The Leader News
BREAKING
Top Ad
Opinion

පොහොසත් ජාතික අධ්‍යාත්මය... | මහේෂ් හපුගොඩ

T

The Leader Desk

February 5, 2025 • 7:35 AM

පොහොසත් ජාතික අධ්‍යාත්මය... | මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනිනම් කියන්න පුළුවන් ඒක දැනටමත් අපේ තියනවා කියලත්.
  • ඔවුන් අධිරාජ්‍යයක ඉඳල, බටහිර එක්ක යුද්ද කරලා, පැරදිලා, බෝම්බ ඔළුව උඩට වැටිලා, පස්සේ ලෝකයේ දියුණුම ජාතියක් බවට පත්වෙනවා.
  • ජපන් සරලබව ගැන අපි කතාකරන්නේ ඔවුන්ගේ ඉතාම සංකීර්ණ භෞතික දියුණුවක් එක්ක. ඔවුන් සරල වෙලා තියෙන්නේ සංකීරණ වෙන්න බැරි නිසා නෙවෙයි අධ්‍යත්මික තේරීමක් එක්ක (choice).
අකුරු ප්‍රමාණය (Font Size):
 
අපිට 'නියත වශයෙන්ම' ලෝකයේ පොහොසත්ම රාජ්‍යය වෙන්න බැරි වුණත් ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය (නැත්නම් අධ්‍යාත්මය) සහිත රට වෙන්න පුළුවන් කියල ජනාධිපතිතුමා ඊයේ නිදහස් උත්සවයේ කියල තිබ්බ. 


ඒක පුනරුද මැතිවරණ ප්‍රකාශනයේ තේමාව වෙච්ච 'පොහොසත් රටක්' කියන එකට තරමක් වෙනස් එකක්. 

පොහොසත් රටක් කියන එක යම් යම් නිර්ණායක එක්ක මනින්න පුළුවන් දෙයක් උනාට පොහොසත් ආත්මය වගේ දෙයක් සංඛ්‍යානමය වශයෙන් මණින්න බැහැ. ඕනිනම් කියන්න පුළුවන් ඒක දැනටමත් අපේ තියනවා කියලත්. නැත්නම් තිබිල නැතිවුනා කියලත්.

 

Nihon 6

ජාතික අධ්‍යාත්මය ගැන කතාකරද්දී ලෝකයේ හොඳම උදාහරණයක් තමයි මම නිතරම පෙන්වන ජපානය. ඔවුන් අධිරාජ්‍යයක ඉඳල, බටහිර එක්ක යුද්ද කරලා, පැරදිලා, බෝම්බ ඔළුව උඩට වැටිලා, පස්සේ ලෝකයේ දියුණුම ජාතියක් බවට පත්වෙනවා. අදටත් ලෝකයේ ඉතාම විශිෂ්ට වටිනාකම් එක්ක ඔවුන් ජීවත්වෙනවා. දේශීයයි වගේම ගෝලීයයි. දැවැන්ත සාහිත්‍යක් තියනවා.

හැබැයි ඒ ඔක්කොම ගැන අපි කතාකරන්නේ ඔවුනගේ භෞතික දියුණුව ගැනත් හිතල. ඔවුනගේ ඒ කියන දියුණු අධ්‍යාත්මය කොහොමද භෞතික දියුණුවට බලපෑවේ කියල. ඔවුනගේ අධ්‍යාත්මය අපි ටොයෝටා නිසාන් හොන්ඩා යමහා එක්ක තමයි දකින්නේ. නැතුව නිකම්ම අධ්‍යාත්මයක් විතරක් තිබ්බනම් අපි කවුරුවත් ඔය ගැන කතාකරන්නේ නැහැ.

ජපන් සරලබව ගැන අපි කතාකරන්නේ ඔවුන්ගේ ඉතාම සංකීර්ණ භෞතික දියුණුවක් එක්ක. 

ඔවුන් සරල වෙලා තියෙන්නේ සංකීරණ වෙන්න බැරි නිසා නෙවෙයි අධ්‍යත්මික තේරීමක් එක්ක (choice). එතන තමයි වැදගත් තැන.

 yinyang

මම කියන්නේ නියත වශයෙන් දෙකම ඕනි. මොකද මේ දෙක අතර සම්බන්දයක් තියනවා. බුදුන් උනත් දුෂ්කර ක්‍රියා කලේ භෞතික සැප සම්පත් නැතුව නෙවෙයි. ගැඹුරු තේරීමක් හැටියට.

අනික නියතියක් වගේ අපිට කවදාවත් ලෝකයේ පොහොසත්ම ජාතිය වෙන්න බැහැ කියල මම නම් හිතන්නේ නැහැ. මොකක් හරි එකක් පත්තු උනොත් හරි පත්තුකර ගත්තොත් හරි සල්ලි ගණන්කරන්න වෙන්නේ මැෂින් වලින් කියලයි මම නම් හිතන්නේ. මම එතැනදී පොසිටිව්. 

මම කියන්නේ ඊයේ පෙරේදා ඉරාජ්ගේ බයි චැනල් එකට ආපු (බයි තක්සලාව) නාමල් කිව්වා මෙහෙම. 'ඔව් අපි බයි කඳවුරේ තමයි. හැබැයි මම ටෝයියෝ පතන ලෝකය හදල දෙනවා' කියල.

මම කියන්නේ ඒක අපිට කවදාවත් අරම වෙන්න බැහැ මෙහෙම වෙන්න බැහැ කියල කියනවට වඩා පොසිටිව්...

අනේ මන්ද...
දැන් ඉතිං බැනපල්ලා.  

Mahesh Hapugoda 1 1(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොහොසත් ජාතික අධ්‍යාත්මය... | මහේෂ් හපුගොඩ | The Leader