සමහර විට අනික් ජනාධිපතිවරු තරම් දේවල් මහින්ද කරලා නැතුව ඇති. සමහර විට වැඩියත් කරලා ඇති. ඒ කොහොම උනත් ඔහු තවත් එක ජනාධිපති කෙනෙක් නෙවෙයි. ඒකට එකම එක හේතුවයි තියෙන්නේ. ඒක අපි එකඟ නොවෙන, අපේ මතවාදයට ටැලි නොවෙන එකක් බව ඇත්ත. ඒ එකම හේතුව තමයි ඔහු තිස් වසරක යුද්දය නිමා කරන්න තමන්ගේ 'ශරීරය දුන්න' එක.
ඔහු තුල අනන්ත අගතීන්, දුර්වලකම්, නොහැකියාවන් ඇති. ඒක වෙනම කතාවක්. නමුත් ඔහු එක තැනකදී එක තීරණයක් ගන්නවා. ඒ තීරණය විසින් ලංකාවේ අනාගතය තීරණය කරනු ලබනවා.
මම මේ කියන 'ශරීරය දීම' ජේ. ආර්. විවෘත ආර්ථිකය වෙනුවෙන් ශරීරය දැම්මට සමානයි.
ඒ කියන්නේ මෙච්චරයි. තමන් කරපු ඒ තීරණාත්මක ක්‍රියාවේ හොඳ නරක, වාසි අවාසි, ගර්හා ප්‍රශංසා යන හැම දෙයක්ම තමන් භාරගන්න සුදානම් එක. එහෙම චරිත විසින් කරන ක්‍රියාවේ සමස්තය භාරගන්න නිසා අපි වරදකාරී බැවින් නිදහස් වෙලා, ස්වාධීන විචාරකයින් බවට පත්වෙලා අපිට කැමති දෙයක් කියන්න කරන්න පුළුවන් වෙනවා. දැන් මේ වෙලා තියෙන්නේ ඒක.
අපි කවුරුත් වරදකාරී බවක් නැතුව ඉන්නවා. හැමෝම ඇඟිල්ල මහින්ද දිහාට හරවනවා. මහින්ද ඒක කාගෙන ඉන්නවා. එච්චරයි.
නමුත් පාරේ, බස්වල, කොටුවේ බෝගහ යට, දළදා මාලිගාවේ බෝම්බ පත්තු වෙන්නේ නැති නිසා අපි දැන් නිදහසේ ඉන්නවා. විචාරය කරනවා.
මේ ක්‍රියාව නිසාම අපවාද විතරක් නෙවෙයි ජීවිත කාලය පුරාම ජීවිත තර්ජනයක් එක්ක මහින්ද ජීවත්වෙනවා. අපි දේශපාලනය කරනවා.
මෙන්න මේ සුවිශේෂ ක්‍රියාව නිසා මහින්ද සුවිශේෂ ජනාධිපති කෙනෙක් වෙනවා. කී බෝඩ් එකේ මහින්ද රාජපක්ෂ කියල නම කොටන්න හදන කොටම මේ අපි කැමති හෝ අකමැති විදියට තිස් අවුරුදු යුද්දේ ඉවර කරන්න හිතුවක්කාර වෙච්ච, ඒ වෙනුවෙන් බොඩි එක දුන්න චරිතය නේද කියල හිතනවා. ඒ නිසා එයා ගැන යමක් කියන්න හදනකොට අපි දෙවරක් හිතනවා. අපි කිව්වොත් වැරදියි. මම හිතනවා.
ඒ ඔහු සුවිශ්ෂ නිසා.
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
මහින්ද තවත් එක ජනාධිපති කෙනෙක් විතර ද? | මහේෂ හපුගොඩ
T
The Leader Desk
January 21, 2025 • 4:38 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සමහර විට අනික් ජනාධිපතිවරු තරම් දේවල් මහින්ද කරලා නැතුව ඇති.
- සමහර විට වැඩියත් කරලා ඇති.
- ඒක අපි එකඟ නොවෙන, අපේ මතවාදයට ටැලි නොවෙන එකක් බව ඇත්ත.
- ඔහු තුල අනන්ත අගතීන්, දුර්වලකම්, නොහැකියාවන් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


