The Leader News
BREAKING
Top Ad
Opinion

කොච්චරම ලස්සනට අනුර ඇන්දත් ඒ රනිල් නෙවෙයි... | මහේෂ් හපුගොඩ

T

The Leader Desk

January 17, 2025 • 10:39 AM

කොච්චරම ලස්සනට අනුර ඇන්දත් ඒ රනිල් නෙවෙයි... | මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ගැන සංතෝසයි සහ මගේ අමාරුවත් දැන් හොඳයි.
  • වැරදි තිබ්බ හෝ නැතා හෝ ඒක එහෙමයි.
  • අනික් හැම දේමත් එහෙමයි. ඔය අගතිගාමී කෑල්ල තමයි ඇත්තටම දේශපාලනික.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ගැන සංතෝසයි සහ මගේ අමාරුවත් දැන් හොඳයි. තාන්ත්‍රික ගමන්වලදී මේක තමයි අනුරට ගැළපෙන්නේ.

හුඟක් අයගේ ප්‍රශ්නේ තමයි ඇයි මේ ඇඳුම ගැන කතාකරන්නේ සංචාරයේ ආර්ථික දේශපාලන ගැඹුර ගැන කතාකරන්නේ නැතුව කියල. 

ඇඩ්වොකාටා ඉදන් රටේ රාළ දක්වා හැමෝම චීන සංචාරයේ ගැඹුර ගැන කතාකරනවා. නමුත් මතුපිට ගැන වැඩිය කවුරුත් කතා කරන්නේ නැහැ. ඒකයි මම ඒ පැත්තෙන් ලිව්වේ. බැනුම් අහගෙන හරි. 

 

චීන ජනපති ෂී ජින් පිං ගෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්
පෙනුම පැත්තෙන් අනුර දැන් නිකම් රනිල් වගේ. ඒකත් මගේ සතුටට කරුණක්. ඩබල් පොකට්, කුර්තා කමිස පැත්තකින් තියල රනිල් වගේ ඇන්දම මගේ රනිල් ෆැන්ටසි එක අප් වෙනවා.

කට්ටිය බැන්නට බණින අය හිතන්න ඕනි දෙයක් තමයි අවසාන විග්‍රහයෙදී මම රනිල් ෆැන්ටසි එක සම්බන්දයෙන් අගතිගාමී කියන එක. ඒ කියන්නේ බයස් (bias).

මේක හැමෝටම තියන දෙයක්. අපි කොච්චර විශ්වීය උනත් යම් මොහොතක යම් දෙයකට අගතිගාමී වෙනවා. පක්ෂ වෙනවා. වැරදි තිබ්බ හෝ නැතා හෝ ඒක එහෙමයි.

අපි කොච්චර දියවැඩියාවෙන් පෙළුන උනත් සිනි කන්න කැමැත්තක් දක්වනවා. එහෙම සාරයක් මිනිස්සු තුළ තියනවා. (සීනි වෙනුවට වෙනත් ඕනෑම දෙයක් ආදේශ කරගන්නත් පුළුවන්).

රනිල්ට කැමති කෙනෙක්ගේ ඇස ඉදිරියේ කොච්චරම ලස්සනට අනුර ඇන්දත් ඒ කෙනාට ඒ රනිල් නෙවෙයි. කොච්චරම හොඳින් දේශපාලනය කරත් රනිල්ට කැමති කෙනා කැමති රනිල්ටම තමයි. අනික් හැම දේමත් එහෙමයි. 

ඔය අගතිගාමී කෑල්ල තමයි ඇත්තටම දේශපාලනික. නිකං හිතන්න ආදරේදී උනත් අපි එහෙම නේද?

රිළව් සහ ලාල්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොච්චරම ලස්සනට අනුර ඇන්දත් ඒ රනිල් නෙවෙයි... | මහේෂ් හපුගොඩ | The Leader