The Leader News
BREAKING
Top Ad
Opinion

මනෝරාණි අම්ම සහ සෝමරත්නගේ අම්ම...| මහේෂ් හපුගොඩ

T

The Leader Desk

January 24, 2025 • 8:01 AM

මනෝරාණි අම්ම සහ සෝමරත්නගේ අම්ම...| මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවකතාවේ කතානායකයා වන අර්ජිගේ මවට ප්‍රේම සම්බන්දයක් තියනවා ජනමාධ්‍යවේදියෙක් වෙච්ච ඩැරිල් එක්ක.
  • මේක වෙන්නෙත් කොළඹ ඉංග්‍රීසි කතාකරන, ඉහල සමාජ සම්බන්දතා තියන මධ්‍යම පංතිය ඇතුලේ.
  • මෙහෙ ඇති සෝමරත්නයෙක් නැහැ.
  • ලිබරල් නොවූ - ගැමි වූ - එහෙත් මොකක්දෝ පීතෘමූලික බවක් තිබ්බ ඒ අම්ම විසින් සෝමරත්නගේ ජීවිතේ එදා බේරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නවකතාවේ කතානායකයා වන අර්ජිගේ මවට ප්‍රේම සම්බන්දයක් තියනවා ජනමාධ්‍යවේදියෙක් වෙච්ච ඩැරිල් එක්ක. 88-89 කාලේ ඩැරිල් අතුරුදහන් කරලා මරල දානවා. මේක වෙන්නෙත් කොළඹ ඉංග්‍රීසි කතාකරන, ඉහල සමාජ සම්බන්දතා තියන මධ්‍යම පංතිය ඇතුලේ.

අර්ජිගේ මව එයාගේ ආදරය නිසාම මේ මරණය ගැන හොයන්න උත්සාහ කරනවා. නිල නොවන හමුදා ඇවිල්ල ඩැරිල් අතුරුදහන් කරන වෙලාවේ ඒ ගෙදර හිටිය වැඩකාරය වෙච්ච සෝමරතන මේ සිද්ධිය ඇහින් දැක්ක නිසා ඇය යනවා සෝමරත්න හොයාගෙන බෙලිහුල්ඔය කියන රත්නපුර මායිමේ තියන දුප්පත් ගමකට.

0140250042

ඒ යනකොට සෝමරතනගේ අම්ම කේන්තියෙන් අහනවා ''උඹල මේ දරුවත් අතුරුදහන් කරන්නද හදන්නේ? කොළඹ ඉන්න උඹලට ඕනි උඹලගේ දේවල් කරගන්න විතරයි. අපිට මොන මඟුලක් උනත් උඹලට වැඩක් නැහැ. මෙහෙ ඇති සෝමරත්නයෙක් නැහැ. ආව අතක් බලාගෙන පලයල්ලා යන්න කියල''.

එතනින් ඒ සෙවීම නතරවෙනවා. අර්ජිගේ අම්ම හිත හදාගන්නවා.

ලිබරල් නොවූ - ගැමි වූ - එහෙත් මොකක්දෝ පීතෘමූලික බවක් තිබ්බ ඒ අම්ම විසින් සෝමරත්නගේ ජීවිතේ එදා බේරනවා. එහෙම නැතුව 'ඔව් අපි ජීවිතේ පරදුවට තියල හරි මේ අපරාධකාරයෝ හොයමු' කියල තවත් මරඋගුලක ඒ දරුවා පටලන්නේ නැහැ. 

 

රාණි, රිචඩ් සහ ජේ. ආර්. - (මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)
ලිබරල් නොවීමේ - විශ්වීය නොවීමේ - ගොඩේ වීමේ - තමන්ගේ දරුවා ගැන විතරක් සිතීමේ - ස්වාර්ථය ගැන විතරක් සිතීමේ - වරදකාරීබව ඒ අම්ම අරගෙන දරුවට ජීවිතේ දෙනවා.

'කොළඹට කිරි අපිට කැකිරි' කියන සටන් පාඨය අපි ඉස්කෝලෙට ආවෙත් මේ කාලේ. අපිත් ඒකට අහුවුණා. හැබැයි අපේ අම්ම තාත්ත කොහොම හරි අපි ඉස්කෝලේ යවන්නේ නැතුව හරි තියල අපේ ජීවිතේ බේරුවා. එයාල ලිබරල් නැහැ. ගොඩේ. හැබැයි අවදානම දැනගෙන හිටිය.

වරදකාරී බව එයාල අරගෙන, රැඩිකල් නොවීමේ දෝෂාරෝපණය එයාල අරගෙන අපිට ජීවිතේ දුන්න. තවත් සිය දහස් ගණනක් ලාංකික දරුවෝ මේ ලිබරල් නොවූ අම්ම තාත්තලා නිසා බේරුණා. 

තවත් දශක ගණනක් ගියාට පස්සේ තමයි තේරුණේ ඒවා එක එක අයගේ දේශපාලන ඇජෙන්ඩා කියල. 2024 අග වෙනකොට දැන්නම් නියමෙටම තේරෙනවා මොකක්ද උණේ කියල. 

 

රාණි චිත්‍රපටියේ trailer එක එළිදකී (වීඩියෝ)
හඳගමගේ 'රාණි' (2025) චිත්‍රපටය බලන වෙලේම මගේ මතකයට අවේ ෆනී බෝයි එකේ සෝමරත්නගේ අම්ම. ලිබරල් මනෝරානි අම්ම අපේ ඇහැට යනවා තමයි.

එයා එයාගේ දරුවට දුන්න ලිබරල් නිදහස මරු තමයි. එකට විස්කි අඩියක් ගහන එක, සිගරට් එකක් බොන එක, කොල්ලෙක්ගේ ජුන්ඩ අල්ලන එක දැක්ක උනත් ඒක ඉවසන එක මාර ලිබරල් තමයි. හැබැයි ඒ ලිබරල් බවට බැරිවෙනවා රිචඩ්ව ජීවත් කරවන්න.

මනෝරාණි අම්මට ඒ වරදකාරී බව මැරෙනතුරා තියෙන්න ඇති. 

සෝමරත්නගේ අම්ම ගැඹුරින් සම්ප්‍රදායික - පිතෘමූලික - දක්ෂිණාශිකයි. මනෝරානි අම්ම ලිබරල් වාමාංශිකයි. දැනට එච්චරයි. 

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මනෝරාණි අම්ම සහ සෝමරත්නගේ අම්ම...| මහේෂ් හපුගොඩ | The Leader