මුණ ගැහෙන්න. මුණගැහිලා අඬන්න.
අඬන්න ඇති අයිතිය කියල මම මේක කලිනුත් ලිව්වා.
දශක ගණනක් එයාල යම් වේදනාවක් උහුලාගෙන ඉඳල තියනවා. ඒක අහන්න කෙනෙක් තමයි හිටියේ නැත්තේ.
යුද්දේ ඉවර උනාට තවමත් ඒ වේදනාව එයාල ඇතුලේ දෝංකාර දෙනවා. අපි දකුණෙන් ඒ කඳුළු ගැන සංවේදී නායකයෙක් බිහිකළේ නැහැ.
අන්තිමට කෘතීම විදියට හරි ඒකත් බිහිවුණේ යුද්දේ වෙනුවෙන් තමන්ගේ සියලු මතවාදය කැපකළ ජනතා විමුක්ති පෙරමුණෙන්.
දකුණට කොච්චර බොරු කිව්වා උනත් අනුර උතුරේ ජනප්‍රියබව පවත්වාගෙන යනවා. වැඩිය මොනවත් කළේ නැහැ. පාරක් දෙකක් ඇරිය. ටෝක් එකක් දෙකක් ඉෂූ කළා. එච්චරයි. දේශපාලනය කියන්නේ ඒකට තමයි.
ඒ ටෝක් අතරින් වැඩියෙන්ම උතුරේ නැගල යන්න ඇත්තේ මහින්දගේ ආරක්ෂාව අඩුකරනවා කිව්ව එක වෙන්න ඇති. හිතුනොත් ඉතුරු ආරක්ෂකයෝ හැටත් අයින් කරනවා කිව්ව එකට තවත් ලකුණු වැටෙන්න ඇති. ඇත්තටම 'හිතුනදෙයක්' කරන්න විධායක බලයක් එයාට ජේආර් දීල තියනවා.
ගිය සතියේ මහින්දට රිදෙන්න ටෝක් එකක් දකුණට දුන්න. මේ සතියේ උතුරේ ගියා. උතුරේ මිනිස්සු මිනිස්සු උම්මා දුන්න. ඒවා තමයි පොලිටික්ස් කියන්නේ.
අනික් අයත් ඉගෙනගන්න...
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
දේශපාලනය යනු කුමක්ද? | මහේෂ් හපුගොඩ)
T
The Leader Desk
February 1, 2025 • 3:39 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අඬන්න ඇති අයිතිය කියල මම මේක කලිනුත් ලිව්වා.
- යුද්දේ ඉවර උනාට තවමත් ඒ වේදනාව එයාල ඇතුලේ දෝංකාර දෙනවා.
- දකුණට කොච්චර බොරු කිව්වා උනත් අනුර උතුරේ ජනප්‍රියබව පවත්වාගෙන යනවා.
- දේශපාලනය කියන්නේ ඒකට තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


