The Leader News
BREAKING
Top Ad
Opinion

ඉන්දියාව අපිට දුන්න ඒ රටේ ලොකුම ව්‍යාපාරය අපි එලෝගත්තා | මිලින්ද රාජපක්ෂ

T

The Leader Desk

February 16, 2025 • 11:13 AM

ඉන්දියාව අපිට දුන්න ඒ රටේ ලොකුම ව්‍යාපාරය අපි එලෝගත්තා | මිලින්ද රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ඉතිහාසයේ මුලින්ම සැලසුම්සහගතව විදුලි බිදවැටීම් කලේ 88/89 වකවානුවේ ජවිපෙ කැරළිකරුවන් ට්‍රාන්ස්ෆෝමර් පුපුරුවා හැරීමෙන්.
  • නොරොච්චෝලේ විවෘත කිරීමට මහින්ද රාජපක්ෂට ගුවනින් යන්න වුනේ ජවිපෙ සංවිධානය කර තිබූ ප්‍රචණ්ඩකාරී විරෝධය නිසා බව අසා ඇත්තෙමි.
  • ජවිපෙ විසින්, ආණ්ඩුව සහ රට අමාරුවේ දමා බලය ලබාගැනීමට කල කූට උපක්‍රම ලෙස දැනට පැත්තකින් තබා වර්තමානයේ ආණ්ඩුව නිර්මාණය කරමින් සිටින බලශක්ති අර්බුදය දෙසට හැරෙමු.
  • අදානි සමූහ ව්‍යාපාරය 2022 වර්ෂයේ වෙළදපොල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 206ක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකා ඉතිහාසයේ මුලින්ම සැලසුම්සහගතව විදුලි බිදවැටීම් කලේ 88/89 වකවානුවේ ජවිපෙ කැරළිකරුවන් ට්‍රාන්ස්ෆෝමර් පුපුරුවා හැරීමෙන්. ඒ කාලේ විරුද්ධ පාක්ෂිකයන් සහ හමුදා සාමාජිකයන් ඝාතනය මට තේරුම්ගත හැකි වුවත් පොදු ජන ජීවිතය අවුල් කරමින්, කැරැල්ලෙන් පසු බාරගැනීමට සිටින රටේ, බලශක්ති කොදුනාරටිය වූ ට්‍රාන්ස්ෆෝමර් ටික පුපුරවා හැරියේ ඇයිදැයි මට නොතේරේ.

මට මතක ඉතිහාසයේ නිර්මාණය වූ දැවැන්තම බලශක්ති ව්‍යාපෘති දෙක, සාම්පූර් සහ නොරොච්චෝලෙට හතරවටින් පහර දුන්නේද වසන්ත සමරසිංහ, ලාල්කාන්ත ප්‍රමුඛ කණ්ඩායමයි. එදා සාම්පූර් ඉදිකලානම් අද අපේ විදුලි බිල මීට වඩා ගොඩාක් අඩුය. නොරොච්චෝලේ විවෘත කිරීමට මහින්ද රාජපක්ෂට ගුවනින් යන්න වුනේ ජවිපෙ සංවිධානය කර තිබූ ප්‍රචණ්ඩකාරී විරෝධය නිසා බව අසා ඇත්තෙමි.

ජවිපෙ විසින්, ආණ්ඩුව සහ රට අමාරුවේ දමා බලය ලබාගැනීමට කල කූට උපක්‍රම ලෙස දැනට පැත්තකින් තබා වර්තමානයේ ආණ්ඩුව නිර්මාණය කරමින් සිටින බලශක්ති අර්බුදය දෙසට හැරෙමු.

 

අදානි සමාගමේ තීරණය නිල වශයෙන් අපිට දැනුම් දීලා නැහැ' - බලශක්ති අමාත්‍යංශය

අදානි සමූහ ව්‍යාපාරය 2022 වර්ෂයේ වෙළදපොල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 206ක්. මුලු ලංකාවෙම GDP එක 2023 අවුරුද්දෙ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක් විතර. අදානි සමාගමට ලෝකෙ පුරාම වරායවල්, ගුවන් තොටුපලවල්, බලශක්ති නිෂ්පාදන වගේ නවීන සහ දැවැන්ත ව්‍යාපාර තියෙනවා. අදානි පවර් සමාගමට මෙගා වෝට් 15,250 ක ධාරිතාවකින් යුක්තයි. මුලු ලංකාවෙම පවර් ධාරිතාව මෙගාවෝට් 5024 යි.

තවදුරටත් කිසිම රාජ්‍යයක්, ආණ්ඩුව විදියට ව්‍යාපාර කරන්න එන්නෙ නෑ. එයාලගෙ සමාගම් තමයි එන්නෙ. ඇමරිකාවෙ ෆේස්බුක්, ගූගල් ඉදන් නිව් ෆෝට්‍රස් දක්වා හැමෝම පෞද්ගලික සමාගම්. චීනයේ චයිනා හාබර් ඉදන් සිනොපැක් දක්වා හැමෝම සමාගම්. හැබැයි ආණ්ඩුවටත් ෂෙයා එකක් තියෙනවා. ජපානෙ, එංගලන්තෙ සහ ජර්මනියෙන් පවා ඇවිත් ඉන්නෙ පෞද්ගලික සමාගම්. ලංකාවෙ මැලිබන්, CBL, MAS, Brandix ගෙ ඉදන් රෆෙලා වගේ චායාරූප ශිල්පිනියන් දක්වා වූ හැමෝම වැඩ කරන්නේ ඉන්දියාවේ පෞද්ගලික සමාගම් එක්ක. කොළඹ තියෙන හැම තානාපති කාර්‍යාලයකම ප්‍රධාන රාජකාරියක් තමා එයාලගේ රටේ පෞද්ගලික ව්‍යාපාර අපේ රටේ ප්‍රචලිත කරන එක. අපි බලන හොලිවුඩ්, කොරියන් සහ බොලිවුඩ් චිත්‍රපටිත් පෞද්ගලික ව්‍යාපාර.

 

68c97ac0 ea07 11ef 8e62 09e37ba5b610.png
අදානි ලංකාවෙ පැලකරන්න හැදුවෙ මෙගාවොට් 500 කට ආසන්න ධාරිතාවෙන් යුත් ඇමරිකානු ඩොලර් බිලියන 1 කට ආසන්න ආයෝජනයකින් සමන්විත Wind Power Plant එකක්. ඉන්දියාවෙන් හාල් ගේන්නවත් සල්ලි නැති අපිට මේක වැදගත් වෙන්නෙ ඩොලර් බිලියනය නිසාම නෙමෙයි, මේ හරහා අපි දකුණු ආසියාවේ බලශක්ති වෙළදපොලට එකතුවෙන නිසා. මුල් වතාවට අපිට බලශක්තිය වෙන රටකට විකුණන්න හැකිවෙන නිසා. කලාපයේ ප්‍රබලම බලශක්ති නිෂ්පාදකයාගේ සිතියමට අපිත් ඇතුලත්වෙන නිසා. වෙනත් ඉන්දියානු සමාගම් අපිව විශ්වාස කරන්න පටන්ගන්න නිසා. ලෝකයේ ප්‍රබලම සමාගම් ඩොලර් බිලියන ගණං ලංකාවට ගේන්න බය නොවන නිසා. ලංකාව බිලියන් ඩොලර් අයෝජන වෙළදපොලේ ස්ථානගත වෙන නිසා. ලෝකයෙ ලොකු ෆැක්ටරි මෙහෙට නොඑන හේතුව වන බලශක්ති අර්බුදය අවසන් වෙන නිසා.

අන්ධයාට මැණිකෙ අගය තේරෙන්නෙ නෑ.

 දකුණේ විදුලිය අර්බුදය පිටුපස කාන්තාවක් ! - රහස්‍ය වාර්තාවකින් අනාවරණය වේ !

අදානි ගිය එක ලෝක ප්‍රවෘත්තියක්. එය දෙවැනි වන්නේ රිලව් විදුලිය කපපු එකට විතරයි. අදානි සමාගම යද්දි කියල ගියේ අපිට පල නොකියා පලා බෙදුවා කියලා. යනකම්ම කෙනෙහිලිකම් කලා කියලා. ඉන්දියාවෙ හැම ව්‍යාපාරික සර්කල් එකකම කතාවෙනවා ලංකාවට ස්ථීර බලශක්ති, ආයෝජන හෝ ආර්ථික සැලැස්ක්මක් නෑ කියලා. ලෝකෙට යන්නෙ ඒ පණිවිඩය.

අදානිව එලවගන්නත් යම් මීඩියා කැම්පේන් එකක් ක්‍රියාත්මක වුනා. ඒ සදහා ඇතැම් මාධ්‍යවේදීන්ගේ සිට සමාජ ක්‍රියාකාරීන් දක්වා පිරිසකට එක්තරා රටකින් සල්ලි ගෙව්වා කියලත් කොළඹ කතාවෙනවා. ඒ වගේම ආණ්ඩුවේ එක් කණ්ඩායමක් දැඩි ඉන්දියානු විරෝධයක සිටින බවත් කෙසේ හෝ ඉන්දියානු ව්‍යාපාර වසා දමා ඒ වෙනුවට කාලාන්තරයක් තිස්සේ ඒ අයට මුදල් ගෙවපු රටකට බිස්නස් ටික දෙන්න හදනවා කියලත් එහෙන් මෙහෙන් ඇහෙනවා. මේ කවුරුවත් හිතන්නේ ලංකාවෙ අවශ්‍යතාවය ගැන නෙමෙයි අතට ලැබෙන කීය හරි ගැන.

United Petroleum එකත් ගියා. ලෝකෙ ලොකුම ගෑස් / තෙල් සමාගමක් ඒ විදියට ගියේ මේ ආණ්ඩුව අඩුම ගානෙ ලියුමකටවත් උත්තර දෙන්නෙ නෑ කියලා. දියුණු රටවල් ගනුදෙනු කරන්නෙ 'එකගතාවයන්' මත. එක රටක සමාගමක් එක්ක කඩපුවම ලෝකෙ අනිත් හැමෝමත් ඒක දැනගන්නවා.

 

ට්‍රම්ප් කුණාටුව ඩිමොක්‍රටික් සිහින වනසයි! - (රංජිත් කුමාර සමරකෝන්)

ඉන්දියාව මේ වෙනකොට ලෝකයේ වැඩිම ජනගහණයක් ඉන්න, පළමු වෙනි ආර්ථිකයන් පහෙන් එකක්. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නරේන්ද්‍ර මෝදිගේ හමුව දිහා බලන්න. අපිව නැට්ටටම වැටිච්ච වෙලාවෙත් ගොඩදාන්න ආවෙ ඉන්දියාව ඩොලර් බිලියන 5 ක් අරන්. ඒ ආණ්ඩුවෙන් අපිට දුන්න ඒ රටේ ලොකුම ව්‍යාපාරය අපි එලෝගත්තා. එලවල ඉවර වෙලා පන්න පන්න මඩ ගහනවා. රිලවුන්ට අකුරු උගන්වන්න අපිට බෑ.

 

milinda 2020(සටහන | මිලින්ද රාජපක්ෂ )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 
Milinda.Rajapaksha@gmail.com

(උපුටා ගැනීම - මිලින්ද රාජපක්ෂ ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාව අපිට දුන්න ඒ රටේ ලොකුම ව්‍යාපාරය අපි එලෝගත්තා | මිලින්ද රාජපක්ෂ | The Leader