දැන් පොෂ් එවුන් වගේ නෙවෙයි ඒ කාලේ කොල්ලො. ඇත්තටම එකම හොස්ටල් එකේ උන් මාරුවෙන් මාරුවට කමිස ඇන්දේ. එහෙම ඇන්දම හරියට ෆිට්ඔන් නැහැ. වෙලාවකට හිරයි (සිල්ම්ෆිට්). අනික් වෙලාවට ලොකුයි (බැගී).
ලෙක්චර්ස් යන්න හදිස්සියේ තමයි එහෙම අඳින්නේ. මොකද අනික් වෙලාවට ශිෂ්‍ය ක්‍රියාකාරකම් ගොඩක් තියනවා. පෝස්ටර් ව්‍යාපාර. කැට ව්‍යාපාර. රැග් දෙන්න. තෙල දාන්න. පෙළපාලි යන්න. අන්තරේ යන්න. ගේම ඉල්ලන්න වගේ වැඩ ගොඩයි.
ඒ නිසා බොත්තම් නෙවෙයි ජොකා උනත් අනික් පැත්තට අඳින වෙලාවල් තියනවා. ටිකක් වෙලා යනකොට තේරුණාට ජොකා ඇන්දවිලා තියෙන්නේ වැරදි පැත්තට කියල බොත්තම් වගේ ටක්ගාල මාරු කරන්න බැහැ. පැත්ත මාරු වුණාම ටිකක් ටිකක් අවුල් වගේ තමයි. ඒත් අල්ලන් ඉන්නවා.
රබර් සෙරෙප්පු දෙක ජාති දෙකෙන් වගේ තව ගොඩක් අවුල් තියනවා. හැම එකම මතකත් නැහැ. වාසිටි කොල්ලෝ ඔහොම තමයි.
(වාසිටි කොල්ලෝ සිංදුව කිව්වේ ධර්මරත්න බ්‍රදර්ස්)
ෆොටෝ එක අදාල නැත. මුං දෙන්න බොත්තම් වැරදියට දැම්මනම් ඒක ග්ලෝබල් ෆැෂන් එකක්. @Bianca Censori, Kanye West at 2025 Grammy
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



