් බලය ගත්තත් කරන්නේ මෙයමය. එබැවින් ඔවුන් විපක්ෂය නොවේ. මධ්‍යස්ත ශ්‍රීලංනිප/පොදුජන පෙරමුණ නැවත වමේ බලවේගයක් වේ යැයි සිතිය නොහැක්කේ එවැනි වාමාංශික නායකත්වයක් එහි නොමැති බැවිණි. දැනට රටේ සිටින එකම සැබෑ විපක්ෂය පෙරටුගාමීන්ය. නමුත් ඔවුන්ගෙන් එකෙකුවත් පාර්ලිමේන්තුවේවත් නැත. ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය පූර්ණ වශයෙන් ධනවාදය විසින් යටපත් කර ඇත.

මධ්‍යම පන්තිය මේ දිනවල ඉන්නේ දැඩි උද්‍යෝගයෙන්ය. කොටස් වෙළඳපොළ නැගීමෙන් එය පිළිබිඹු වේ. දුප්පත් ත්‍රීවීල්කාරයන් සහ රතු හාල් කන්නන් ඤරු ඤුරු ගෑවාට මධ්‍යම පන්තිය එහෙම කෑ ගසන්නේ නැත. ඔවුන් ඉන්නේ ඉතාම සතුටිනි. රනිල්ගේ වැඩපිළිවෙළ රනිල්ටත් වඩා හොඳට අනුර කුමාර විසින් කරන බව ඔවුන්ට දැන් සැකයක් නැතිව වැටහී තිබේ. විපක්ෂයට මේ සමාජ යථාර්ථය පිළිබඳව කිසිදු අවබෝධයක් නැත. ඔවුන් කරන සිඟිති වැඩවලින් පෙනෙන්නේ එයයි.

මා දකින්නේ මෙය වැළැක්විය නොහැකි බවයි. තව වසර දහයක් යන විට ලංකාවේ ආර්ථිකය සහ සමාජය හඳුනා ගත නොහැකි තරමට වෙනස් වී තිබෙනු ඇත. මෙයට බාධාවක් විය හැකි එකම දෙය නම් ෆෙඩරල් ව්‍යවස්ථාව වැනි දෙයකි. එයත් මා හිතන්නේ අනුර විසින් අමාරුවෙන් හෝ ජයගනු ඇති බවය. සජබය එයට එරෙහි වන්නේ නැත. වෙනත් ශක්තිමත් විකල්පයක් අපට පෙනෙන්නේ නැත.

ජවිපෙ හෘදසාක්ෂිය ගැන ප්‍රශ්න කිරීමෙන් තව දුරටත් ඵලක් නැත. ඔවුන්ට හෘදසාක්ෂියක් නැත. “ඇයි බොරු කියලා බලය ගත්තේ?” වැනි ප්‍රශ්න ඇසීමෙන් ඵලක් නැත. ඔවුන්ට එහෙම සදාචාරයක් නැත. NPP යනු UNP යේ අලුත් සහ වඩාත් ප්‍රබල වර්ෂන් එකයි. ජේආර්ගේ විවෘත ආර්ථික ව්‍යාපෘතිය අනාගතයේ යථාර්ථයක් කරන්නේ ඔහු විසින් තහනම් කළ විජේවීරගේ පක්ෂය විසින් කියා කවරෙකු නම් සිතුවේද! ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

eranda.ginige@gmail.com

උපුටා ගැනීම : ගිනිහුළ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...