The Leader News
BREAKING
Top Ad
Opinion

කළු සුදු අයිවන්...

T

The Leader Desk

January 19, 2025 • 4:06 PM

කළු සුදු අයිවන්...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකඟ විවේචක හැමෝම ශෙයා කරලා.
  • ඒ නිසා අයිවන් සහ රාවය එකක් බවට පත්වුණා.
  • එහෙම කරන්න පුළුවන් අඳුරු දේශපාලන කොරිඩෝවක් තමයි අයිවන් ඇතුළු අපි ඔක්කොම පසුකරේ.
  • හඳයා හදල තියන රිචඩ් ද සොයිසාගේ මරණය සම්බන්ද 'රාණි' ලංකාවේ අයිවන්ල මුහුණ දුන්න දේශපාලනය - ප් ‍ රචණ්ඩත්වය - මරණය -ජීවිතය (හෝ ජිවිතයක් නැතිබව) ගැන දළ සටහනක් සපයනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එකඟ විවේචක හැමෝම ශෙයා කරලා. ඒ එක්කම පොඩි ටැග් ලයින් එකකුත් හැමෝම වගේ ඒ ෆොටෝ එකට එකතුකරලා.

 

ගොඩක් වෙලාවට ඒ ටැග් ලයින් එකෙන් කියවුණේ 'යුගයක අවසානය' (end of an era) කියල. ඔව්...ඒක එක යුගයක් තමයි.

හැබැයි එහෙම එක ටැග්ලයින් එකකට සීමාකරන්න බැරි චරිතයක් අයිවන් කියන්නේ.

ලංකාවේ විකල්ප පුවත්පතක් හැටියට පටන්ගත්ත 'රාවය' ප්‍රධාන ධාරාවටත් ඔබ්බට අරන්ගිහින් වෙනම පුවත්පත් බ්‍රෑන්ඩ් එකක් කළා අයිවන්.

 

ඒ නිසා අයිවන් සහ රාවය එකක් බවට පත්වුණා.

එහෙම කරන්න පුළුවන් අඳුරු දේශපාලන කොරිඩෝවක් තමයි අයිවන් ඇතුළු අපි ඔක්කොම පසුකරේ.

ඒක කොයි දශකයෙන් පටන් අරගෙන කොයි දශකයෙන් ඉවර කරන්නද මට තේරෙන්නේ නැහැ. ඕනිනම් කියන්න පුළුවන් නිදහසේ සිට අද දක්වා කියලත්. හැබැයි අයිවන් කියන්නේ දියුණු සමාජයක් ගැන සිහිනයක් තිබ්බ කෙනෙක්.

71 අරගලයෙන් ඔහුගේ දේශපාලන ආරම්භය එන්නේ මේ සිහිනයත් වෙන්න පුළුවන්.

ඒ තමයි ඒ යුගයේ සිහිනය.

හැබැයි ඔහු එතැනින් වෙනත් තැනකට එනවා.

 

හඳයා හදල තියන රිචඩ් ද සොයිසාගේ මරණය සම්බන්ද 'රාණි' ලංකාවේ අයිවන්ල මුහුණ දුන්න දේශපාලනය - ප්‍රචණ්ඩත්වය - මරණය -ජීවිතය (හෝ ජිවිතයක් නැතිබව) ගැන දළ සටහනක් සපයනවා.

අයිවන් අයිය ඒ අඳුරු යුගයට එරෙහිව පෑන අතට ගන්නවා.

 

චන්ද්‍රිකාගේ කාලේ ඒ යුගය වෙනුවට වෙනත් යුගයක් එනවා. අර පරණ ලෝකයම වෙනත් විදියට අපිට මුණගැහෙනවා. එයා එතනත් සටනක් කරනවා.

මීට පස්සේ එළඹෙන යුගවල එක් එක් මුහුණුවරින් අයිවන් අපිට හමුවෙනවා. ඒවා ගොඩක් මතභේදාත්මක තැන්.

මේ සියලු යුගවල අපිට පෙනෙන්නේ ඔහුගේ චලනය (movement) වෙනස්වීම (chnage) සහ පරිණතවීම (maturity).

ඔහු මේ සියලු කාලවල දේශපාලන අතහරින්නේ නැහැ.

දේශපාලනය කරන ක්‍රමය වෙනස්කරනවා.

රැඩිකල් ක්‍රම වෙනසක් අපේක්ෂා කරපු කෙනෙක් සහ සන්නද්ධ අරගලකරුවෙක් විදියට ආරම්භකරපු ඔහුගේ දේශපාලනය දශක ගණනක් ඔස්සේ ගමන්කරල මේ ක්‍රමය එක්ක එකඟවෙන තැනක් දක්වා වෙනස්වෙනවා.

 

ඔහු බර්ලින් තාප්පය බිඳවැටෙනවා දකිනවා. ඉන්පසු ලෝකය වෙනස් ලෝකයක් බව අවබෝධකර ගන්නවා.

ඒ වෙනස සන්නිවේදනය කරන්න ඔහුගේම දර්ශනයක් සහ භාෂාවක් ඔහු හොයාගන්නවා.

පත්තරකාරයෙක්ගෙන් ඔබ්බට ගිය දේශපාලන දර්ශනයක් - අදහසක් - ආකෘතියක් ඔහුට තිබ්බ. පශ්චාත් යටත්ජීවිත යුගයක යතාර්තය (නැත්නම් අධියතාර්තය) සන්නිවේදනය කරන්න භාෂාවක් සහ ආකෘතියක් හොයාගන්න එක තමයි අමාරුම දේ හැටියට හඳුන්වන්නේ සල්මන් රුෂ්ඩි. අයිවන් එයාගේ විදියට මේ අභියෝගය ජයගන්නවා. එහෙම ජයගත්ත චරිත මේ ලෝකේ අඩුයි.


අධ්‍යනයක් කරන කෙනෙක්ට වටින්නේ ඔහුගේ ආරම්භක ලක්ෂයවත් අවසන් ලක්ෂයවත් නෙවෙයි. සමස්ත ගමන සහ ඔහු ඒ ගමන් මාර්ගයේ ඉතුරුකරපු සලකුණු ටික. මම කියන්නේ හොඳ නරක දෙකම...

'රාවය' පරිණාමය ඇතුලේ හොඳටම මතක එක සිද්ධියක් තියනවා. දිනයක් මතක නැහැ. ඒ තමයි හැමෝම වර්ණ වලට යද්දී රාවය කළු සුදු විතරක් එක්ක හිටපු එක. අයිවන් තුළත් කළු සුදු දෙකම තිබ්බ.

සුව නින්දක්!

 

(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ මෘත දේහයට ගෞරව දැක්වීම සඳහා හෙට (20) දවස පුරා කරාපිටිය රුහුණු මල් ශාලාවේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු හෙට පස්වරු 5.00ට දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...