The Leader News
BREAKING
Top Ad
Opinion

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 27, 2025 • 4:59 AM

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.
  • ඖෂධ වංචා නඩුවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ගවලදී දේශපාලන ඇඟිලිගැසීම් තිබුණේ නැත.
  • තේරෙන උදාහරණයකින් කියනවා නම්, 1989 වකවානුවේ ජවිපෙ විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් දැන් නඩු පැවරීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි.
  • කළ හැකි දෙය වන්නේ මින් ඉදිරියට එසේ සිදු නොවන පරිදි වගබලාගැනීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඖෂධ වංචා නඩුවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ගවලදී දේශපාලන ඇඟිලිගැසීම් තිබුණේ නැත. මේවායින් පාඩම් ඉගෙනගත යුතුය.

 

කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරයට
ඇරියස්කාරයන්ට දේශපාලනික තනතුරු දී ඔවුන් ලවා අවිධිමත් ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට, පොලිසියේ අපරාධ විමර්ශන ක්‍රමවේදය හා නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ පටිපාටියවිධිමත් කිරීමට කටයුතු කළ යුතුය.

ආණ්ඩුව රාජ්‍ය සේවයේ හා අධිකරණයේ ස්වාධීනත්වයට අත තැබීම ද දූෂිතයන්ට වාසිදායක තත්වයකි.

මෙය ද තේරුම් ගත යුතුය. අතීතයේ කරන ලද සියලු වැරදි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කරය. තේරෙන උදාහරණයකින් කියනවා නම්, 1989 වකවානුවේ ජවිපෙ විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් දැන් නඩු පැවරීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි.

කළ හැකි දෙය වන්නේ මින් ඉදිරියට එසේ සිදු නොවන පරිදි වගබලාගැනීමයි. ඒ සඳහා නීති හා පද්ධති ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යය. පොලිසියේ ස්වාධීනත්වය ශක්තිමත් කළ යුතුය. විමර්ශන ක්‍රමවේද විධිමත් කළ යුතුය.

වහාම අධිකරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි

 

නීතිපති දෙපාර්තමේන්තුව ඇමතිවරුන් කියන අන්දමේ ගැටලු සහගත තැනක් නම්, ස්වාධීන අභිචෝදකයකු හඳුන්වා දීම සඳහා නීති සංශෝධනය කළ යුතුය. අධිකරණ ස්වාධීනත්වයට ඇඟිලි නොගැසිය යුතුය. සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීම වැනි තක්කඩි වැඩ නොකළ යුතුය.

තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කළ වික්ටර් අයිවන් | අජිත් පැරකුම් ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(උපුටා ගැනීම | අජිත් පැරකුම් ගේ ෆේස්බුක් පිටුවෙන් )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...