The Leader News
BREAKING
Top Ad
Opinion

වැලන්ටයින්ලා ගැන ෆ්‍රොයිඩ්

T

The Leader Desk

February 14, 2025 • 5:15 PM

වැලන්ටයින්ලා ගැන ෆ්‍රොයිඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනිත් අයට නං ඕවා බල බල ඉන්නෙ නැතුව පුළුවන් ආදරේ විඳින්න.
  • පිරිමියෙක් දැඩි ලෙස ආදරෙන් බැදෙන්නෙ වෙන කවුරු හරි ඉන්න කාන්තාවකට කියල ෆ්‍රොයිඩ් කියනවා.
  • සියලු අඩුපාඩු ‍නොපෙනී යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කියල බලන්න. අනිත් අයට නං ඕවා බල බල ඉන්නෙ නැතුව පුළුවන් ආදරේ විඳින්න.

On the Universal Tendency to Debasement in the Sphere of Love කියන ලිපියෙ ෆ්‍රොයිඩ් කියනවා ආදරේදි පිරිමියෙකුගේ ආශාව වැඩ කරන ආකාර හතරක් ගැන.

 

1.⁠ ⁠රිදවුම් ලබන තෙවැන්නෙක් සිටීම. පිරිමියෙක් දැඩි ලෙස ආදරෙන් බැදෙන්නෙ වෙන කවුරු හරි ඉන්න කාන්තාවකට කියල ෆ්‍රොයිඩ් කියනවා. පෙම්වතෙක්, සැමියෙක් අඩුම තරමේ තාත්තා කෙනෙක් යටතේවත් ඉන්න කාන්තාවක් සොරා ගැනීම තමයි පිරිමියෙකුගේ ආශාව වැඩි කරන කාරණය වෙන්නෙ.

2.⁠ ⁠ආදරේදි සදාචාරය සහ සමාජ සම්මතය අත්හැර දමයි. පිරිමියෙක් ආදරේදී සදාචාර සීමා සහ සම්මතයන් නොතකා හරිමින් ආශාව ලුහුබැඳ යනවා කියල ෆ්‍රොයිඩ් කියනවා. සියලු තාර්කිකභාවයන් ඉක්මවා ලිංගික ආශාව කඩාහැලෙන්න ගන්නවා.

3.⁠ ⁠ආදරේදී පිරිමියෙක් ගැහැණියට උවමනාවට වඩා වටිනාකමක් දෙනවා. ඇයව පරිසමාප්ත විදිහට පේන්න ගන්නවා. ඇයව වන්දනා කරන්න ගන්නවා. සියලු අඩුපාඩු ‍නොපෙනී යනවා. ඊට පස්සෙ දේවමාතාව සහ වෛශ්‍යාව අතර මානසික අර්බුදයට ඇදවැටෙනවා.

4.⁠ ⁠වේදනාවෙන් තැවුලෙන් ඉන්න කාන්තාවන්ට පිරිමින් වඩා ආශක්ත වෙනවා. ඒ අයව ගලවාගන්න උවමනා වෙනවා. එයින් වීරත්වය ගැන හැගීමක් අත්විඳිනවා. මේ විදිහට ගලවා ගන්නා කාන්තාව නිසා තමන් ගැන වූ නාසිස්මික හැගීමක් පිරිමින් ආස්වාද කරනවා.


ආදරය කියන්නෙ වර්තමානයේ සිදුවන යමක් නෙමෙයි. ඒක අතීතයේ ළමා විය මානසික ගැටුම්, ආතතීන්, බියජනක අත්දැකීම් එක්ක සම්බන්ධ අවිඥාණක තෙරපුමක්. එකවිටම උත්තරීතර සහ පාදඩ යන ප්‍රතිවිරුද්ධ අන්තයන්ගෙ‍ත්, සදාචාරමය සහ විපරීත යන අන්තයන්ගෙත් ආදරය පවතිනවා.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...