The Leader News
BREAKING
Top Ad
Opinion

අරම මෙහෙම වෙලා මෙහෙම අරම වෙලා එහෙම උනොත්...? | මහේෂ් හපුගොඩ

T

The Leader Desk

February 6, 2025 • 5:43 AM

අරම මෙහෙම වෙලා මෙහෙම අරම වෙලා එහෙම උනොත්...? | මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ වී වලට පාලන මිළක් නියම කිරීමේ මාධ්‍ය සාකච්චාවෙදි මාධ්‍යකාරයෝ රටේ නැති ඒවා අහද්දී පොර මෙහෙම කියනවා.
  • පොරට මිම්ස් හදන්නෙත් නැහැ.
  • රැල්ලේ ජනප්‍රිය බව අඩුවෙන කොට ඒ එක්ක බැහැල යන්නෙත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඊයේ වී වලට පාලන මිළක් නියම කිරීමේ මාධ්‍ය සාකච්චාවෙදි මාධ්‍යකාරයෝ රටේ නැති ඒවා අහද්දී පොර මෙහෙම කියනවා.


''දැන් අපි උත්තරයක් දුන්න නේ. ඒක තමයි උත්තරේ. අරක මෙහෙම වෙලා මෙහෙම අරක වෙලා අරම මෙහෙම වුණොත් ඒක අපි බලාගන්නම්. දැන් ඔය උත්තරේ ලියාගන්න''. 

 


මම කියන්නේ මෙහෙම උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනි මාධ්‍යකාරයෝ දේශපාලනඥයෝ වටේ යවන්න එන වෙලාවට. ලාල්ට ඒ කොන්ද තියනවා. පොර බයත් නැහැ. දේශපාලනය පීචං වෙන්න දෙන්නේ නැහැ.

අනික් එක තමයි එයා එයාගේ පැත්තෙන් මහා ලොකු බොරු කියන්නේ නැහැ. මාලිමාව වේදිකාවේ කිව්ව අසම්බන්ද හතරවරං කෙබර ලාල් කිව්වේ නැහැ. ඒ නිසා ලාල්ගේ වීඩියෝ ක්ලිප් හදල කට්ටිය නෝන්ඩිකරන්නේ නැහැ. පොරට මිම්ස් හදන්නෙත් නැහැ. ඒ නිසා ලාල්ගේ පැත්තෙන් දේශපාලනය නෝන්ඩි වෙන්නේ නැහැ.

ලාල් ඇත්තටම කීවේ කුමක්ද, දෙරණ 360 මෙහෙයවන්නාගේ අගතිගාමීත්වය හා අනුර

 

තිබ්බ දේශපාලන සුනාමිය එක්කත් පොර අනවශ්‍ය අනන්‍යතා අර්බුදයකට ගියේ නැහැ. රැල්ලේ ජනප්‍රිය බව අඩුවෙන කොට ඒ එක්ක බැහැල යන්නෙත් නැහැ. අදත් එදා වගේම පවතිනවා. පොර හෙටත් ඔහොමම ඉඳී. 

මාලිමාවේ කෙනෙක් හැටියට අදටත් මීඩියාවල මම දකින්න කැමති කෙනෙක්. 

(මටනම් ඇමතිතුමා කියන්න හිතෙන්නෙත් නැහැ. අතිගරු කියන්න හිතෙන්නෙත් නැහැ. සහෝදරයා කියන්න හිතෙන්නෙත් නැහැ. මට හිතෙන්නේ ඒ තමයි ලාල්). 

පොහොසත් ජාතික අධ්‍යාත්මය... | මහේෂ් හපුගොඩ(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අරම මෙහෙම වෙලා මෙහෙම අරම වෙලා එහෙම උනොත්...? | මහේෂ් හපුගොඩ | The Leader