The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ගේ විකල්ප පාර්ලිමේන්තුව... | මහේෂ් හපුගොඩ

T

The Leader Desk

January 19, 2025 • 11:04 AM

රනිල්ගේ විකල්ප පාර්ලිමේන්තුව... | මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයින් මම කියන්න උත්සාහ කළේ ජේ ආර් වගේම, රනිල් කියන්නෙත් ලංකාවේ ඉතාම තීරණාත්මක දේශපාලන මංසන්ධි සලකුණු කරපු දේශපාලනඥයෙක් කියන එක. ඒ සඳහා මම උදාහරණයට ගත්තේ 2002 රනිල්ගේ සාම ගිවිසුම සහ එහි අනපේක්ෂිත දිගුකාලීන දේශපාලන ප්‍රථිපල.
  • සුදුසුකම්වල සහ වෘත්තීයබව තුල ඕනිවට වඩා හිරවෙලා.
  • විපරීත බව, ලිංගිකත්වය, පස්ස පැත්ත, හඬ පට, දේශපාලනය, කලාව, උසාවියට අපහාස, බන්ධනාගාර, කතානායක මල්ලි, බුදු අම්මෝ....ආතල් විතරයි!
  • ඇත්තම කිව්වොත් ඉස්සර මන්ත්‍රීවරු පුද්ගලික වශයෙන් දන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එයින් මම කියන්න උත්සාහ කළේ ජේ ආර් වගේම, රනිල් කියන්නෙත් ලංකාවේ ඉතාම තීරණාත්මක දේශපාලන මංසන්ධි සලකුණු කරපු දේශපාලනඥයෙක් කියන එක. 

ඒ සඳහා මම උදාහරණයට ගත්තේ 2002 රනිල්ගේ සාම ගිවිසුම සහ එහි අනපේක්ෂිත දිගුකාලීන දේශපාලන ප්‍රථිපල. අපේක්ෂිත ඒවාට වඩා වැදගත් උනේ අනපේක්ෂිත ඒවා.

ඒ වගේම අද නිව්ස් එකක් ඇවිල්ල තියනවා රනිල් විකල්ප පාර්ලිමේන්තුවක් කැඳවන්න යෝජනා කරලා තියෙනවා කියල. මේක නිකම් අර බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ එන විපක්ෂයේ චායා කැබිනට් (shadow cabinet) එක වගේද කියලත් මට හිතුනා.

 

හැබැයි එහෙම චායා කැබිනට් එකක් තියන්න උනත් රනිල් විපක්ෂයේ තියා පාර්ලිමේන්තුවේ අහලක් පහලකවත් නැහැනේ. හැබැයි ඒ අහලක් පහලකවත් නැති නිසාම තමයි මේකට වැඩි අවධානයක් යොමුවෙන්න පුළුවන් කාරණාව වෙන්නෙත්. 


එකක් තමයි දැන් තියන ජාතික ජන බලවේග පාර්ලිමේන්තුව කියන්නේ එතරම් 'රහක් නැති' පාර්ලිමේන්තුවක්. මේ 'රහක් නැතිකම' ගැන මම මීට කලින් කියල තියනවා. විහිළුවක් තහළුවක් නැහැ. පොඩි සද්දයක් නැහැ. වාද විවාද අඩුයි. සුදුසුකම්වල සහ වෘත්තීයබව තුල ඕනිවට වඩා හිරවෙලා. පක්ෂ විනය කියන එකක හිරවෙලා. විනයගත පාර්ලිමේන්තුවක් කියන එකේ හිරවෙලා. පුද්ගලත්වයක් නැහැ. විනෝදයක් නැහැ. 

ඉස්සර රන්ජා නැගිටින කොට ඒක අස්සේ කොච්චර් දේවල් නම් තිබ්බද? විපරීත බව, ලිංගිකත්වය, පස්ස පැත්ත, හඬ පට, දේශපාලනය, කලාව, උසාවියට අපහාස, බන්ධනාගාර, කතානායක මල්ලි, බුදු අම්මෝ....ආතල් විතරයි! (මම කියන්නේ නැහැ රන්ජා සම්භාව්‍ය පාර්ලිමේන්තු උදාහරණයක් කියල).

 

image bdc4d45393

කොටින්ම කියනවා නම් NPP ආණ්ඩුවේ ඉස්සරහ පෙළ හැරුනම පිටිපස්සේ ඉන්නේ කවුද කියලවත් දන්නේ නැහැ. නමක් ගමක් දන්නෙත් නැහැ. ඇත්තම කිව්වොත් ඉස්සර මන්ත්‍රීවරු පුද්ගලික වශයෙන් දන්නවා. නම කිව්වම දන්නවා. දැන් එහෙම එකක් නැහැ. 

නමක් ගමක් දන්නා කිහිප දෙනෙක් හරි ඉන්නේ විපක්ෂයේ. ඒකත් පොඩි පිරිසක්. හැබැයි විපක්ෂය උනත් එච්චර ලොකු සංවාදයක නැහැ. ගොඩක් සක්‍රිය නැහැ. ඉන්නේ පසුපාදයේ. ඩිෆෙන්සිව් ගහන්නේ.

මේ නිසා ඔය පරණ හිටපු, දැන් පේන්න නැති අය කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියන එක ගැන කුතුහලයක් සමාජයේ තියනවා. දැන් පාර්ලිමේන්තුවේ නැති හැබැයි ඒ වෙලාවේ හිටපු ගොඩක් අය පස්සේ මාධ්‍යකාරයෝ දුවනවා. 

 

කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන මුහුණ දෙන අභියෝග
ජනතාව එයාලට පාඩමක් උගන්වන්න කියල ප්‍රතික්ෂේප කරාට එයාල යටිහිතින් රනිල් ඇතුළු කණ්ඩායම කරන්නේ මොකක්ද කියල බලන්න ආසයි. මොකද තාමත් ගූගල් මැප් එකේ පෙන්නන්නේ රනිල්ගේ සයිනේජ්. 

ඒකයි මේ විකල්ප පාර්ලිමේන්තුව නැගල යන්න පුළුවන්. ඒ අස්සේ රනිල් දැන් සීන් එකේ නැහැ, හරි දැන් අපි රනිල් බයිපාස් කරමු කියල හිතන කට්ටිය අර්බුදයට යවන්නත් මේක පිටුවහලක් වෙන්න පුළුවන්.

ආයිත් පොර තමයි ගොඩ්ෆාදර්....

රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි පුවත :
රනිල්ගෙන් විකල්ප පාර්ලිමේන්තුවක්!



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...